අද දවස මගේ ජීවිතේ වටිනාම දවස කිව්වොත් ඒක වැරදි නෑ....
මොකද අද තමයි මං මගේ අනාගතය කියන අඩිතාලම උඩ ගේ හදන්න පටන් ගත්තු දවස....
ඔය වල් පල් ඕන නෑ...
කොටින්ම කිව්වොත්අද මං පේරාදෙණිය කැම්පස් එකේ ලියාපදින්චි උණා (ඉන්ජිනේරු පීටෙනේ)
හෆ්ෆා...අපේ සීනියර් අයියල අක්කල ටික මදි නොකියන්න හෙල්ප් කළා රෙජිස්ටර් වෙන වැඩේදි....
(එයාල නැත්තම් අපි පුරවයි අරෆෝම් සෙට් එක.හෆෝ..)
ඒ වගේම තමයි ඉන්ජිනියර් ෆැකල්ටි එකේ හිටපු සේරම කට්ටිය අපි එතනට ගිය වෙලාවේ ඉදන් ආපහු එනකන්ම අපිට මාර විදිහට උදව්කළා...
ඒ සේරෝටම බොහොම ස්තූතියි....
මගේ ජීවිතේ සිද්ධ උණ (විශේෂයