Thursday, June 23, 2011

මහින්දාගමනය බැලූ වගයි....!!!!





ඊයේ ඔහේ නිකමට වගේ අපේ සනත් අබේසේකර මහත්තයා හදපු මහින්දාගමනය කියන ‍ෆිල්ම් එක බලන්න ගියා ඕං...!!


කියල වැඩක් නෑ....සෙනග හිටියා සූ ගාල 30 දෙනෙක් විතර ‍ෆිල්ම් හෝල් එක පුරෝලා..හික්

ඒකෙනුත් වැඩි දෙනෙක් ඉස්කෝලේ 11 පන්තියෙන් පහළ කට්ටිය වගේ තමා පෙනුණේ....[මේ අපි (අපි කියන්නේ ඉතින් මමයි මගේයාළුවෝ ටිකකුයි තමා...හික්ගැන නෙවේ ඔය කිව්වේ හරී...!!]
සෙනගත් ගොඩාක් හිටිය හන්දා 2.30 පටන් ගන්න ඕනා ‍ෆිල්ම් එක 2.45  විතර තමා යන්තම් පටන් ගත්තේ....මේ ‍ෆිල්ම් එකෙන් කියවෙන්නේ ඉතින් මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයට කලින් අපේ රටේ සිදුවෙච්ච දේශපාලන ,සමාජයීය රටාව සහ මහින්දාගමනයත් සමග  සියලු දේවල් උඩු යටිකුරු වෙන හැටිනේ..!!!

අබේසේකර මහත්තයා මේ සියල්ලම අපූරුවට පෙළ ගස්සල තියනවා...

ඒත් වැඩේ කියන්නේ මේ ‍ෆිල්ම් එකෙන් නිරූපණය කරන්නේ අපි හැමෝම වගේ දන්න කියන සිද්ධියක් හින්දා බලනකොට ටිකක් බෝරින් වගේ කියල තමා මට හිතුණේ...

කතාවට ටිකක් අලුත් දේවල් ඇතුළත් වෙලා මදි වගේ...කොටින්ම කියනව නම් අපි දන්න කියන කතන්දරේ ගැනම තමා මෙතනදිත් පෙන්නල තියෙන්නේ.....!!!!

ඉතිහාස කතාවකට අලුතින් දේවල් යොදන්න හරිම අමාරුයි තමා..මේ කතා තේමාව හැටියට ඒක ඊටත් වඩා අමාරුයි...ඒත් ඒවගේදෙයක් තිබුනනම් මේ ‍ෆිල්ම් එකේ වටිනාකම තව ගොඩක් වැඩි වෙන්න තිබුණා කියන එක තමා මගේ හැගීම...!!

ඒ මොනා උනත් බලන්න වටින හොද ‍ෆිල්ම් එකක් හොදේ...!!!