Tuesday, July 24, 2012

ළමයින්ට Z එක ගිල්ලීම හෙවත් ඇදගෙන නෑම..!!!





"Z ස්කෝර්.."

වර්ෂ දෙදහස් එකොලහේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙල විභහග ප්‍රතිඵල නිකුත් වූ දිනයේ පටන් මහත් කතා බහකට, ආන්දෝලනාත්මක සිදුවීම් ‍රැසකට හේතු ප්‍රත්‍ය වූ මාතෘකාව මේ යැයි හැදින්වීම වරදක් නෑ..

නව විශය නිර්දේශයක් දෙදහස් එකොලහ වසරේ විභාගය සදහා හදුන්වාදීම නිසා දෙවන වර සහ තෙවන වර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් හට විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබීමේදී යම් අසාධාරන තත්වයක් ඇති විය හැකි බව දැන් සෑහෙන කාලයක සිට (එනම් මීට අවුරුදු තුනකට පමන පෙර සිට)කතාවට ලක් වූ කාරනයක්..
නමුත් මෙම මාතෘකාව විශාල වශයෙන් සමාජගත වීම සිදු උනේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි.
එනම් අවදානම දැක වසර තුනකින් පමන..

වඩාත්ම සෝචනීය කාරනාව නම් ,මේ පිලිබදව අදාල වග කිව යුතු පුද්ගලයින් හා ආයතන(විශේශයෙන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව)මේ පිලිබදව දැක්වූ ඇල්මැරුනු ස්වභාවය.
එය මොනවට පැහැදිලි වන්නේ ප්‍රතිඵල නිකුත් කිරීමට ආඩම්බර කාර පියාටද මැදිහත් වීමට සිදුවීම තුලිනුයි.

එහෙත් එලෙස ලබා දුන් ප්‍රතිඵල නිසා ඇති වූ කලබගෑනිය විසදා ගන්නට ගරු අධිකරනයේ පිහිට පැතීමටද සිදු වූයේ පරන නිර්දේශය සහ නව නිර්දේශය තනි කුලකයක් සේ සලකා Z අගය ලබා දුන් නියාය.

අධිකරනය මගින් තීන්දු කරන ලැබුයේ කලින් කිකුත් කරනු ලැබූ Z අගය අවලංගු කොට විශය නිර්දේශ දෙක සදහා වෙන වෙනම Z අගය ගනනය කරන ලෙසයි.

එලෙස ගනනය කරනු ලැබූ නව Z අගය දැන් ලැබී ඇත.
එහෙත් දැන් සිදු වී ඇත්තේ කුමක්ද ???
සිදු වූ අසාධාරනය විසදී ඇත්ද ???

ඒ සදහා දිය හැකි කෙටිම පිලිතුර' "නැත" යන්නයි..!!!


මූලිකවම නැගෙන ප්‍රශ්නය වන්නේ මේ සිදුවූ නොපනත්කම සංබන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමති තුමා හෝ එම ආයතනය වග කිව යුතුද යන්නයි..

මූලිකවම දිය හැකි සරල පිලිතුර වන්නේ "'ඔව්"

එහෙත් ඒ කෙසේද ???

සිදු වූ දේ සම්බන්ධව මුල සිට සලකා බලමු..!

මූලිකවම පිලිගත හැකි කාරනාව වනුයේ අධ්‍යාපන ඇමති කමට පත්වන පුද්ගලයා හෝ විභාග කොමසාරිස් ජනරාල් වරයා Z එක හදන හැටි දන්නේ නැති බවයි..
(එය හිටපු කොමසාරිස් තුමා නං ප්‍රායෝගිකව ඔප්පු කරන ලදී.ඇමති තුමාට දුන්නත් කියන්නේ ඔය ටිකමය)
ඇත්තටම එහි කිසිම වරදක් නැත.
ඔවුන් දෙදෙනා වනාහි සිවිල් නිලධාරීන් මිස අධ්‍යාපන විසේසඤයෝ නොවෙති..!!!!

එසේ නම් දෙදෙනාම එම වරදේ හවුල්කාරයින් වන්නේ කෙසේද ???

මා කලින් සදහන් කල පරිදි මේ ගැටලුව මතු වූයේ ශනිකව නොවේ..

වගකිවයුතු නිලධරයන් ලෙස මෙම ගැටලුව මීට (එනම් ප්‍රතිඵල ලබා දීමට පෙර) පෙර හදුනාගෙන ඒ සදහා නිසි පිලියම් යෙදීමට මේ සම්බන්ධව දැනුම් තේරුම් ඇති පුද්ගලයින් පත් කිරීමට ඔවුන් ක්‍රියා කල යුතුව තිබුනා නොවෙද..
අන්න ඒ කාරනාව සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් වීම සිදි විය යුතුව ඇත..!

අනෙක කාරනාව නම් මේ Z අගය ගනනය කිරීමට නිර්නායක නිර්මානය කරන ලද්දේ රටේ පිලිගත් වියතුන් වන අතර ඔවුන්ද මීට වඩා වගකිවයුතු ස්වභාවයකින් සහ විනිවිද පෙනෙන ස්වභාවයකින් කටයුතු කලේ නම් මැනවි..

මක් නිසාද යත් මේ කටයුතු කරන්නේ අහිංසක ජීව්විතත් සමග කියා ඔවුන්ට හැගීමක් නැතුවා සේ ඔවුන් දෙපිරිසම කටයුතු සිදු කල බැවිනි.

මේ සංබන්ධව තවත් කෝනයකින් බැලීම සිදු කරනවා නම්  Z අගය යනු සැමට සාධාරනයක් සිදු කිරීමට ලබා ගන්නා අගයක් නොවේ..
එය මෙම විභාග රටාවේ පවතින එකිනෙකට වෙනස් විශය ධාරා නිසා ඇතිවන අසමානතාවය දුරු කිරීමට අපට ආනයනය කරන ලද ,බටහිර ගනිතයේ තවත් එක ක්‍රමයක් පමනි..
එම ක්‍රමය මගින් සියලු දෝශ නිවාරනය වන බව ඉන් ගම්‍ය නොවේ..
එනිසා අයෙකුට සාධාරනය ඉෂ්ඨ වීම යනු තවත් අයෙකුට අසාධාරනයක් වීම  විය හැක..!

එහෙත් දැන් ඇති ගැටලුව එය නොවේ..!

අධිකරන තීන්දුව මගින් අහෝසි කරන ලද  පැරනි Z අගය වෙනුවෙන් ගනනය කරන ලද නව Z අගය තවත් ගැටළු රාශියකට මුල පාදා ඇති බව පෙනේ..
ඒ මදිවාට ඒ ගැටලු නොදැක්කා සේ සිටින වගකිව යුත්තන්ගේ ක්‍රියාකලාප නිසා එම ගැටළු උග්‍ර වන බවද මෙ දින වල දකින්නට ලැබේ..

ඇති මූලිකම ගැටලුව නම් දෙවන වර සහ තෙවන වර ඉදිරිපත් වූ අපේක්ශකයන්ගේ Z අගය ආසන්න වශයෙන් 0.2 කින් පහල බැස ඇත..
එසේ වීමේ කාරනාව පැහැදිලිය..
එහි කිසිම ගැටළුවක් නැත..

එහෙත් ගැටළුව මතු වන්නේ එම Z අගයන් සහ පලමු වර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ Z අගයන් හා පෙල ගැස්වීමේදීය..!!!!!

කලින් Z අගයන් අනුව දිස්ත්‍රික් ලයිස්තුවේ මුල සිටි පරන නිර්දේශයේ බොහෝ අයදුම් කරුවන්ව දැන් නව Z අගයන් සහිත ලැයිස්තුවේ සොයා ගන්නටවත් නැත..!!!!
(ඉතින් මැද අග සිටි අය ගැන කවර කතාද ?)

