හරි..ගත්ත චාමර අයියට කෝල් එකක්..
අපරාදේ කියන්න බෑ.
හැරෙන තැපෑලෙන් ෆෝන් එක කට් කරල මෑන් මට ආපහු ගත්ත...
එහෙම තමා එයගෙ හැටි..
අපි වගේ විරැකියාවෙන් පෙලෙන මනුස්සයෙක් නෙවේනේ...
"අහ්..මල්ලි කියන්න.."
"මේකයි චාමර අයියේ..පොඩි සීන් එකක්...බ්ලා බ්ලා..."
මං සීන් එක අකුරක් නෑර කිව්ව...
"ම්ම්ම්..හරි මල්ලි..කලබල වෙන්න දෙයක් නෑනේ...සතියක් තියේනේ..මන් හවස එන්නම් ගෙවල් පැත්තේ...ඇවිත් කතා කරමූ.. "
හවස හය වෙනකොට මෑන් අපේ ගෙදර..
කොම් එකේ සින්දුවකුත් හයියෙන් දාගෙන අපි දෙන්න කතාව. (ඒව ගෙදර කාට හරි ඇහුනොත් එහෙම ..හී හී..වසල හමාරයිනේ...)
කතාව අතරෙදි මං ඉශාගෙ(ඉශා කිව්වේ ඉතින් ඉශාරට හොදේ...)පොත පෙන්නුව...
ඒකේ තිබුන නිසදස් පෝලිම දැකපු ගමන් චාමර අයියා කියපි
"අයියෝ මල්ලි..මේ තියෙන්නේ ..
අපි මේ එකක් දාල කාඩ් එකක් හදල දෙමු..මදි වගේ හිතෙනව නම් අවුරුදු සුබපැතුම් කාඩ් එකකුත් හදල දෙමූ.."
ඔය තියෙන්නේ...
මාත් ඉතින් හා තමා...
"හරි මල්ලි, මං කාඩ් දෙක හදල දෙන්නම්. ඔයා මේ නිසදස ටයිප් කරල මට මේල් එකක් දාන්න..එහෙනම් මං කැපුනා...." ආයෙත් චාමර අයිය..
මොකද එයා ඒ දවස් වල වැඩ කලේ ස්‍ටුඩියෝ එකක ෆොටෝ එඩිට්ර් කෙනෙක් විදියට..
මේ තියෙන්නේ ඒ නිසදස...
මගේ ආත්මය.....!!!
ඔබ ගැන දැනෙන සිතුවිලි වල නිමාවක් නොමැත.
එම සිතුවිලි අමතක කරන්න හදන හැම මොහොතකම
එම මතකයන් වැඩි වැඩියෙන් ගලා ඒ
මම නොදනිමි එක මොහොතක්වත්
නුබ මගේ හද තුල මා දැනුවත්ව නොසිටියත්.....
නමුත්,
මගෙ හද තුල
සිටින එකම පුද්ගලයා නුබයි
මට දැනගන්න පුලුවන්නම් ඔයාගෙ සිතුවිලි
මා ගැන
එවා මොනවා උනත් කමක් නෑ!!!!
මම නුබට ආදරෙයි"
එය කිසි දිනක වෙනස් නොකරමි.......!!
හරි...
කිව්ව වගේම අගහරුවාදට දවස් දෙකකට කලින් කාඩ් දෙකම මගේ අතේ...
ඉතුරු දවස් දෙකත් හරිම හෙමින් ගෙවිල ගිහින් අගහරුවාද උදෙත් උනා..
වෙනද අටයි කාලට විතර නැගිටින මම,එදා උදේ හය වෙනකොට ඇහැරල...
කෙල්ලෙක් මේ විදියට හම්බ වෙන්න යන පලවෙනි දවස තමා අද...
ඉතින් හිතේ බයකුත් නොතිබුනාම නෙවේ..
ඒක හින්දා දන්න කියන එකෙක් එක්ක යන එක හොදයි කියල හිතුන..
ඔය වෙලාවෙ තමා තුශාර අපේ ගෙදර එන්නේ...
තුශාර කියන්නේ මගේ පොඩිකාලේ ඉදලම යලුවෙක්...
අපේ ගෙවල් ලගම තමා ගෙවල් එහෙමත්..
මේ වෙනකොට මෑනුත් දන්නව මේ සීන් එක...
"මචං..අද මෙන්න මෙහෙම වැඩක් හිතාගෙන ඉන්නව..වරෙන්කෝ මාත් එක්ක යන්න.."
ඒ මගේ ඉල්ලීම..
"හරි බං,යමං යමං.."තුශාර එක පයින්..
ගෙදෙට්ට කියන්න හේතුවකුත් තියෙන්න එපැයි හදිස්සියේම මෙහෙම ටවුන් යන්න...
ඔන්න ඔහේ ඇත්තම කිව්ව...
යාලුවෙක්ට පොතක් දෙන්න යනව කියල...
හැබැයි යාලුව කව්ද කියල කිව්වෙ නම් නෑ..හී
ඉශාරගේ පන්තිය ඉවර වෙන්නේ දොලහ හමාරට (හරියටම මතක නෑ ඒක නං) විතර වගේ....
ඉතින් යාලුවයි මමයි හරියටම ඊට පැය බාගෙකට විතර කලින් රත්නපුර ටවුන් එකේ ස්ටෑන්ඩ් එකේ ටැන්කිය යටට ආව(එතෙන්ට තමා එයා එන්න කියල කිව්වේ.. )
ම්හ්..
දැන් විනාඩි හතලිස් පහක් විතර අපි දෙන්න එතන කට්ට කනව...
කෝ ..එනව තියා එන පාටක් වත් පේන්න නෑ...
යාලුව තවත් එකෙක් එක්ක සෙට් වෙලා බර කයියක් දගෙන...
උන්ගේ ඉස්කෝලෙ බැජෙක්ද කොහෙද...
මං ඉතින් මීටරේ දාගෙන හතර වටේම ඉශාරව හොයනව..
ඕන්න ඔහොම ඉන්නකොට කවුරු හරි කෙනෙක් මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට තට්‍ටු කලා...
මට එච්චර තේරුනේ නෑ ඒක..
මෙන්න ආයෙත් සිනිදු අතකින් මගේ පිටට තට්‍ටුවක්....
ඒ සැරේ නම් මං පිටිපස්ස හැරිල බැලුව...
අහ්.....!!