Tuesday, July 24, 2012

ළමයින්ට Z එක ගිල්ලීම හෙවත් ඇදගෙන නෑම..!!!





"Z ස්කෝර්.."

වර්ෂ දෙදහස් එකොලහේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙල විභහග ප්‍රතිඵල නිකුත් වූ දිනයේ පටන් මහත් කතා බහකට, ආන්දෝලනාත්මක සිදුවීම් ‍රැසකට හේතු ප්‍රත්‍ය වූ මාතෘකාව මේ යැයි හැදින්වීම වරදක් නෑ..

නව විශය නිර්දේශයක් දෙදහස් එකොලහ වසරේ විභාගය සදහා හදුන්වාදීම නිසා දෙවන වර සහ තෙවන වර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් හට විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබීමේදී යම් අසාධාරන තත්වයක් ඇති විය හැකි බව දැන් සෑහෙන කාලයක සිට (එනම් මීට අවුරුදු තුනකට පමන පෙර සිට)කතාවට ලක් වූ කාරනයක්..
නමුත් මෙම මාතෘකාව විශාල වශයෙන් සමාජගත වීම සිදු උනේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි.
එනම් අවදානම දැක වසර තුනකින් පමන..

වඩාත්ම සෝචනීය කාරනාව නම් ,මේ පිලිබදව අදාල වග කිව යුතු පුද්ගලයින් හා ආයතන(විශේශයෙන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව)මේ පිලිබදව දැක්වූ ඇල්මැරුනු ස්වභාවය.
එය මොනවට පැහැදිලි වන්නේ ප්‍රතිඵල නිකුත් කිරීමට ආඩම්බර කාර පියාටද මැදිහත් වීමට සිදුවීම තුලිනුයි.

එහෙත් එලෙස ලබා දුන් ප්‍රතිඵල නිසා ඇති වූ කලබගෑනිය විසදා ගන්නට ගරු අධිකරනයේ පිහිට පැතීමටද සිදු වූයේ පරන නිර්දේශය සහ නව නිර්දේශය තනි කුලකයක් සේ සලකා Z අගය ලබා දුන් නියාය.

අධිකරනය මගින් තීන්දු කරන ලැබුයේ කලින් කිකුත් කරනු ලැබූ Z අගය අවලංගු කොට විශය නිර්දේශ දෙක සදහා වෙන වෙනම Z අගය ගනනය කරන ලෙසයි.

එලෙස ගනනය කරනු ලැබූ නව Z අගය දැන් ලැබී ඇත.
එහෙත් දැන් සිදු වී ඇත්තේ කුමක්ද ???
සිදු වූ අසාධාරනය විසදී ඇත්ද ???

ඒ සදහා දිය හැකි කෙටිම පිලිතුර' "නැත" යන්නයි..!!!


මූලිකවම නැගෙන ප්‍රශ්නය වන්නේ මේ සිදුවූ නොපනත්කම සංබන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමති තුමා හෝ එම ආයතනය වග කිව යුතුද යන්නයි..

මූලිකවම දිය හැකි සරල පිලිතුර වන්නේ "'ඔව්"

එහෙත් ඒ කෙසේද ???

සිදු වූ දේ සම්බන්ධව මුල සිට සලකා බලමු..!

මූලිකවම පිලිගත හැකි කාරනාව වනුයේ අධ්‍යාපන ඇමති කමට පත්වන පුද්ගලයා හෝ විභාග කොමසාරිස් ජනරාල් වරයා Z එක හදන හැටි දන්නේ නැති බවයි..
(එය හිටපු කොමසාරිස් තුමා නං ප්‍රායෝගිකව ඔප්පු කරන ලදී.ඇමති තුමාට දුන්නත් කියන්නේ ඔය ටිකමය)
ඇත්තටම එහි කිසිම වරදක් නැත.
ඔවුන් දෙදෙනා වනාහි සිවිල් නිලධාරීන් මිස අධ්‍යාපන විසේසඤයෝ නොවෙති..!!!!

එසේ නම් දෙදෙනාම එම වරදේ හවුල්කාරයින් වන්නේ කෙසේද ???

මා කලින් සදහන් කල පරිදි මේ ගැටලුව මතු වූයේ ශනිකව නොවේ..

වගකිවයුතු නිලධරයන් ලෙස මෙම ගැටලුව මීට (එනම් ප්‍රතිඵල ලබා දීමට පෙර) පෙර හදුනාගෙන ඒ සදහා නිසි පිලියම් යෙදීමට මේ සම්බන්ධව දැනුම් තේරුම් ඇති පුද්ගලයින් පත් කිරීමට ඔවුන් ක්‍රියා කල යුතුව තිබුනා නොවෙද..
අන්න ඒ කාරනාව සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් වීම සිදි විය යුතුව ඇත..!

අනෙක කාරනාව නම් මේ Z අගය ගනනය කිරීමට නිර්නායක නිර්මානය කරන ලද්දේ රටේ පිලිගත් වියතුන් වන අතර ඔවුන්ද මීට වඩා වගකිවයුතු ස්වභාවයකින් සහ විනිවිද පෙනෙන ස්වභාවයකින් කටයුතු කලේ නම් මැනවි..

මක් නිසාද යත් මේ කටයුතු කරන්නේ අහිංසක ජීව්විතත් සමග කියා ඔවුන්ට හැගීමක් නැතුවා සේ ඔවුන් දෙපිරිසම කටයුතු සිදු කල බැවිනි.

මේ සංබන්ධව තවත් කෝනයකින් බැලීම සිදු කරනවා නම්  Z අගය යනු සැමට සාධාරනයක් සිදු කිරීමට ලබා ගන්නා අගයක් නොවේ..
එය මෙම විභාග රටාවේ පවතින එකිනෙකට වෙනස් විශය ධාරා නිසා ඇතිවන අසමානතාවය දුරු කිරීමට අපට ආනයනය කරන ලද ,බටහිර ගනිතයේ තවත් එක ක්‍රමයක් පමනි..
එම ක්‍රමය මගින් සියලු දෝශ නිවාරනය වන බව ඉන් ගම්‍ය නොවේ..
එනිසා අයෙකුට සාධාරනය ඉෂ්ඨ වීම යනු තවත් අයෙකුට අසාධාරනයක් වීම  විය හැක..!

එහෙත් දැන් ඇති ගැටලුව එය නොවේ..!

අධිකරන තීන්දුව මගින් අහෝසි කරන ලද  පැරනි Z අගය වෙනුවෙන් ගනනය කරන ලද නව Z අගය තවත් ගැටළු රාශියකට මුල පාදා ඇති බව පෙනේ..
ඒ මදිවාට ඒ ගැටලු නොදැක්කා සේ සිටින වගකිව යුත්තන්ගේ ක්‍රියාකලාප නිසා එම ගැටළු උග්‍ර වන බවද මෙ දින වල දකින්නට ලැබේ..

ඇති මූලිකම ගැටලුව නම් දෙවන වර සහ තෙවන වර ඉදිරිපත් වූ අපේක්ශකයන්ගේ Z අගය ආසන්න වශයෙන් 0.2 කින් පහල බැස ඇත..
එසේ වීමේ කාරනාව පැහැදිලිය..
එහි කිසිම ගැටළුවක් නැත..

එහෙත් ගැටළුව මතු වන්නේ එම Z අගයන් සහ පලමු වර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ Z අගයන් හා පෙල ගැස්වීමේදීය..!!!!!

කලින් Z අගයන් අනුව දිස්ත්‍රික් ලයිස්තුවේ මුල සිටි පරන නිර්දේශයේ බොහෝ අයදුම් කරුවන්ව දැන් නව Z අගයන් සහිත ලැයිස්තුවේ සොයා ගන්නටවත් නැත..!!!!
(ඉතින් මැද අග සිටි අය ගැන කවර කතාද ?)

මෙම අපේක්ශකයන් දෙවර්ගයම එකම ලයිස්තුවක පෙලගස්වා ඒ අනුව ඔවුන්ව විශ්ව විද්‍යාල සදහා ‍තෝරා ගනු ලැබුවහොත් සියයට හැටක් හැත්තෑවකට වඩා සුදුසුකම් ලබන්නේ පලමු වර පෙනී සිටි අපේක්ශයයින්ය.. (සමහර විටෙක එය ඊටත් වඩා වැඩි වීමට පුලුවන..!).

නව Z අගයන් පැමිනීමට පෙර "අලුත් නිර්දේශෙන් ලියන අය සියට හැටකුයි,පරන නිර්දේශේ ලියපු අය සියට හතලිහකුයි වෙන විදියට තමා මේ ගමන ගන්නේ"වැනි කතන්දර පැවසූවත් දැන් ඒ ගැන හ්ම් කියන්නේ වත් නැතිය..

පිට කරන ලද ‍රැන්ක් සාදා තිබෙන්නේ මේ දෙගොල්ලෝම එකට අරගෙනය...!!!!

සාමාන්‍යයෙන් අවුරුද්දකදී උසස් අධ්‍යාපනයට පිවිසෙන දරුවන්ගෙන් සියයට හැත්තෑවක්,හැත්තපහක් නියෝජනය කරන්නේ දෙවන සහ තෙවන වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙනුයි...
එහෙත් මෙවට ඒ සියල්ල උඩු යටිකුරු වී ඇත..
උසස් පෙල විභාගයට පෙනී සිටින බහුතරය බොහෝ විට එය ගොඩ දා ගන්නේ දෙවන හෝ තෙවන උත්සාහයේදීය..
මෙවර ඒ බහුතර දරුවන්ට දෙයියන්ගේ පිහිටය...

තවත් කාරනාවක් නම් පලමු වර පෙනී සිටි අපේක්ශකයිනට තවත් අවස්ථා දෙකක් ඉතිරිවත් පවතී..

මේ වර පැරනි නිර්දේශයෙන් පෙනී සිටි අපේක්ශකයිනට සලකන්නේ මේ ආකාරයට නම් ඊලග වසරේ(මෙම ගමන 2012)පෙනී සිටින අපේක්ශකයින් ගැන කවර කතාද...!!

අනික විභාග දෙපාර්තුමේන්තුව පවසන පරිදි තව සති දෙකකින් පැවැත්වෙන විභාගයට දැන් අයදුම්පත් ලබා දුන්නත් ,එම විභාග මානසිකත්වය සති දෙකකින් සාදා ගත හැකිද ??
එලෙස හදිස්සියේ විභාගය ලියා හොද ප්‍රතිඵලයක් ගැනීම සිහිනයකි..!!
මෙය දෙපාර්තුමේන්තුවේ තවත් ජෝක් එකකි..


එහෙත් කිසිවෙක් මේ ගැටලුවට දෙපාර්ශවයටම පිලිගත හැකි විසදුමක් සොයනු වෙනුවට අදාල පුද්ගලයෝ රටට ආතල් සපයමින් සිටිති...!!!!!

අප සමාජයේ පාසල් දරුවා විශ්ව විද්‍යාලය නැමති සිහින සාගරයේ ගිලිවා ඇති බව මුසාවක් නොවේ..

එහෙත් මේ ලෙස ඒ සිහිනයේ ඒ දරුවා අතරමං කර දැමීම ඇත්තෙන්ම සහ ගහන අපරාධයක් නොවේද ?

ඒ සදහා හොදම උදාහරන මේ දිනවල පෙනෙන්නට පටන් ගෙන තිබේ..

අද දිනයේ එක්තරා ස්ථානයකදී (මේ සිරිලංකාවේ වානිජ්‍ය අගනුවර යම් ස්ථානයක) මේ සම්බන්ධව පැවති කතිකාවතකදී එක ශිෂ්‍යයෙක් ප්‍රසිද්ධියේ පැවසුවේ මේ පවතින තත්වය දිගටම පැවතුනොත් තමන් සිය දිවි හානි කර ගන්නා බවයි..
ඒ ඔහු නිදහස් කරන්නට තනන්නේ මේ අසාධාරන ,මුග්ගන්ධ ක්‍රමවේධය නිසා ඔහු මත එල්ලවී ඇති පීඩනය නොවේද ??
මෙලෙස ජීවිත කීයක් මේ නිසා අවධානම් කලාපයේ පසු වේද ?

මේ කිසිවක් කනකට නොගන්නා බලධාරී මහත්හොරු හෙට අනිද්දාට කඩයිම් ලකුනුත් මේ අල්ල පනල්ලේ නිකුත් කරනවා ඇත..
මේ සියල්ලෙන් සිදු වන්නේ දරුවන් කබලෙන් ලිපට වැටීම පමනක්ම නොවේද ?

මේ අතර ලොකුම අවාසනාවන්ත සිද්ධිය නම් මේ සිසුන් වැටී ඇති මර උගුලේ වාසිය ගන්නට තටමන දේශපාලන අනාථයන් සිටීමය..
ඒ බව අදද මනාවට පසක් වූයේ ඉහත සිදුවීම සිදු වූ ඉහත සදහන් ස්ථානයේදී සිදු වූ සිදුවීම පෙලත් සමගය..

ඒ නිසා මේ මර උගුල් වලද නොවැටී සිටීමට සිතට ගැනීම මැනවි..


අවසානයට තවත් එක දෙයක් සදහන් කල යුතුව ඇත..
එනම් මේ අසාධාරනයට ලක්ව සිටින්නේ නිකන්ම නිකං පුද්ගලයින් නොවන බව වගකිව යුත්තෝ පසක් කර ගත යුතුව ඇත.
මේ අපේ භාරකාර පියා පවසන පරිදි මේ රටේ අනාගතයයි..
මේ රට ඉදිරියට යනවාද,පසුපසට යනවාද කියා තීරනය කරන්නේ මේ කොට්ඨාශයයි..
එසේ නම් මේ (දැන හෝ නොදැන)සෙල්ලම් කරන්නේ, පිස්සු නටන්නේ රටේ අනාගතයත් සමගයි..

තාමත් ප්‍රමාද වැඩි නැත..

වගකිව යුත්තන් වගකීම් සහිතව කටයුතු නොකල හොත් මේ රට ආපසු ඉන්දියන් සාගරයේ අමුතු ඇටය වනු වලක්වා ලිය නොහැක..!!!

Sunday, July 15, 2012

පුංචි සංදියේ මං..01


ඇත්තටම මගේ පුංචි සංදිය ගැන හදිස්සියේම කල්පනාවට ආවේ මේ පහුගිය දවස් දෙක තුනේ ගෙදෙට්ට වෙලා උන විකාරෙන් කල්පනා කර කර හිටපු හන්දයි.

මේ දවස් වල පේරාදෙනියේ කම්මල පැත්තෙත් වැඩක් නැති හින්ද ගෙදර ආව පොඩ්ඩක් ගෙවල් දොරවල් එහම තියේද කියල බලල යන්න..
මොන ආව දවසට පහු වෙනිදට පහුවෙනිද (විකාරයි වගේ නේ) උන ගැනුන කියමුකෝ..
ඒකත් මහ අමුතු උනක්.(මං තුමාට වෙන්නේ කොහොමත් අමුතුම එවුව !!)