මෙම අපේක්ශකයන් දෙවර්ගයම එකම ලයිස්තුවක පෙලගස්වා ඒ අනුව ඔවුන්ව විශ්ව විද්‍යාල සදහා ‍තෝරා ගනු ලැබුවහොත් සියයට හැටක් හැත්තෑවකට වඩා සුදුසුකම් ලබන්නේ පලමු වර පෙනී සිටි අපේක්ශයයින්ය.. (සමහර විටෙක එය ඊටත් වඩා වැඩි වීමට පුලුවන..!).

නව Z අගයන් පැමිනීමට පෙර "අලුත් නිර්දේශෙන් ලියන අය සියට හැටකුයි,පරන නිර්දේශේ ලියපු අය සියට හතලිහකුයි වෙන විදියට තමා මේ ගමන ගන්නේ"වැනි කතන්දර පැවසූවත් දැන් ඒ ගැන හ්ම් කියන්නේ වත් නැතිය..

පිට කරන ලද ‍රැන්ක් සාදා තිබෙන්නේ මේ දෙගොල්ලෝම එකට අරගෙනය...!!!!

සාමාන්‍යයෙන් අවුරුද්දකදී උසස් අධ්‍යාපනයට පිවිසෙන දරුවන්ගෙන් සියයට හැත්තෑවක්,හැත්තපහක් නියෝජනය කරන්නේ දෙවන සහ තෙවන වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙනුයි...
එහෙත් මෙවට ඒ සියල්ල උඩු යටිකුරු වී ඇත..
උසස් පෙල විභාගයට පෙනී සිටින බහුතරය බොහෝ විට එය ගොඩ දා ගන්නේ දෙවන හෝ තෙවන උත්සාහයේදීය..
මෙවර ඒ බහුතර දරුවන්ට දෙයියන්ගේ පිහිටය...

තවත් කාරනාවක් නම් පලමු වර පෙනී සිටි අපේක්ශකයිනට තවත් අවස්ථා දෙකක් ඉතිරිවත් පවතී..

මේ වර පැරනි නිර්දේශයෙන් පෙනී සිටි අපේක්ශකයිනට සලකන්නේ මේ ආකාරයට නම් ඊලග වසරේ(මෙම ගමන 2012)පෙනී සිටින අපේක්ශකයින් ගැන කවර කතාද...!!

අනික විභාග දෙපාර්තුමේන්තුව පවසන පරිදි තව සති දෙකකින් පැවැත්වෙන විභාගයට දැන් අයදුම්පත් ලබා දුන්නත් ,එම විභාග මානසිකත්වය සති දෙකකින් සාදා ගත හැකිද ??
එලෙස හදිස්සියේ විභාගය ලියා හොද ප්‍රතිඵලයක් ගැනීම සිහිනයකි..!!
මෙය දෙපාර්තුමේන්තුවේ තවත් ජෝක් එකකි..


එහෙත් කිසිවෙක් මේ ගැටලුවට දෙපාර්ශවයටම පිලිගත හැකි විසදුමක් සොයනු වෙනුවට අදාල පුද්ගලයෝ රටට ආතල් සපයමින් සිටිති...!!!!!

අප සමාජයේ පාසල් දරුවා විශ්ව විද්‍යාලය නැමති සිහින සාගරයේ ගිලිවා ඇති බව මුසාවක් නොවේ..

එහෙත් මේ ලෙස ඒ සිහිනයේ ඒ දරුවා අතරමං කර දැමීම ඇත්තෙන්ම සහ ගහන අපරාධයක් නොවේද ?

ඒ සදහා හොදම උදාහරන මේ දිනවල පෙනෙන්නට පටන් ගෙන තිබේ..

අද දිනයේ එක්තරා ස්ථානයකදී (මේ සිරිලංකාවේ වානිජ්‍ය අගනුවර යම් ස්ථානයක) මේ සම්බන්ධව පැවති කතිකාවතකදී එක ශිෂ්‍යයෙක් ප්‍රසිද්ධියේ පැවසුවේ මේ පවතින තත්වය දිගටම පැවතුනොත් තමන් සිය දිවි හානි කර ගන්නා බවයි..
ඒ ඔහු නිදහස් කරන්නට තනන්නේ මේ අසාධාරන ,මුග්ගන්ධ ක්‍රමවේධය නිසා ඔහු මත එල්ලවී ඇති පීඩනය නොවේද ??
මෙලෙස ජීවිත කීයක් මේ නිසා අවධානම් කලාපයේ පසු වේද ?

මේ කිසිවක් කනකට නොගන්නා බලධාරී මහත්හොරු හෙට අනිද්දාට කඩයිම් ලකුනුත් මේ අල්ල පනල්ලේ නිකුත් කරනවා ඇත..
මේ සියල්ලෙන් සිදු වන්නේ දරුවන් කබලෙන් ලිපට වැටීම පමනක්ම නොවේද ?

මේ අතර ලොකුම අවාසනාවන්ත සිද්ධිය නම් මේ සිසුන් වැටී ඇති මර උගුලේ වාසිය ගන්නට තටමන දේශපාලන අනාථයන් සිටීමය..
ඒ බව අදද මනාවට පසක් වූයේ ඉහත සිදුවීම සිදු වූ ඉහත සදහන් ස්ථානයේදී සිදු වූ සිදුවීම පෙලත් සමගය..

ඒ නිසා මේ මර උගුල් වලද නොවැටී සිටීමට සිතට ගැනීම මැනවි..


අවසානයට තවත් එක දෙයක් සදහන් කල යුතුව ඇත..
එනම් මේ අසාධාරනයට ලක්ව සිටින්නේ නිකන්ම නිකං පුද්ගලයින් නොවන බව වගකිව යුත්තෝ පසක් කර ගත යුතුව ඇත.
මේ අපේ භාරකාර පියා පවසන පරිදි මේ රටේ අනාගතයයි..
මේ රට ඉදිරියට යනවාද,පසුපසට යනවාද කියා තීරනය කරන්නේ මේ කොට්ඨාශයයි..
එසේ නම් මේ (දැන හෝ නොදැන)සෙල්ලම් කරන්නේ, පිස්සු නටන්නේ රටේ අනාගතයත් සමගයි..

තාමත් ප්‍රමාද වැඩි නැත..

වගකිව යුත්තන් වගකීම් සහිතව කටයුතු නොකල හොත් මේ රට ආපසු ඉන්දියන් සාගරයේ අමුතු ඇටය වනු වලක්වා ලිය නොහැක..!!!

27 comments:

  1. මේ සේරම කල්ලා තියෙන්නේ බටහිර අදිරාජ්ජ වාදී කුමන්ත්‍රන කරුවෝ.
    http://nohimlokaya.blogspot.com/2012/07/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. හී..
      බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන නැතුවමත් නෙවේ..
      හැබැයි මේක නං අපේ කට්ටියගේ ගොං පාර්ට් හින්ද වෙන වැඩක්..
      මං ඔය පෝස්ට් එක බැලුවා කලින්..
      කියන්න දේවල් ගොඩාක් හිතුන..ඔන්න ඔහේ ඕනෙ නෑ කියල හිතුන.. :D

      Delete
  2. කියල වැඩක් නැ....
    මගෙත් යාළුවො ගොඩක් අවුලෙන් ඉන්නේ මේක නිසා..

    ReplyDelete
    Replies
    1. ඒක තමා පිසා..
      මේක වවාගෙන කනවනේ..ඒකයි..
      නැත්තං විසදුම් නැතුව නෙවේ..

      Delete
  3. නියම ලිපියක් මචන්.. දේශපාලුවන්ගේ කයිවාරු විතරයි. මේ වගේ ප්‍රශ්ණ විසඳන්න කිසිම ප්‍රායෝගික විසඳුමක් හොයන්න ඒ අයට කිසිම උවමනාවක් නෑ. මේවයින් විනාශ වෙන්නේ රටේ අනාගතය.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒක ඇත්ත..
      ඔව්වන්ට චන්දෙ දෙන අපිට ඕව හොද පාඩං..!

