Monday, May 16, 2011

මං 3G සිග්නල් හෙව්ව හැටි......

මුලින්ම කියන්නම්කෝ, මට මේ පෝස්ට් එක දාන්න හිතුණේ නුවන් අයියගේ ගීත්ගේ වියුණු සටහන් කියන බ්ලොග් එකේ තිබුණ නව වසරේ Dial-Up සිට HSDPA වෙත [3G Signal සෙවූ මෙහෙයුම]කියන ලිපිය දැකල....

මොකද මාත් එයා වගේම මාර කට්ටක් කාල තමා 3G සිග්නල් හොයා ගත්තේ.....හික්

ජාල ගත වෙන්න තිබුණ ආශාව හින්දම මාත් ගෙදරින් අඩල අඩල ගාණක් කඩාගෙන ඩොන්ගල් එකක් ගත්තා..මෙන්න බොලේ වැඩේ කියන්නේ ඩොගා ගෙනල්ල හයි කරල බැලින්නම් මගේ කොම තියන තැනට WCDMA  සිග්නල් පෙන්නන්නේනෑ.....
ඊට පස්සේ කොම ගේ හතර වටේටම අරන් ගිහින් ඩොගා හයි කර කර බැලුව...මොන WCDMA සිග්නල් ගෑවිලාවත් නෑ..අන්තිමට ඇඩෙන සයිස් එකටම ආව...මොනා කරන්නද....

ටිකක් කූල් එකේ ඉන්න ගමන් අයිඩියා පාරක් දාල බැලුවා මොකද කරන්නේ කියල....

ඔන්න එතකොට තමා කල්පනා උණේ ඩොගා ළගට 3G සිග්නල් එන්නේ නැත්නම් ඩොගා 3G සිග්නල් තියන තැනට අරන් ගියා නම් හරිනේද කියල....
අමාරුවෙන් 3G ෆෝන් එකක් හොයාගෙන 3G සිග්නල් එන තැනක් නම් හොයා ගත්තා....
ඒත් එතනට මගේ කාමරේ ඉදන් 5m විතර දුරතියනව.. මදිවට එතන තියෙන්නේ ගේ ඇතුළෙ නෙවේ..එළියේ...හික්.....(කාල වරෙන්කෝ)

ඔන්න එතකොට තමා ගණදෙවි නුවන කියන එක පහළ උණේ.......

ඩොගා එක්ක හම්බ උණා 1m දිග USB කේබල් එකක්...ඕක කැපුව දෙකට මැදින්...(හෆෝයි)
5m 
දිග ,ගෙවල් වයරිං කරන්න ගන්න කම්බි 4 කුත් හොයා ගත්තා...
USB 
කේබල් එකේ දෙපැත්ත  කම්බි 4  පිළිවෙළට තියල පෑස්සුව....දැන් ඔය තියෙන්නේ 6m විතර දිග USB කේබල් එකක්.......හික්

ඔය විදියට හදා ගත්තු කේබලේ වැඩ කරනවද බලන්න කොම් එකේ තියන USB 1 පෝර්ට් එකට හයි කළා...මළා ..ඒකෙන් නම් අදුනගන්නේ නෑ....(හීනියට දාඩිය පාරකුත් දැම්මා...)

කෝකටත් කියලා USB 2 පෝර්ට් එකකටත් සෙට් කළා.....අම්මෝ...වෙලාව..යන්තම් අදුන ගන්නවා.ඒත් අදුන ගන්නේ USB 1 එකකට හයි කළා කියල...
කමක් නෑ කොහොම හරි වැඩනේ....

ඊට පස්සේ ගත්තා අහක දාල තිබුණ පරණ බූස්ටර් එකක පෙට්ටිය......
බූස්ටර් සර්කිට් එක ගලවල දාල ඒක ඇතුළට ඩොගා දාල ටැප් එකටඅල්ලල බැලුවා ඩොගා තෙමෙනවද කියල......
මොන වතුර බින්දුවක්වත් යන්නෙ නෑ......(එලම තමා)

ඊටපස්සේ බූස්ටර් පෙට්ටිය ගැල්වනයිස් බටේක එල්ලුවා පොළවේ ඉදන් 5m විතර උසින් ...
(
දැන් ඩොගා තියෙන්නේ බූස්ටර් පෙට්ටිය ඇතුළේ...)

ඊට පස්සේ අර හදා ගත්ත කේබ්ල් එකෙන් ඩොගයි,කොමයි සෙට් කොලා.......
අම්ම ගහයි බැට් එකෙන්..මෙන්න පෙන්නනවා සිග්නල් දෝරෙ ගලා යන්න......!!!

කනෙක්ට් කළහම HSDPA සිග්නල් ස්ට්‍රෙන්ත් එක 99% පෙන්නනවා....
බොරුයි කියල හිතෙනව නම් ඔය තියෙන්නේ......


ඔන්න ඔහොම තමා මම ජාල ගත වෙන්න වැඩේ හදා ගත්තේ...හික්
(
 දවස් වල දන්නේ නෑ නෑනේ ඕවගේ වැඩ වලට හදපු USB කේබල් තියනවයි කියලා...දැන් නම් දාල තියෙන්නේ ඒව එකක්....)පොඩි අවුලකට තියෙන්නේ හිටපු ගමන් කනෙක්ෂන් එක නොට් රෙස්පොණ්ඩින් වෙන එක තමා...වෙන කිසිම අවුලක් නෑ.......(හැබැයි FB එකේ චැට් කරන කොට එහෙම උනාම නම් එපා වෙනව...)