මොකද එදා උන ගැනිච්ච දවසේ රෑ නිදා ගන්න යනකොට ටිකක් විතර ඇග රත් වෙලා තිබුන
කොහොම හරි මට මතකයි මාව නිකං ෆෝන් එකක් වයිබ්‍රේට් වෙනව වගේ වෙලා ඇහැරෙනව..හප්පේ..එතකොට නං සෑහෙන්න හීතලක් හැදිලයි තිබුනේ..සට සට ගාල වෙව්ලනව..!!!

ඒ වෙනකොට වෙලාව පාන්දර 2 ට විතර ඇති..
මට යන්තං වගේ මතකයි අපේ අම්ම මට පැරසිටමෝල් පෙති දෙකක් පොවනව..
කොහොමින් කොහොම හරි උදේ පාන්දර පහට විතර වෙනකොට මෙන්න දාඩිය වැක්කෙරෙනව..
ඒ කියන්නේ ඉතින් උන සනීපයි කියලනේ.

ඒත් ඉතින් මේ දවස් වල උන ගැනුනහම බලන් ඉදීම එච්චර සුභ නැති නිසා උදෙන්ම ගියා ඩොක්ටව මුන ගැහෙන්න..
උන්නැහෙ නං කිව්වේ මේ නිකං ඇග මහන්සියට උන ගැනෙන්න ඇති කියල..(අනේ මං කරන වැඩ..!!!)
වැඩේ කියන්නේ ඒක නෙවේ..
හරියටම දවස් දෙකකට පස්සේ ආයෙත් උන ගත්තනේ..
මේ ගමන නං ලේසියෙන් ෂේප් වෙන්න බැරි උනා..
උනයි,වමනෙයි..කියල වැඩක් නෑ.
ඔන්න ඔහොම ඉන්නකොට තමා මං පුංචි සංදියේ කරපු කියපු,සිද්ද උන දේවල් ගොඩක් මතක් උනේ..
ඉතිං මං ඒ වෙලාවෙම හිතුවා ඒක සීරියස් එකක් විදියට බ්ලොගේ දානවයි කියල..(කාල වරෙන්කෝ..)


මං තුමා ඉපදිලා තියෙන්නේ එක්දහස් නවසිය අනූ එකේ ,නව වෙනි මාසෙ තුන් වෙනිදලු..
අපේ අම්ම නං කියන්නේ මං තුමා උප්පත්තිය ලබනකොටත් මේ දැන් වගේම කලුම කලු පාටයිලු..හික්..(මං නං ඒ කතාව පිලි ගන්නේ නෑ ඕං)
කොහොමින් කොහොම හරි මට මතක තියෙන්නේ නං එක්දහස් නවසිය අනූ හතේ විතර ඉදන් තමා..
ඊට කලින් දේවල් නිකං බොද වෙලා ගියපු චිත්තරයක් වෙගේ..
අඩු ගානේ මට අකුරු කියෝනව වත් මතක නෑ පොඩ්ඩක්වත්..!

හැබැයි අපේ අම්ම කියනව මං තුමා අකුරු කියෝපු දවසේ බොහොම ආසාවෙන් පැන්සල අරගෙන අකුරු ලියන්න හැදුවයි කියල..
මේ තියෙන්නේ ඒ වෙලාවෙ ගත්ත පින්තූරයක්..



හැබැයි මේ පින්තූරේ විදියට මට මුලින්ම අකුරු ලියන්න පුරුදු කරල තියෙන්නේ දකුනු අතින් ..
හැබැයි මං දැන් නං අකුරු ලියන්නෙ වම් අතින්.

අපේ තාත්ත තමා මේ පැත්තේ තියන "මරණාධාර සමීතියේ" භාන්ඩාගාරික තනතුර දැරුවේ.(තාමත් ඒ තනතුර එයාම තමා දරන්නේ)
ඒ දවස් වල ගෙදර නිතරම කීප දෙනෙක් ගැවසෙනව ඔය සමීතියේ වැඩ කටයුතු වලට එහෙම..
ඉතින් ඒ කට්ටිය අතරේ මං තුමත් ප්‍රසිද්ධයි.
වැඩේ කියන්නේ මොන්ටිසෝරි යන කාලෙදි පවා මට මගේ වයසේ යාලුවෝ ගොඩක් හිටියේ නෑ..
ඇත්තටම ඒ දවස් වල මං මගේ වයසේ කට්ටියත් එක්ක වැඩිය එකතු වෙන්න අකමැතියි..
ගොඩක් වෙලාවට මං තුමා මොකක් හරි වලියක් දා ගන්නව එහෙම එකම වයසේ උන් එක්ක.
කොටින්ම කියනව නං ඒ දවස් වල (ම්ම්..ඉස්කෝලෙ හතර වසරට විතර එනකං)මගේ හොදම යාලුවෝ උනේ අපේ තාත්තගේ යාලුවෝ...!!!!

අපේ තාත්ත ඒ දවස් වල ටිකක් සැර කෙනෙක් විදියට තමා මට පෙනුනේ..
මොක්ද එයා මට එච්චරම කැමති නෑ වගේ කියලත් මට හිතිල තියේ..(හී හී..)

මට අද වගේ මතකයි මං උන ගැනිල හිටිය දවසක සිද්ද උන මේ සිද්ධිය..
මං හිතන්නේ එදා වෙලාව හවස දෙකට ,දෙක හමාරට විතර ඇති..
මං තුමා ලෙඩ වෙලා ඇදේ දොයි..
ඔන්න එක පාරටම.........

Tuesday, July 10, 2012

අපි සැලෙන්නේ නෑ නෑ....!!!


මතකයිනේ මං කලින් දවසක කිව්ව කොහොමද මං ගෙදෙට්ට මොබිටෙල් 3ජී හොයා ගත්තේ කියල..
ඔන්න ආයෙත් අලුත් පුරස්නයක් පැන නැගිල ඒ සම්බන්ධව..

මොකද කියනව නං මං තුමා දැන් වැඩිය ගෙදර ‍රැදෙන්නේ නැති හන්ද අපේ ගෙදර උදවිය මගේ ඇටවුම ගලෝල දාල ඒක තිබුනහම ගේ කැත වෙනව කියල..


දැන් ඉතින් ගෙදර ආවහම ජාල ගත වෙන්න හෙන ගේමක් දෙන්න ඕන..
එක්කෝ ලැපත් අරන් ගේ වටේ යන්න ඕන..නැත්තං ඩොගත් අරන් අල්ලපු ගෙදෙට්ට දුවන්න ඕන..

මොන කරදරයක්ද මේ..!!!!!


ඒ මදිවට මේ දවස් වල හෝ ගාල ඩිස්කනෙක්ට් වෙනව..
කාලගුනේ එච්චර හොද නෑනේ..


හැබැයි ඉතින් මං තුමාගේ මේ ටිකිරි මොලේ තියනකං ඕවත් පුරස්නද ???
මේං බලන්නකෝ දැන් මං තුමා කොහොමද 3ජී හොයා ගන්නේ කියල..



වෙලාවට ගේ ඉස්සරහ දොඩං ගහක්  තියේ..!!!!!
හැබැයි අර කලින් තරම් සිග්නල් ස්ට්‍රෙන්ත් එකක් නම් නෑ..




උන්නු හැටියට මලා මදෑ..!!!

ප/ළි

මං තුමා දැක්ක යූ ටියුබ් එකේ තියනව කොහොමද ඩොංගල් එකකට ඇන්ටෙනාවක් හදන්නේ කියල..
ට්‍රයි එකක් දාල බලන්න ඕන .