      Delete
  4. මේ ප්‍රශ්ණෙට විසදුමක් නොදි ප්‍රශ්න වලින් පැනලා යන්න හදන උත්සහය ගැන නම් ඇත්තටම ඇති වෙන්නේ දුකක්... තුන්වෙනි වර කරන ලමයෙකුට දැන් ඉතින් කාගේ පිහිටක්ද?

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගේ පිහිටවත් නෑ දේව් අයියා..!!!!

      Delete
  5. නාමල් අයියා කිව්වා හොද දෙයක් කරනව කියාල :ඩී

    ReplyDelete
    Replies
    1. නාමල් අයියාට මෙතන කරන්න දෙයක් නෑ මට නං පේන විදියට..
      මං දැක්ක ඊයෙ දිවයින පත්තරේ තියනව UGC එකෙන් කියනවලු එයාලට කරන්න දෙයක් නෑ කියල..දේශපාලනය කරන කට්ටිය එකක් කියනව..
      මෙයාල තව එකක් කියනව..කෝකද හරි කියල හොයන්න බෑ..
      කොහොම හරි කමක් නෑ සාධාරනයක් වෙනව නම්..!

      Delete
  6. ළමයි කොච්චර අවුල් වෙනවද මේ දේ නිසා..අනේ මන්ද..මට මෙහෙම උනානම් මම මැරෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව්..සෑහෙන අවුල් වෙලා..
      නිදහස් අධ්‍යාපනය භාවිතා කරල මේ තත්වෙට ඇවිල්ල ඉන්න අපිට වගකීමක් තියේ ඒ ක්‍රමවේදයේ සාධාරන භාවය ආරක්ශා කිරීම වෙනුවෙන් පනී සිටින්න..එහෙම නේද ?

      Delete
    2. අනිවාරෙන්ම සහෝ..මම දැක්ක ඒ පිළිබඳව ඔබ යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තියනවා.ඒ අදහස නියමයි!

      Delete
    3. සිතූතීයි සහී.(සහෝ කියන එකේ අනික් නම මොකක්ද ඇත්තටම... :ඩී)

      Delete
    4. සහෝදරයා= සහෝ
      සහෝදරිය= සහෝ මද මන්දා....:)

      Delete
    5. අනේ මංද...!!! :)

      Delete
  7. හැමෝම ඇවිත් තමුන්ට හිතෙන දේ කරලා යන්න යනවා. හැම අවුරුද්දක්ම පාසා දරුවන් අතරමන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. එදා ඉදන් අද දක්වාම සිද්ද උනේ ඒකනේ..
      කවුරු හරි එනව..මොනා හරි කරනව..
      එච්චරයි..
      මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති එක අවාසනාවක්..!

      Delete
  8. ඇත්ත.බළධාරින්ට මෙ දේවල් ගැන වැටහිමක්වත්,වටිනාකමක්වත් නැ.

    ReplyDelete
    Replies
    1. සුදුස්සාට සුදුසු තැන නොලැබීම තමා ඔය සේරටම මුල....!

      Delete
  9. "මේ සම්බන්ධව දැනුම් තේරුම් ඇති පුද්ගලයින් පත් කිරීමට ඔවුන් ක්‍රියා කල යුතුව තිබුනා නොවෙද.."
    එය සිදු කලේ දැනුම් තේරුම් ඇති පිරිසක් විසිනි. හරියටම කියනවනම් ආචාර්ය, මහාචාර්ය වරු 9 දෙනෙක් විසිනි. එම කමිටුවේ මුල් තැන ගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් කුලතුංග විසිනි. නම දෙනාගේම නම් මට මතක නැති වුවත් සොයා ගත හැකි නම් මෙසේය,
    මහාචාර්ය KRMT කරුණාරත්න(ජ'පුර)
    මහාචාර්ය සරත් පිරිස් (මොරටුව)
    Dr .දිල්හාරි ආටිගල (කොළඹ)
    Dr. සරත් බන්නාහක

