Thursday, November 3, 2011

අවසානයි ප්‍රේමාන්දරේ ..!!! - දෙවන කොටස




ඕන්න ඉතින් උදේ පාන්දර අයේශගේ මැසේජ් එකට මාව ඇහැරුනා කිව්වනේ...
මාත් ඉතින් නිදිමතේම බැලුව මැසේජ් එක..
ඇයි දෙයියනේ ඊයේ ඉදන් බලාගෙන හිටියනේ උත්තරයක් ලැබෙනකං...

මැසේජ් එකේ විදියට අයේශට මීටර් නෑ මං මේ කවුරු ගැනද අහන්නේ කියල..
හපෝ..මොනා කරන්නද..
ඕන්න ඔහේ තව පොඩ්ඩක් විස්තර ටිකක් කියල මං මැසේජ් එකක් දැම්ම...
අහ්..මේන්න මං මූන එහෙම හෝදගෙන එකනකොට ඒ මැසේජ් එකට රිප්ලයි එකක් ඇවිත්..!
අම්ම ගහයි බැට් එකෙන්..
වැඩේ හරි..
අයේශට මීටර් මං මේ කියන්නේ කවුරු ගැනද කියලා...!!!!

හරි ..මං හිතපු විදියම තමා..
මාත් ඉතින් ගොනා වගේ අයේශට ආයේත් මැසේජ් එකක් දාල ඇහුවා ඉශාරාගේ නම්බර් එක තියේද කියල...ම්හ්...
ඒකට නම් අයහපත් ප්‍රතිචාරයක්...හ්ම්...

දැන් ඉතින් මොනා කරන්නද...
ඉදපන්කෝ සති දෙකක්....

ඕන්න ඔය අතරේ තමා මරු වැඩක් සිද්ද උනේ...


කොහොම හරි එදාම රෑ මගේ ෆෝන් එකට දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් එනවා 
"හායි ඩියර්..කොහොමද..? අදුන ගන්න බැරිද"
 කියල...
මං කොහොම අදුනන්නද දෙයියනේ...!!!!

මාත් රිප්ලයි එකක් යැව්වා "දන්නේ නෑනේ" කියල...

අහ්..මේන්න හැරෙන තැපෑලෙන් උත්තරයක් එනව
"මම ඉශාරා..අද දවල් මට ගයානුයි වරුනයි දෙන්නව ටවුන් එකේදි හම්බ උනා..මන් එයාලගෙන් ඔයාගේ නම්බ්ර් එක ඉල්ල ගත්තා" කියල......

අම්මට සිරි..
මාව නිකන් ශොක් උනා වගේ උනා...
දෙන දෙයියෝ පස්සෙන් පන්න පන්න දෙනව කියන්නේ මේ වගේ ඒවටනේ දෙයියනේ..
විස්වාස නැති හින්දා කෝකටත් මං ගයාන්ට කෝල් එකක් දාලම බැලුව ...
බලනකොට වැඩේ ඇත්තලු...
එහෙනම් ඉතින් ඉබ්බ දියට දානකොට ඇන්නෑවෙ කිව්වලු... 
දිගටම මැසේජ් වැඩේ කන්ටිනිව් කරගෙන ගියා...
පැය 3ක් විතර යනකොට මෙන්න බොලේ වැඩේ අමුතුම තාලෙකට සිද්ද වෙනව...
කොටින්ම කියනව නං ඒ මැසේජ් වල හැටියට එයා මගෙන් යාලු වෙන්න අහනව වගේ වැඩක් වෙනව...

මෙච්චර වෙලා සීරියස් පිට හිටපු මට දැන් නම් වැඩේ මොකක් හරි අවුලක් වගේ දෙයක් පේන්න ගත්ත..
ඒත් එහෙම වෙන්න විදියකුත් නෑනේ..
මොකද ගයාන් හරි කිව්ව කියන්නේ මේ අපි කියනව වගේ පචයක් වෙන්නත් බෑ...

මං කෝකටත් කියල ආයේත් ගයාන්ට කෝල් එකක් අරගෙන සීරියස් පිටම ඇහුව මේ සීන් එක ඇත්තද බං කියල..
මේන්න ඒ සැරේ මේකා පොඩ්ඩක් අදි මදි කරල 
"ඔව් ඔව් බන්...සිර තමා..ඒත් උබ දැන්ම මොකුත් අනවශ්‍ය දේවල් එහෙම අහන්නේ නැතිව ඉදින් " කියල කිව්ව...

හ්ම්..
ගයාන් කිව්ව නම් ඉතින් ආයෙ සැක කරන්නේ මොකටද කියල හිතල මාත් දිගටම මැසේජ් කරගෙන ගියා...
කොහොම හරි රෑ 11 විතර වෙද්දී (එදා මතක ඇති විදියට ලංකාවයි තවත් රටකුයි සෙල්ලම් කරපු මැච් එකක් ගියා..) මේකි මගෙන් යාලු වෙන්නම අහනව වගේ තත්වෙකට ආවනේ...

ඕන්න එතකොටම වගේ ගයාන් මැසේජ් එකක් දානව
 "අඩේ මචං,මට උබට බොරු කරන්න මට මොකක්ද වගේ..ඔය මැසේජ් කරන්නේ ඉශාරා නෙවේ.. අපේ වරුනය " කියල..

හපොයි..
වෙලාව හොදයි....
යාන්තම වැඩිය බයිට් වෙන්නේ නැතුව බේරුනා...
බැරි වෙලාවත් ගයාන් එහෙම මැසේජ් එකක් නොදාන්න මං ආයේ ටවුන් එකට ගිහිනුත් ඉවරයි....


ඕන්න කොහොමින් කොහොම හරි ඒ සති දෙකත් ගෙවිල ගියා කියමුකෝ...

ආයේ පන්ති තියන දවසත් ආව...
හම්මේ...
එදා උදෙන්ම නැගිටල..
අලුත්ම අලුත් කිටක් එහෙම ගහල,අනික් කට්ටියටත් කලින් ගියා පන්තියට....

ම්හ්..තාම කවුරුවත්ම නෑ....

ටික වෙලාවක් ගියා..
මෙන්න ගර්ල්ස්ලා තුන් දෙනෙක් පඩිපෙල හෙමින් සැරේ නැගගෙන ,පොඩි කයියකුත් දාගෙන එනව.......!!!!!!!!!!

(හෙට එක්සෑම්..ඉතිරිය පසුවට....)