Friday, July 6, 2012

පරා අයියේ,මට සමාවෙයන්...!!!!!




ඇත්තම කියනව නං මේ පෝස්ට් එකේ නම මෙන්න මේ විදියට තමා එන්න ඕන "
"පරාක්‍රම අධ්‍යක්ශක තුමනි, මට සමාඋව මැනවි..!!!!"

මාව පුද්ගලිකව දන්න කියන එවුන් මේක දැකල ටිකක් කලබල වෙන්නත් පුලුවන්.
මොකද මාව ලියාපදිංචි වෙලා තියෙන්නේ චින්තන සභාපතිතුමාගේ පාර්ශවේ පුද්ගලයෙක් හැටියට තමා ...
ඒත් ඉතින් මොනා කරන්නද ..
මේක නං කියන්නම වෙනව.!!!

ඇත්තටම මට අපේ ප්‍රරාක්‍රම අධ්‍යක්ශක තුමාගෙන් සමාව ගන්න තරම් මොකක්ද බොලේ උනේ...!!!!!

කෙටියෙන් කියනව නං මේන්න මේකයි කතන්දරේ...

මට මතකයි එතුමා මීට සෑහෙන කාලෙකට කලින් ඔය මොකක්දෝ මන්ද චන්දයක් කට ලගට ආපු වෙලාවක හෙන ඇත්ත්‍රෑක්ටිව් පොරොන්දුවක් දුන්න... 

ඒ තමා එතුමගේ පාර්ශවය බලයට ආවහම (ඒක ඉතින් මේ කපේදි වෙන්නේ නෑ..)පෙම්වතුන් වෙනුවෙන් වෙන් කෙරුනු ප්‍රේම උයන් නිර්මානය කරනව කියල.
අපරාදෙ කියන්න බැ මට මතක විදියට අනික් පාර්ශවෙන් ඔය පොරොන්දුව අල්ලගෙන ඇති පදම් එතුමට නෙලුව මතකයි..
මේ මමත් ඒ දවස් වල ''මේකට පිස්සුද කොහෙද ?"කියල හිනා උනා මතකයි..
ආන්න ඒ හිනා උන එක ගැන තමා මං මේ එතුමගෙන් සමාව ඉල්ලන්නේ...

මොකද ඒ වගේ තැනක් නැතුව හැම තැනම චාටර් වෙන සමස්ත පෙම්කරන ජනතාව දැක්කහම ඇඩෙනව අප්පා..!!!

මාස ගානක් දින ගැන ගැන බලන් ඉදල,සෑහෙන කාලයක් පෙරුම් පුරල යාන්තම් ගෙවල් වලත් ඇස් වහල තමන්ගේ ප්‍රේමවන්තිය(අපේ භාශාවෙන් කෑල්ල)හම්බ වෙන්න යන ඒ දුක්විදින පෙම්වතා මොන තරම් නං චාටර් කෑමක් කනවද අප්පා මේ වගේ ස්පොට් එකක් නැතුව....

මං කියන්නේ බොරුවක් නං වැල්ලවත්තෙන් පටන් අරන් ගල්කිස්ස වෙනකං මූදු වෙරල දිගේ දවල් 10 ට විතර ඇවිදන් යන්නකො..

අඩු ගානේ හිතේ හැටියට උම්ම එකක් දී ගන්න බැරුව ඇබරෙන ජෝඩු ගොඩාක් දැක ගන්න පුලුවන් වෙයි...
සමහර විට අතිශයින් වැඩිහිටියන්ට පමනයි දර්ශනත් සෙට් වෙන්න බැරිමත් නෑ.
කොහොමත් උදේ 10 ට විතර මුලු බීච් එකම කට්ට අවුවෙන් වැහිල තියන වෙලාවනේ..
ඒත් ඒ කට්ට අවුවේ ,අවුව පයිසෙකටවත් ගනන් ගන්නේ නැතුව තමන්ගේ ලෝක වල අතරමං වෙලා ඉන්න ජෝඩු ඕන තරං හොයා ගන්න පුලුවන් මේ කලින් කිව්ව මුහුදු තීරෙ ඇතුලත..

ඇත්තටම අපේ ප්‍රේමවන්තයෝ සහ ප්‍රේමවන්තියෝ මෙච්චර කට්ට කන්න ඕන නෑනේ අර වගේ ප්ලේස් එකක් තිබ්බ නං...

අනික මේ ජෝඩු ගසා කන කී දෙනෙක් නං මේ බීච් එකේ ඉන්නවද ?

අනික භයානකම කාරනේ තමා මේ එක කිසිම ජෝඩුවකට නිසි ආරක්ශාවක් ඔය කියන ප්‍රදේශෙ නැති එක..
කොල්ලට දෙකක් ගහල කෙල්ලව අරන් ගියොත් ඉතින් මොනා කරන්නද ?

මේ වගේ ඉන්න අය බය කරල සල්ලි කඩා ගන්න එක මේ පැත්තේ අමුතු දෙයක් නෙවේ..
ඉතින් මේ සේරම දේවල් නවත්ත ගන්න තිබ්බ නේද අර වගේ එක උයනක් තිබ්බ නං..!!!
අනික එතකොට සදාචාරෙ ගැන ප්‍රශ්නත් මේ විදියට ඇති වෙන එකක් නෑ..
ඕනම පොඩි ලමයෙක්ට ඇස් ඇරගෙන බීච් එකේ යන්නත් පුලුවන් වේවි..!!!!


ප/ළි
පරාක්‍රම අධ්‍යක්ශක තුමා සහ චින්තන සභාපති තුමාව නොදන්නා එවුන් (එසේ එවුන් සිටිය නොහැක)"ඇන්ඩ් කොම් පැනි"බලත්වා...

ප/ප/ළි
මෙය හුදෙක්ම දුක්විදිනා පෙම්වතුන් උදෙසා නගන හඩක්ම පමනක් වේ..!!!!!

Monday, July 2, 2012

වෙජි සෝන්ග්..!!!








සෑහෙන සෑහෙනම කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න වෙලාවක් යන්තම් හම්බ උනා..

ම්ම්...මොනාද ලියන්නේ කියල හිත හිත ඉන්නකොට තමා මේ සින්දුව මතක් උනේ..
ඇත්තටම මොකක්ද මේ වෙජි සෝන්ග් එක කියන්නේ..?

ඇත්තටම මේකට වෙජි සෝන්ග් කියල නම දැම්මේ මේ සින්දුව මට කියපු පුද්ගලය වෙජිටේරියන් පොරක් හින්දයි..
නැතුව මේ සින්දුව වෙජි කට්ටියට විතරක් අදාල වෙනව කියන අදහසින් නම් නෙවේ..

දැන් සින්දුව මොකක්ද කියල බලන්න කලින් අහල ඉන්නකෝ  මේ සින්දුව මට හම්බු වීමේ කතාවත්..
ඒක මෙහෙමයි..

අපේ කැම්පස් එකේ සෙට් එකක් මේ පහුගිය දවසක පොඩි ට්‍රිප් එකක් ගියා කියමුකෝ...
පහුගිය දවස් ටිකේ මයිනරි ස්ටාෆ් කට්ටියගේ ස්ට්‍රයික් එක හින්ද අපිට පොඩ්ඩක් විතර ‍ෆ්‍රී..

ඉතින් ඔන්න මමත් සෙට් උනා..
දන්නෙවනේ ඉතින් ට්‍රිප් එකක් කිව්වහම..!!!

අරව මේව එක එක අයිටම් ලෝකයයිනේ..

ඒවයිනුත් චතූ ආසම කරන අයිටම් එකක් තමා හයියෙන් කෑ ගහල බෙරිහන් දීල සින්දු කියන එක .(අහන් ඉන්න මිනිස්සුන්ට නං අපූලයි කියල දන්නව.. ඒත් ඉතින් ට්‍රිප් එකක්නේ..හී)
ඉතින් ඔය ට්‍රිප් එකට මේ සින්දුව මට කියපු වෙජි ඩයල් එකත් සෙට් උනා..
රෑ ආපහු එනකොට මෑන්ස්ට විශේශ ආරාදනාවක් ලැබුන අපේ සෙට් එකෙන් ඔය සින්දුව කියන්නයි කියල..

ඔන්න එතකොට තම මෑන්ස් මේ සින්දුව කිව්වේ...
හප්පා..ඇස්වහක් කටවහක් නෑ..
ඇඩෙන්න සින්දුව කිව්ව..!!!
මේකෙ නියම සද්දේ ගන්න නං හයියෙන් කියන්න ඕනලු...
මෑන්ස් ෆුල් සවුන්ඩ් දාල බෙරිහන් දීල තමා මේක කිව්වේ..
මේන්න මේකයි සිංදුව..

අයෑම් ගොයින් ‍ටු බී අ ගොවීයා...///
ඇන්ඩ් ප්ලාන්ට් සම් එලවලු

හැන්ග් යුවර් ට්‍රවුසර් ගමු උදැල්ල බහිමු කුබුරට///
ඇන්ඩ් වර්ක් ෆෝ ලන්කාවට

පිපිඣ්ඣ් කරවිල අල බතල ඉන්නල///
ගිව්ස් යූ විටමින්ස් ලයික් වානෙ පිත්තල

වැටකොලු වම්බ‍ටු ප‍තෝල තිබ්බ‍ටු///
යූ කැන් ගෙට් දෙම් ඇට් මාර්කට් පිටකොටූ

එන්න කන්න මස් මරන්න කන්න එලවලූ///
දැන ගන්න ඕනෙ සැවොම සියලු.

ඇත්තම කියනව නං මේ සින්දුව අපි හැමෝටම ගැලපෙනව නේහ්...!

ප/ලි

මේ සින්දුවේ එක තැනක විශේශ අකුරක් ඕනි වෙනව ..ඒත් මේ හදිස්සියට ඒක හොයා ගන්ට බැරි උනා..ඉතින් ඔන්න ඔහේ ලගින් යන අකුරක් දැම්ම..
ඒකට ඉතින් සොරිම තමා..

ප/ප/ලි

අයියෝ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ සින්ගිරිසි වලින් ඒ අකුර ටයිප් කරන හැටි.. :D

Tuesday, March 27, 2012

හොදම කාලේ ,කොයි කාලෙද..?





කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් මොකක්ද ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ කියල,
මොකක්ද දෙන උත්තරේ..??
ම්ම්ම්ම්...
ගොඩක් කට්ටිය කියන්නේ "ඉස්කෝලෙ යන කාලේ තමා මගේ ජීවිතේ හොදමම
 ,පට්ටම කාලේ" කියල නේහ්...

අනෙ මන්ද..චතූට නං එහෙම කියන්න හිතෙන්නෙම නෑනේ දැන්..

මෙහෙමයි...
ඉස්කෝලෙන් අවුට් වෙලා ගෙදරට වාත වෙවී හිටිය කාලේ නං එහෙම නොහිතුනේ නැත්තෙත් නෑ..
ඒත් දැන් නම් එහෙම හිතෙන්නේ නෑ..:O

ඒත් මට නං හිතෙන්නේ ජීවිතේ හොදම ,ලස්සනම කාලේ තමා මේ ඔයා ජීවත්වෙන මේ මොහොත කියල..

බලන්නකෝ මේ මේ ගෙවෙන මොහොත කොච්චර නම් සුන්දරද කියල..!!!

අනික අපි පහුගිය කාලයක් ගැන හිත හිතා ලතවෙන්නේ,ඒ කාලේ මෙච්චර සුන්දරයි ,ඒ කාලේ මෙහෙමයි අරෙහෙමයි කිය කියා වර්තමානෙට සාපේක්ශව කතා කරන්නේ මේ මොහොතේ තමන් ගෙවන ජීවිතේ ගැන තමන්ට තියන නොසතුට නිසා නෙවේද ????

පොඩ්ඩක් හිතල බලන්නකෝ අපි කීයෙන් කී දෙනාද වර්තමානේ ජීවත් වෙන්නේ කියල..

බලන් යනකොට අපි ගොඩාක් දෙනෙක් එක්කෝ අතීතෙ ගැන හිතහිතා දුක් වෙනව..
එක්කෝ අනාගතේ ගැන හිතල දුක් වෙනව..

ඔය කාරනා දෙකට මං දන්න හොදම උදාහරනේ තමා මගේ අම්මයි ,තාත්තයි..




මගේ තාත්ත අතීතේ ගැන වත් අනාගතේ ගැන වත් හිතල කවමදාවත් තැවෙන්නේ නැති චරිතයක්..
ඒත් අපේ අම්ම ඒකේ අනික් පැත්ත..!!!





ම්ම්ම්..මොකද මංද මට මේ ගැන මේ වෙලාවෙ මතක් උනේ..
හ්ම්...මොක උනාම මොකෝ..
ඔන්න ලියල දැම්ම...!!!!

Saturday, March 10, 2012

තවත් එක ඇත්ත කතාවක්..!!!

මුලින්ම කියන්න එපැයි..මේක මගේ බ්ලොග් එකේ දැම්මට මේක මං ලියපු එකක් නෙවේ ඕං..
තරහ අවසර..!!!!!
මේක වාර්තා කරපු ඒ දෙන්නගේ විස්තර මේ ලිපියේ අන්තිමටම තියේ..
මේක දැන ගන්න වටින කතාවක් හින්දයි දාන්න හිතුනේ..විශේශයෙන්ම මේ මගේ ගං පලාත පැත්තේ සිද්ද වෙච්ච (කාලකන්නි) සිද්දියක්...!!!
දේශපාලන බලය සහ පාතාලේ අතර තියන ආදරනීය(තුප්පහි) සම්බන්දෙත් මේකෙන් කියවෙනව..

අපිට බන කියන මේ දේශපාලුවන්ගේ හෙලුවත් මේකෙන් හොදට පෙන්නුම් කරනව..
ම්ම්..බලන්නකෝ එහෙන්ම්..මේක කියෝපු අය ඇති ඕන තරම්..ඒ අය සමා වෙන්න ඕන..!!!





Sudesh Karunathilake's Photos
කුඩුකාරයන් දූෂකයින් රෙදි අස්‌සේ
දෙස්‌පාලනය අද බලු නකුටට බැස්‌සේ!


කහවත්ත කොටකෙතන ගමේ මිනිස්‌සු යළිත් වරක්‌ රතිඤ්ඤා පත්තු කරති. පෙරහර කරති. පෙළපාලි යති. ඒ තම ගමේ සිටි අහිංසක මවක්‌ හා දුවක්‌ මරාදැමූ කාලකණ්‌නීන් පොලිසීය විසින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි. 

මීට ඉහතත් කහවත්තේ මිනිස්‌සු කුරුවිට නගරයට පැමිණ උද්ඝෝෂණය කළහ. ඒ ස්‌වකීය ගම්පළාතේ සිද්ධවූ අහිංසක අසරණ වියපත් කාන්තාවන් පිරිසකගේ මරණයන්ට වගකිවයුතු අපරාධකරුවන් පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට බලකිරීම සඳහාය. අපරාධයක්‌ සිදුවූ විට සාධාරණය ඉටුකරගැනීමට මිනිස්‌සු පාරට බසිති. එසේම අපරාධකරුවෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වූවිට සැණකෙළි පවත්වති. මෙසේ අපරාධකරුවෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වීම මේ රටේ මිනිස්‌සුන්ට ප්‍රහර්ෂයට කාරණාවකි. උත්සව පවත්වන්නට නිමිත්තකි. 

අපට අප ජීවත්වන පරිසරය ගැන වටහා ගන්නට එපමණක්‌ම සෑහේ. එවැනි වටපිටාවක සිට මේ කතාව ලියන්නේ කියවා එහි කුණු රසය විඳින්නට නොවේ. අප මේ පැණි කමින් සිටින්නේ මරණ තුනක්‌ ඉදිරිපිට නොව මරණ එළෝ කෝටියක්‌ අභියසය යන යථාර්ථය අවබෝධ කරගැනීම සඳහාය.

වියපත් කාන්තාවන් රැසක්‌ දූෂණය කර මරා දැමූ කාලකණ්‌නි සිද්ධි දාමයක්‌ මුල්කරගෙන මෑත කාලයේදී කහවත්ත කැළඹුනේය. මේ සිද්ධි හරහා එක්‌ස්‌ µයිල්ස්‌ ගණයේ අද්භුත ගොංපාට්‌ එකක්‌ මවා රටටම කික්‌ එකක්‌ "දෙන ආකාරයේ වාර්තාකරණයක මාධ්‍ය නිරත වූයේය. එහි සමහර උච්ඡතම අවස්‌ථාවල දී පාඨක හෝ ශ්‍රාවක ප්‍රජාවටත් කහවත්තට ගොස්‌ වියපත් කාන්තාවකට අතවර කර එන්නට නොසිතුනානම් පුදුමය. අවසානයේදී මේ ඝාතන රැල්ල නවතා ජීවත්වීම සඳහා සහතිකයක්‌ මිනිස්‌සුන් විසින් ලබා ගත්තේ පාරට බැස උද්ඝෝෂණය කිරීමෙනි. 

කහවත්තේ කොටකෙතන ගමේ මේ මව සහ දියණිය ඝාතනය වන්නේ ඒ සහතිකය ලබාගෙන මිනිස්‌සුන් හුස්‌මක්‌ කටක්‌ ගන්නට තැනූ මුල්ම මොහොතකදීය. කහවත්ත කොටකෙතන සමඟි මාවතේ පදිංචිව සිටි දාහත් හැවිරිදි කාවින්ද්‍යා චතුරංගී දියණිය සහ ඇයගේ මව වූ පනස්‌ දෙහැවිරිදි නයනා නිල්මිණි ඝාතනය කර තිබියදී පසුගිය පෙබරවාරි පළමුවෙනිදා පොලීසිය විසින් සොයා ගැනුණි. තරුණ දියණියගේ මලසිරුර හමුවන්නේ නිවසේ සිට සැතපුම් කීපයක්‌ ඈත රබර් වත්තක තිබියදීය. යළිත් පැරණි මරණබිය කහවත්තට දැනුණි. තරුණ දියණියගේ මරණය මීට පෙර කහවත්ත ප්‍රදේශයේ සිදුවූ කාන්තා මරණ ගණනාවකටම සමාන වූයේය.

යළිත් කහවත්ත පුවත් මවන "රසගුලාවක්‌" වූයේය. සමහරු මනඃකල්පිතයන් අතරහිඳ මේ තරුණ දියණියගේත් මවගේත් පුද්ගලික ජීවිත වල රසමුසු තැන් ඉවකරමින් සිටියහ. මුදල් යහමින් නැති මේ මව විසින් දියණිය සමාජගත කළ ආකාරය ගැනත්, නිසි රැකියාවක්‌ නොකරනා නිවසේත් නැති සැමියා හා මේ "රූමත්" හෝ "සුරූපී" බිරිඳගේ ජීවිතය ගැනත්, ඔවුන් හා සම්බන්ධ යෑයි කියනා පුද්ගලයින් ගැනත් නොකියා කියවෙන කුතුහලය දනවනසුළු වාර්තා පලවිනි. ඒ සියලූ කතා හරහා මියගිය කාන්තාවන් දෙදෙනා මිනී වලවල් වලින් ඇද යළිත් දූෂණය කර මරා දැමුනි. අවසාන මොහොතේ පවා සමහර වාර්තා වල දැක්‌වූයේ කාවින්ද්‍යා තරුණ දියණිය දූෂණය වූ ආකාරය ගැන කතාය. සමාජය උත්ප්‍රේරණය වූයේ මෙවැනි දේ අසමිනි. නොඑසේනම් දකිමිනි. 

පුරා සති පහකින් පසු දැන් මේ මරණවල සුලමුල හෙළිවී තිබේ. මේ කාලකණ්‌නි මිනී මැරුමේ වේසකම් නැත. කියවා ලිංගිකව උත්ප්‍රේරණය වියහැකි දූෂණය කිරීම්ද නැත. එබැවින් මෙය මෙතෙක්‌ ගොඩනැගූ "ආතල්" කඩා අනතුරුව ප්‍රේක්‌ෂක බලාපොරොත්තු බිඳ දමනා ආකාරයේ අපරාධයකි. එහි වන්නේ මේ සමාජය වසාගත් නියත ම්ලේච්ඡ තිරිසන්කමේ බිහිසුණු ප්‍රකාශනයක්‌ පමණි. එය පෙළගැසෙන්නේ මෙසේය. 

නයනා නිල්මිණිත් ඇයගේ සැමියාත් ජීවිතය පටන්ගන්නේ කහවත්තෙනි. ඇයගේ සැමියා කහවත්තේ ඉපදුන සාමාන්‍ය මැණික්‌ ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔහු ව්‍යාපාරිකයෙක්‌ වශයෙන් සාර්ථක වූවෙක්‌ නොවේ. බීමත් කමත් නොසැලකිල්ලත් නිසා නැත්තටම නැතිවන මේ පවුල ඇඹිලිපිටිය අනුරාධපුර වැනි ප්‍රදේශවල ජීවත් වීමෙන් අනතුරුව කොටකෙතන ගමට පැමිණ පදිංචිවන්නේය. 

මේ වනවිට එම පවුලේ දරු දෙදෙනෙක්‌ සිටියේය. ඒ දියණියක්‌ හා පුතනුවෙකි. වැඩිමහළු වු පුතා අධ්‍යාපනය හමාර කර කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කළේය. පියාද අසාර්ථක වූ ව්‍යාපාර ජීවිතයට සමුදී යහපත් ජීවිත පරිසරයක්‌ හදාගැනීමට කොළඹ පැමිණියේය. රත්නපුර පර්ගියුසන් උසස්‌ බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබනා දියණියත් සමග මව කොටකෙතන ගමේ නිවසේ වාසය කළාය. කොළඹ රැකියාව කරනා නයනා නිල්මිණිගේ සැමියා නිවසට පැමිණියේ මසකට වරක්‌ හෝ දෙවරක්‌ පමණය.

නිල්මිණිලාගේ නිවසට ඉදිරිපිට නිවසේ වාසය කළේ රාජු නැමැත්තෙකි. රාජු ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ වූ එල්. එම් ධර්මසිරි නැමැත්තාගේ සහෝදරයෙකි. ධර්මසිරි මේ රටේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වන ජෝන් සෙනවිරත්නගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකි. 