32 comments:

  1. මම කිව්වනෙ මම දාල තියෙන්නෙ 1.5M එකක් කොහෙද ඒත් සිග්නල් ස්ට්‍රෙන්ත් එක 10/99 වඩා එන්නෙ නෑ...ඩයලොග් මගුලක්නෙ :P :P

    ReplyDelete
  2. කොහොමද ටිකිරි මොලේ..................

    ReplyDelete
  3. ඒක වෙලාව තමා මචේ....හික්ස්

    ReplyDelete
  4. @අනෝ....ඒකනේ ඒකනේ....

    ReplyDelete
  5. නියමයි මලේ... මටත් ඕක ඒ දවස් වල මහ වදයක් වෙලා තිබුනෙ. දැං යාංතං ADSL වලට මාරු උනා..

    ReplyDelete
  6. වහලේ උඩ කුඩයකින් වහලා නේද ඩොන්ගා තියෙන්නේ.....හිකාස්ස්ස්ස්.....

    ReplyDelete
  7. @ හිම අක්කි....ම්හ්..අපිට නම් ADSL සිහිනයක් තමා...
    :D

    ReplyDelete
  8. @ ඇනෝ...නැතුව නැතුව...වැඩි ආරක්සාවටනේ..!!!!

    ReplyDelete
  9. එල කොල්ලෝ එල.....ඔය මොළේ අව්වට නම් රත් වෙන්න දෙන්න එපා......වටිනා දැනුම මැකිලා යාවි...අපරාදේ නේ.... :D :D

    ReplyDelete
  10. නැතුව නැතුව...දැන් වැඩිය අව්වේ ඉන්නේ නෑනේ...හික්..:P :P

    ReplyDelete
  11. මමත් CDMA එකෙන් අවුරුදු 2 ක් විතර දුක් විදලා බොහොම අමාරුවෙන් ADSL ගත්තා. බිල ඇරුනම ඒකත් හරි simple ප්ලෑන් එකක්

    ReplyDelete
  12. හික්ස්..ඒක හරි..!!!

    ReplyDelete
  13. මටත් ගැලපෙන්ම ක්‍රමය.. හැබැයි ඉතින් අපේ ගෙදර හතර මායිමකට වත් 3G සිග්නල් අහු වෙන්නේ නැතුව ඇති.... :(((

    ReplyDelete
  14. නියමා................යි
    මරු.....උබටත් මාර අයිඩිය තමා එන්නේ.
    කිව්වට විශ්වාස කරන්න,මමත් ඩොන්ගිය ජනෙල්ලේ උඩම තැන එල්ලලා තියෙන්නෙ,දිග USB කේබල් එකක් පාවිච්චි කරලා....හික්ස් ;)

    ReplyDelete
  15. ඔක්කොම හොඳයි බාසාව තමා මලේ හරි නැත්තේ... සිංහල බාසාව ඔයිට වැඩිය ලස්සනට පාවිච්චි කරන්ඩ පුළුවන්..බාසාවක්.. වචන ඕනපදන්..

    ReplyDelete
  16. ෂහ් මලයා ටිකිරි මාරිද කන්නෙ ......

    ReplyDelete
  17. @චතුමිතු -එතකොට දැන් නෙට් එන්නේ කොහොමද ?
    :D

    ReplyDelete
  18. @Samitha-හී හී...
    මං දැනං හිටියේ නෑනේ ඒ දවස් වල ඔය USB කේබල් එකක් එනව කියල...නැත්තම් මාත් ඒ කේබලේ තමා යූස් කරන්නේ මුල ඉදල...

    ReplyDelete
  19. @Senna-ඇත්ත ..මාත එකගයි.!!!.(තාම එහෙම පරිනත භාවයක් නෑනේ...) අනික මං ලිව්වේ මට හොදයි කියල හිතුන සිංහලෙන් ...(බජාර් බාසාවෙන් වගේ,,හී)

    ReplyDelete
  20. @පන්සල් හංදිය-නැතුව නැතුව...හී
    කොහොමද ටිකිරි මොලේ...!!!!

    ReplyDelete
  21. ලොවෙත් නැනේ මල්ලි....එලම එල....

    ReplyDelete
  22. @මකුළුවා.....-තෑන්ක්ස් මකුලු අයියා...!!!

    ReplyDelete
  23. ඩොන්ගලේට ටිකක් සැර කරා නම් හරිනේ

    ReplyDelete
  24. @Didi-වැඩක් නෑ අප්පා..
    මේ ඩොන්ගා ටිකක් නාහෙට අහන්නේ නැති එකෙක්..
    ඉතින් සැරකරල විතරක් මදි...
    දඩුවමුත් දෙන්න ඕනා..හී හී

    ReplyDelete
  25. ඔය එල කොල්ලෙක්නෙ

    ReplyDelete
  26. ඔය එල කොල්ලෙක්නෙ

    ReplyDelete
  27. ඔය එල කොල්ලෙක්නෙ

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මේකට හොදම විසදුම තමයි සැටලයිටි dish එකක ඩොගාව රදවන එක ඊට පස්සේ සිග්නල් එන දිශාවට dish එක හරවන්න https://picasaweb.google.com/114318079554205816717/July162012

    ReplyDelete
    Replies
    1. එල එල...තෑන්ක්ස්..!!!

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....