    ඔවුන් විසින් z අගය වෙන වෙනම ගණනය කිරීම මෙන්ම සුත්‍ර දෙක එක් කිරීමේ ක්‍රමය (නැතිනම් "මෙව්වා" කිරීම ක්‍රමය) යන දෙකම අත්හදා බල ඒවා මගින් ලැබෙන ප්‍රතිපලද සලකා බලන ලදී. මේ බව මහාචාර්ය කුලතුංග නඩු තීන්දුවෙන් පසු මාධ්‍ය සාකච්චාවේදී කියුවේය.

    z ලකුණු වෙන වෙනම ගණනය කිරීමෙන් (මහාචාර්ය තට්ල් කිවූ ක්‍රමය මෙයයි. දැන් නඩු තීන්දුවෙන් පසු ක්‍රියාත්මක වෙන්නේද මෙයයි) පළමු වර පෙනී සිටින සිසුන්ට කුඩා අවාසියක් සිදු වේ (වෛද්‍ය සිසුන්ට ගත විට එය 4% යයි සංඛ්‍යා ලේඛන බැලීමෙන් පෙනී යයි). එක් පැත්තකට අවාසියක් වන විට දෙවන තෙවන වර සිසුන්ට ඒ වාසිය ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය මහා අසාධාරණයක් යයි කියා ඒ වෙනුවට කිවූ z අගය වෙන වෙනම ගැනය කිරීමේ ක්‍රමයෙන් පළමු වර සිසුන්ට සැහෙන වාසියක් ඇත වේ (වෛද්‍ය සිසුන්ට ගත විට එය 27% යයි සංඛ්‍යා ලේඛන බැලීමෙන් පෙනී යයි). ඒ වාසිය පිරිමැසෙන්නේ දෙවන/තෙවන වර සිසුන්ගෙනි එනම් ඔවුන්ට 27% අවාසියක් වේ.
    සාධාරණයක් එටු කරන්නට කියා නඩු කියා ගත තීන්දුවෙන් සිදුව ඇත්තේ මහා අසාධාරණයක් බව පෙනේ.


    z අගය ඇතුලත් මුල් ලේඛනය අධිකරණය විසින් බලරහිත හා ශුන්‍ය කර ඇත (null & void). එම ලකුණු ලේඛනයට සිසුන් ගැනීමේ හැකියාවක් නැත. ගන්නවනම් එය අධිකරණ නියෝග පැහැර හැරීමක් යයි අර්ථකථනය කල හැක. ඒ සිසුන් ගත හැක්කේ ඒ තීන්දුව දුන් අධිකරණයෙන්ම යලි අවසර ලබා ගැනීමෙන් පමණි.

    "අනෙක කාරනාව නම් මේ Z අගය ගනනය කිරීමට නිර්නායක නිර්මානය කරන ලද්දේ රටේ පිලිගත් වියතුන් වන අතර ඔවුන්ද මීට වඩා වගකිවයුතු ස්වභාවයකින් සහ විනිවිද පෙනෙන ස්වභාවයකින් කටයුතු කලේ නම් මැනවි.."

    විනිවිද පෙනෙන ලෙස කියා ඔබ අදහස් කරන්නේ තමන් කරනා දෙය සතිපතා පුවත්පත් වලට ලිවීමද? නැත්නම් මාධ්‍ය සාකච්චා තැබීමද? නැතහොත් සියලු දෙනාටම විනිවිද පෙනෙන සේ වැඩය කරන්නේ කෙසේද? මේ වර්ගයේ කමිටු එක්තරා ආකාරයක තාක්ෂණික කමිටුවක්යයි කිව හැක. මුලින් z ලකුණු සෑදු කමිටුව මෙන්ම අලුතින් මේ අවුල ලිහන්න සෑදු කමිටුවද වෙනස් විදිහට, අමුතු විනිවිද පෙනෙන ලෙසකින් වැඩ කරනා බව දකින්නට නැත.