ධර්මසිරිගේ එක්‌ පුත්‍රයෙක්‌ බන්ධනාගාර නියාමක වරයෙක්‌ ලෙස සේවය කළේය. වැලිකඩ හිරගෙදර තුළදී මත්කුඩු හා රුපියල් ලක්‌ෂ ගණනාවක මුදල් සමග අත්අඩංගුවට පත්ව දැන් මහඋළුගෙදර ලගිනා මේ ජේලර්ට රැකියාව ලබා දී තිබුණේත් ජෝන් සෙනවිරත්න විසින් බව කියෑවිනි. 

ධර්මසිරිගේ සොහොයුරා වන රාජු කොටකෙතන ගමේ ප්‍රසිද්ධව සිටියේ කාලකණ්‌නි අපතයෙක්‌ ලෙසය. ඔහුට දරුවන් සිව් දෙනෙක්‌ සිටියේය. එහෙත් ඔහුටත් බිරිඳටත් රැකියාවක්‌ තිබුණේ නැත. දේශපාලන බලයද සහිතව කසිප්පු පෙරීම, ගංජා විකිණීම එළිපිටම කරගෙන ගියත් රාජු බොහෝවිට යෑපුනේ සොයුරු පළාත්සභා මන්ත්‍රී වරයාගේ නිවසිනි. 

මීට අමතරව දේශපාලන බලපුළුවන්කාරකම් වල හයියෙන් රත්නපුරයේ කුඩු ජාවාරම් කළ ස්‌වකීය ඥාතිවරුන්ගේ බත්බැලයා ලෙසත් රාජු කටයුතු කළේය. රාජුලාගේ කුඩු කෙරුවාවේ හැටි ස්‌වභාවය ගමේ උදවියගේ අතේ පත්තුවන්නේ එක්‌ සිද්ධියක්‌ මුල් කරගනිමිනි. 

මුලින් කී පරිදි රාජු ජීවත් වන්නේ නිල්මිණීලා ගේ නිවස ඉදිරිපිට නිවසේය. කාවින්ද්‍යා දියණිය පාසල් යන්නට එළියට බට විට බොහෝ දිනවල රාජුගේ බිරිඳ ඇය අතේ බත්මුලක්‌ යවන්නීය. එසේ බත්මුල යවන්නේ රාජුගේ අයියාවන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එම් ධර්මසිරිගේ ජේලර් පුතාටය. ජේලර් පුත්‍රයා කාවින්ද්‍යා හමුවී රත්නපුරේදී බත්මුල අරගන්නේය. අසල්වැසියෙක්‌ විසින් දෙන බත්මුලක්‌ දන්නා අඳුනන කෙනෙක්‌ වෙත ගෙනගොස්‌ දීමේ අරුමයක්‌ නැති නිසා කාවින්ද්‍යා මේ ගැන ස්‌වකීය මෑණියන්ටවත් අමුතුවෙන් කීවේ නැත.

මෙසේ රාජුගේ බිරිඳ විසින් කාවින්ද්‍යා අතේ ජේලර් පුතා වෙත බත්මුලක්‌ යෑවූ එක්‌ දිනයක අතරමගදී අසනීප වන ඇය පාසල් නොගොස්‌ යළි ගෙදර ආවාය. ගෙදර පැමිණි දියණියගේ පොත් බෑගය ඇර බැලු නයනා නිල්මිණී මෙම බත්මුල දැක ඒ ගැන සිය දියණියගෙන් විමසා තිබිණී. ඇය බත්මුලේ කතාව මවට කීවාය. නිල්මිණී බත්මුල ඇර බැලූවේ නිකමට මෙනි. ඇය ක්‌ලාන්ත වූවාය. එය බත් මුලක්‌ නොව, බත්මුලක සැ`ගවූ මත්කුඩු මුලකි. මෙපමණ කාලයක්‌ මේ නොදරුවා අත මේ කාලකණ්‌නින් විසින් ප්‍රවාහනය කර තිබුණේ කුඩුය. බැරිවීමකින් හෝ මේ අසරණ දැරිය පොලීසියට කොටුවී නම් ඉන් පසු නිර්මාණය වන තත්aවයට වඩා මේ මරණය යහපත් වන්නට තිබිණි. නිල්මිණී ආවේගයෙන් රාජුලාගේ නිවසට ගියාය. මේ අපරාධය පිළිබඳ විමසමින් ඇය වේදනාව පහවනතුරු උන්ට බැණ වැදී තිබුණේ මේ කාලකණ්‌නි කුඩු ජාවාරම රටට කියන වග පවසමිනි.

එදා සිට නයනා නිල්මිණීලා රාජුගේ නිවසේ එකෙක්‌ දිහා බැලූවේවත් නැත. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් සතියකට පසුව ධර්මසිරිගේ ජේලර් පුතා වැලිකඩ බන්ධනාගාරය තුළදීම මිලියන ගණනක කුඩු හා තවත් ලක්‌ෂගණනාවක මුදලක්‌ සමග පොලීසියට කොටුවිනි. මේ 

ජේලර් කාරයා කළ මහාපරිමාණ කුඩු ජාවාරමේ සිද්ධි ඉන් අනතුරුව එකින් එක හෙළිවූයේය. ධර්මසිරිත්, රාජු ඇතුළු බත් බැලයනුත් කල්පනා කරනු ලැබුවේ මේ ඔත්තුව පොලීසියට දුන්නේ මේ මව සහ දියණිය විසින් බවය. ජනවාරි 31 වෙනිදා රාජු මුල්වී කාවින්ද්‍යා දියණිය හා ඇයගේ මව වන නයනා නිල්මිණී ඝාතනය කරන්නේ ඒ සැකය පදනම් කරගනිමිනි. 

සිද්ධිය වූ ජනවාරි 31 දින කාවින්ද්‍යාත් ඇයගේ මවත් රත්නපුරයට ගොස්‌ ගෙදර පැමිණ ඇත්තේ රාත්‍රී නවයට පමණය. ඔවුන් නිවසට පැමිණෙනතුරු ඝාතකයා මග බලාගෙන සිට ඇත. අනතුරුව මව සහ දියණිය මරා දැමීම සඳහා එම නිවසේ දොර ඇරදෙන්නේ ඝාතකයාගේ බිරිඳය.

"මම රාජුගෙ නෝන. අපි අතරෙ ප්‍රශ්න තියාගන්න ඕන නෑ. අපි කතාකරලා බේරගමු අක්‌කෙ." 

රාජුගේ බිරිඳ එසේ කියා තිබිණි. නයනා නිල්මිණී නිවසේ දොර හරින්නේ ඉන් අනතුරුවය. ඒ සැනින් නිවසට ඇතුළුවන රාජු නිවසේ දොර වසා යතුරු ලාගෙන නයනා නිල්මිණීගේ හිසට අතේ වු මන්නා පිහියෙන් පහර දී ඇත. විලාප නගමින් බිම ඇදවැටුණු ඇයට රාජු විසින් තවත් පහර කීපයක්‌ එල්ලකර තිබිණි.

ඒ හ`ඩත් සමග කාමරයෙන් එළියට පැමිණෙනා කාවින්ද්‍යා තම මව කපා කොටා මරාදමනු දැක තිබේ. ඒ සැනින් කාවින්ද්‍යා වෙතටද පැන ඇයට ද මන්න පිහි පහර කීපයක්‌ එල්ලකළ මේ කාලකණ්‌නියා නිවසේ දොර වසා දමා ලේ තැවරුණ ඇ`දුම් පිටින් තම නිවසට පැමිණ ඇත. ඔහුගේ විලාශය නිවසේ දරුවන් විසින් දැක තිබිණි. බියපත් වූ ඔවුන් නින්දට ගොස්‌ තිබුණේ කිසිවක්‌ කතා කරගන්නටවත් නොහැකිවය. 

