Wednesday, May 11, 2011

රැකියාවක් සොයා කට්ටක් කෑවෙමු..........!!!!!

හෆ්ෆා...ඊයේ(2011-05-10) තරම් රස්තියාදු උණ දවසක් මගේ මේ රස්තියාදු ජීවිතේ නැතුව ඇති...හික්...

කතන්දරේ කෙටියන් කියනව නම්,මගේ යාළුවෝ සෙට් එකක් AL එහෙම කරල කාරිය ගෙදරට වෙල ඉන්න ගමන් නිකන් කහනවටවගේ SI යන්න ඇප්ලිකේෂන් දාල....
මුන්ට ඊයේ(2011-05-10)  සම්මුඛ පරීක්ෂණේට එන්න කියල ලියුම ඇවිත්....
ජීවිතේ පළමු වතාවට යන ඉන්ටව් එක හින්දා මුන් සෙට් එක මේ අහක ඉන්න මාවත් සෙට් කර ගත්තේ නැතැයි.
(එහෙම තමා පොඩිළමයි වැදගත් තැනකට යනකොට දැනුම් තේරුම් තියන මං වගේ පොරක් අරගෙන යන්න ඕනනේ...හික්)

උදේ 7  තමා එන්න කියල තිබුණේ....කොහොම කොහොම හරි 8  විතර ඉන්ටව් එකට ගිය කියමුකෝ.....
හෆ්ෆා ඊට පස්සෙ බලා හිටියා හිටියා හිටියා....මොන අපේ එකෙක්වවත් ඉන්ටව් කරන පාටක් නෑ......
එතනට වෙලා බලා ඉන්න නම් බැරියැයි....හෆ්ෆා..මාත් එක්ක සෙට් උණා මහා ජිල් බුවෙක්..!!!උගේ වැඩේ  ගැන පම්පෝරිය...ඉවරයක් වෙන පාටක් නෑ.මන් අරෙහෙමයි,මෙහෙමයි...මෙන්න මේවත් කරලතියනව...අයියෝ...ලොල්..කොහොම කොහොම හරි උගෙන් ගැලවුනා යන්තම් පැය 2ක් විතර කතන්දර අහලා....
මේ තියෙන්නේ ඊයෙ ඉන්ටව් එකේ පින්තූර ටිකක්....... (මට වෙන කරන්න දේකුත් නැති හන්දා ෆෝන් එකේ කැමරාව හැම පැත්තටමඅල්ල අල්ල හිටියා...හික්..











ඔය ඉන්නේ අපි කට්ටිය



කොහොම හරි ඉන්ටව් කේස් එක ඉවර වෙලා ගෙදර එනකොට හවස 5 ත් පහු වෙලා....

ප/ලි

ඊයෙ රස්තියාදු උනා කියල මට නම් පාඩුවක් උනේ නෑ.....මගේ ජීවිතේට වැදගත්ම වෙන වැඩකුත් හවස් ජාමේ කර ගන්න පුලුවන් උනා....හික්...
(විස්තර පසුවට....දන්නෝ දනිති..)