    එසේම අහෝසි කරනා ලද සුත්‍ර සෑදු කමිටුව එය නිවැරදි යයි මතයේම සිටි අතර ඔවුන් ඒ බව ප්‍රසිද්දියේම ප්‍රකාශ කල අතරම, තටිල් කිවූ ක්‍රමයට වඩා ඔවුන් ගේ ක්‍රමය සාධාරණ නිසා එය යොදා ගත බව ද කියා ඇත.

    ඉතින් මුලින් කිවූ ක්‍රමය අසාධාරණ නිසා සාධාරණය කරනා බව කියා නඩු කියා අති විශාල අසාධාරණයක් ඇති කල ගුරු සංගමය හෝ ඒ අසාධාරණය ක්‍රමය වඩා නිවැරදියි අධිකරණයේ සාක්ෂි දුන් මහාචාර්ය තටිල් තමන් අතින් වරදක් වූ බව තාමත් කියාත් නැත. කියනෙත් නැත.


    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=55400

    ReplyDelete
    Replies
    1. සෑහෙන වැදගත් විස්තරයක් සහෝ..
      මං අර "විනිවිද සභාවයකින් කටයුතු කලේ නම් මැනවි" කියල කියපු එකෙන් අදහස් කලේ සාමාන්‍ය ජනතාව මේ පිලිබදව පොඩ්ඩක් දැනුවත් කරන්න කටයුතු කලා නං හොදයි කියන අදහසින්..!

      Delete
    2. z අගය සැදීමට ගත ක්‍රමය සාමාන්‍ය ජනතාවට තේරුම් යයිද කිව්වට? තේරෙයි ආචාර්ය ගුණතිලක වගේ වගු ආශ්‍රයෙන් පැහැදිලි කලොත්. සාමාන්යෙන් එහෙම කරන්නේ නෑ. මේ සැරේ එහෙම කලෙත් නෑ. දැන් ඔය තටිල් ඉන්න කමිටුවත් එකේ වැඩ ගැන මහජනයාට සැරින් සැරේ කියන්නේ නැනේ.

      Delete
  10. කලින් කතාව වැඩි පුර යමක් ලෙස කියන්නේ නම් නිර්මාල් ආචාර්යතුමා හෝ විශ්ව විද්‍යාල අච්රවරුන්ගේ සංගමයේ ලොක්කන් "අපි සියලුම සිසුන් ගන්නට ලැස්ති" කියා කොතරම් පොර ටෝක් දුන්නත් (වගකීමෙන් වැඩ කිරීම ගැන කතා කරනා කාලයක), සමහරවිට ඒ මහතුන් සිටින පීඨ නම් (කලා, ඉතිහාසය, මානව විද්‍යා ආදිය) කැමති ආකාරය විශාල කර වැඩි සිසුන් පිරිසක් ගැනීමේ හැකියාවක් ඇති ඒවා විය හැක. නමුත් වෛද්‍ය, ඉංජිනේරු ආදිය එසේ රබර් මෙන් අදින්නට නොහැකි බව කියන්නට කැමැත්තෙමි.ඔවුන් ඒ ටෝක් දෙන්නේ ඒ පසු කිවූ ඒවායේ ආචාර්ය වරුන්ගේ අසාද?

    ReplyDelete
    Replies
    1. පොර ටෝක්ස් දීම මේ රටේ කාගෙ කාගේත් ගතියක් අනේ..
      ඒක ආචාර්ය වරුන්ටත් එහෙමම තමා..! :D

      Delete
  11. සාමන්‍ය ජනතාව, O /L පාස් නැති දේශපාලුවෝ පොර ටෝක් (මෙලෝ තේරුමක් නැතුව දෙඩවීමත්) දුන්නට රටේ "බුද්ධිමත්" කියා ගන්න පිරිස පොර ටෝක් (මේවා පොර ටෝක් නෙමේ කරන්න බැරි වැඩ) දීම එක වගේද?

    ReplyDelete
  12. ඔහේට මක්කැයි උනේ?
    බ්ලොග් ලියන්නේ නැත?
    කෝස්වර්ක් ගහනවා ඇති නේද? ජයවේවා!

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....