මේ මිනීමැරුම් සිදුවූ දිනට පසුදා එනම් පෙබරවාරි 01 වෙනිදා අලූයම 3.00 පමණ හිතවත් ත්‍රී රෝද රථ රියදුරෙක්‌ සමග යළිත් නයනා නිල්මිණිගේ නිවසට යන රාජු කාවින්ද්‍යා දියණියගේ සිරුරේ ඇ`දුම් ඉවත්කර සිරුර නිවස පිටුපස ලිඳ ළඟට රැගෙන ගොස්‌ සෝදා පිරිසිදු කර තිබිණි. අනතුරුව සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා කරාබු යුගලද ගලවාගෙන ඕපාතවත්ත කැලෑ ප්‍රදේශයට ගෙනගොස්‌ දමන්නට හේ කටයුතු කළේය. එසේ කරනු ලැබ තිබුණේ "කහවත්තේ ඝාතන රැල්ලට" වසන් වී පොලිස්‌ පරීක්‌ෂණ නොමග යවනු සඳහාය. 

අනතුරුව යළිත් රට කැළඹිනි. ඝාතනය සොයන්නට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහළොවක්‌ කහවත්තට ආවේය. පුරා සති පහක්‌ පරීක්‌ෂණ කළේය. පන්සලේ හාමුදුරුවන් ඇතුළු පන්සීයකගෙන් ප්‍රශ්න කෙරිනි. අවසානයේදී පොලිස්‌පතිවරයා විසින් කොළඹින් තවත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කහවත්තට යවනු ලැබුවේය. කෙසේ වෙතත් රාජුවත් ඔහුගේ බිරිඳවත් පොලීසිය විසින් පැහැදිලි ලෙස අත්අඩංගුවට ගන්නේ ඔවුන්ගේ දරුවන් විසින් සිද්ධිය වූ දින සිය පියා ලේ පෙරාගෙන නිවසට පැමිණ සිටි ආකාරය පිළිබඳ තොරතුරු කීමත් සමගය. 

අප ජීවත් වන්නේ මොන ජාතියේ රටකදැයි සිතෙන්නේ සිහිබුද්ධියක්‌ සහිතව මේ සිද්ධි දාමය විමසන විටය. මිනී මරන්නේ මියගිය නිවස ඉදිරිපිට ජීවත්වන උන්ය. ඉදිරිපිට නිවසේ සිටි රාජු පාදඩයෙක්‌ බව ප්‍රදේශයම දැන සිsටියේය. ඒ කාලකණ්‌නින් මේ මව සහ දියණිය සමග දැඩි වෛරයකින් පසුවන බව ගමේ මිනිස්‌සුන්ට රහසක්‌ නොවීය. සිද්ධිය වූ දා රාජුගේ හැසිරිම ගැන සාක්‌ෂිත් ඇති බව කියෑවිනි. මෙවැනි සිද්ධියක්‌ සඳහා සති හයක්‌ තිස්‌සේ පරීක්‌ෂණ කරන උන් අංගවිකල මන්දබුද්ධිකයින්ද, නොඑසේ නම් බූරුවන්දැයි රටම ප්‍රශ්න කරන්නට වූයේ ඒ පසුබිමේදීය. මේ අතර විටින්විට මේ මිනීමරුවාත් ඔහුගේ බිරිඳත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ගත්ත පරක්‌කුවෙන් නිදහස්‌ කළේය. 

ඇත්තම කියනවානම් කහවත්ත පොලීසියට සිද්ධිය සම්බන්ධ මූලික පරීක්‌ෂණවත් නිසිලෙස කරන්නට මේ පාදඩ දේශපාලනයෙන් ඉඩක්‌ ලැබී තිබුණේ නැත. මිනී මැරුවේ කවුද යන්න කොටකෙතන ගමේ උන් දැනසිටියහ. පොලීසිය දැන සිටියේය. විටින්විට පොලීසියට මුන් අත්අඩංගුවට ගන්නට සිද්ධවූයේ හතර විලි ලැඡ්ජාවෙන් බේරීම සඳහා රටට පෙනෙන්නටය. එසේ අත්අඩංගුවට ගන්නා මේ මිනීමරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටවත් පොලීසියට ඉඩ නොලැබුණ ආකාරය ගැන මේ පරීක්‌ෂණයට සම්බන්ධ වූ පොලිස්‌ නිලධාරීන්ම විටෙක කියා සිටියේය. නියපිටින් පහරක්‌ නොගසා කළ සුමට විමසීම් වලින් හෙළි කරගත හැක්‌කක්‌ නොමැති තැන මේ අපරාධකරුවන්ගේ සුලමුල අනාවරණය කර ගැනීම සඳහා උන්ගේ අසරණ නොදරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට සිද්ධවුනේය. නොදරුවෝ බොරු නොකියති. උන්ගේ ප්‍රකාශ අනුව කළ මෙහෙයුම් වලදී බඩුත් සමග අපරාධකරුවන් කොටුවී අපරාධයේ සුලමුල ද හෙළිවූයේය.

මේ කාලකණ්‌නි අපරාධය යළිත් අපට අප ගැනත්, අපේ රට ගැනත් තක්‌සේරුවක්‌ ලබා දේ. රටේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරු කුඩු විකුණති. හයක්‌ හතරක්‌ නොදන්නා පාසල් දරුවන් යොදාගෙන කුඩු ප්‍රවාහනය කරති. එම දේශපාලකයින්ගේ දරුවෝ තමන් සතු කුඩු තොග සමගම රටේ ආරක්‌ෂක මර්මස්‌ථාන වලදී කොටුවෙති. අවසානයේදී ඒ ජාවාරම හෙළිවීම සම්බන්ධයෙන් සැක පහළකර නින්දිත ලෙස මිනී මරති. එම මිනී මැරුම් යටපත් කිරීම සඳහා කළහැකි හැම පාදඩ වැඩක්‌ම කරති. තුට්‌ටු දෙකේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුට මෙවැනි කෙළියක්‌ කළ නොහැකි බව මොළේ කළඳක්‌වත් තිබෙනා ඕනෑම එකෙකුට තේරුම් ගත හැකිය. 

කෙසේ වෙතත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එම් ධර්මසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි තම සම්බන්ධීකරණ ලේකම් කමින් ඉවත්කළ බව ජෝන් සෙනවිරත්න කියා තිබුණේය. මෙවැනි ජාතික අපරාධ පිළිබඳ මේ මහත්වරුන්ගේ තක්‌සේරුව එතරම් සිල්ලරය. සිද්ධවී ඇති දේ ගැන තවත් කිවයුත්තක්‌ නැත. එක්‌ අතකට මේ කාලකන්ණින්ට දෙස්‌ දෙවොල් තබා පලක්‌ නොවේ. රටේ සිටිනා තරමක්‌ අපරාධකාරයින්ද කුඩුකාරයින්ද ස්‌ත්‍රී දූෂකයින්ද මේ තැන්වලට පත්වන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස නොව, මේ රටේ මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුවය. 

මේ නෙලාගන්නේ තම තමන් වැපිරූ අස්‌වැන්නේ තරමය.

ජානක ලියනආරච්චි
හේමන්ත රන්දුනු