Monday, May 16, 2011

මං 3G සිග්නල් හෙව්ව හැටි......

මුලින්ම කියන්නම්කෝ, මට මේ පෝස්ට් එක දාන්න හිතුණේ නුවන් අයියගේ ගීත්ගේ වියුණු සටහන් කියන බ්ලොග් එකේ තිබුණ නව වසරේ Dial-Up සිට HSDPA වෙත [3G Signal සෙවූ මෙහෙයුම]කියන ලිපිය දැකල....

මොකද මාත් එයා වගේම මාර කට්ටක් කාල තමා 3G සිග්නල් හොයා ගත්තේ.....හික්

ජාල ගත වෙන්න තිබුණ ආශාව හින්දම මාත් ගෙදරින් අඩල අඩල ගාණක් කඩාගෙන ඩොන්ගල් එකක් ගත්තා..මෙන්න බොලේ වැඩේ කියන්නේ ඩොගා ගෙනල්ල හයි කරල බැලින්නම් මගේ කොම තියන තැනට WCDMA  සිග්නල් පෙන්නන්නේනෑ.....
ඊට පස්සේ කොම ගේ හතර වටේටම අරන් ගිහින් ඩොගා හයි කර කර බැලුව...මොන WCDMA සිග්නල් ගෑවිලාවත් නෑ..අන්තිමට ඇඩෙන සයිස් එකටම ආව...මොනා කරන්නද....

ටිකක් කූල් එකේ ඉන්න ගමන් අයිඩියා පාරක් දාල බැලුවා මොකද කරන්නේ කියල....

ඔන්න එතකොට තමා කල්පනා උණේ ඩොගා ළගට 3G සිග්නල් එන්නේ නැත්නම් ඩොගා 3G සිග්නල් තියන තැනට අරන් ගියා නම් හරිනේද කියල....
අමාරුවෙන් 3G ෆෝන් එකක් හොයාගෙන 3G සිග්නල් එන තැනක් නම් හොයා ගත්තා....
ඒත් එතනට මගේ කාමරේ ඉදන් 5m විතර දුරතියනව.. මදිවට එතන තියෙන්නේ ගේ ඇතුළෙ නෙවේ..එළියේ...හික්.....(කාල වරෙන්කෝ)

ඔන්න එතකොට තමා ගණදෙවි නුවන කියන එක පහළ උණේ.......

ඩොගා එක්ක හම්බ උණා 1m දිග USB කේබල් එකක්...ඕක කැපුව දෙකට මැදින්...(හෆෝයි)
5m 
දිග ,ගෙවල් වයරිං කරන්න ගන්න කම්බි 4 කුත් හොයා ගත්තා...
USB 
කේබල් එකේ දෙපැත්ත  කම්බි 4  පිළිවෙළට තියල පෑස්සුව....දැන් ඔය තියෙන්නේ 6m විතර දිග USB කේබල් එකක්.......හික්

ඔය විදියට හදා ගත්තු කේබලේ වැඩ කරනවද බලන්න කොම් එකේ තියන USB 1 පෝර්ට් එකට හයි කළා...මළා ..ඒකෙන් නම් අදුනගන්නේ නෑ....(හීනියට දාඩිය පාරකුත් දැම්මා...)

කෝකටත් කියලා USB 2 පෝර්ට් එකකටත් සෙට් කළා.....අම්මෝ...වෙලාව..යන්තම් අදුන ගන්නවා.ඒත් අදුන ගන්නේ USB 1 එකකට හයි කළා කියල...
කමක් නෑ කොහොම හරි වැඩනේ....

ඊට පස්සේ ගත්තා අහක දාල තිබුණ පරණ බූස්ටර් එකක පෙට්ටිය......
බූස්ටර් සර්කිට් එක ගලවල දාල ඒක ඇතුළට ඩොගා දාල ටැප් එකටඅල්ලල බැලුවා ඩොගා තෙමෙනවද කියල......
මොන වතුර බින්දුවක්වත් යන්නෙ නෑ......(එලම තමා)

ඊටපස්සේ බූස්ටර් පෙට්ටිය ගැල්වනයිස් බටේක එල්ලුවා පොළවේ ඉදන් 5m විතර උසින් ...
(
දැන් ඩොගා තියෙන්නේ බූස්ටර් පෙට්ටිය ඇතුළේ...)

ඊට පස්සේ අර හදා ගත්ත කේබ්ල් එකෙන් ඩොගයි,කොමයි සෙට් කොලා.......
අම්ම ගහයි බැට් එකෙන්..මෙන්න පෙන්නනවා සිග්නල් දෝරෙ ගලා යන්න......!!!

කනෙක්ට් කළහම HSDPA සිග්නල් ස්ට්‍රෙන්ත් එක 99% පෙන්නනවා....
බොරුයි කියල හිතෙනව නම් ඔය තියෙන්නේ......


ඔන්න ඔහොම තමා මම ජාල ගත වෙන්න වැඩේ හදා ගත්තේ...හික්
(
 දවස් වල දන්නේ නෑ නෑනේ ඕවගේ වැඩ වලට හදපු USB කේබල් තියනවයි කියලා...දැන් නම් දාල තියෙන්නේ ඒව එකක්....)පොඩි අවුලකට තියෙන්නේ හිටපු ගමන් කනෙක්ෂන් එක නොට් රෙස්පොණ්ඩින් වෙන එක තමා...වෙන කිසිම අවුලක් නෑ.......(හැබැයි FB එකේ චැට් කරන කොට එහෙම උනාම නම් එපා වෙනව...)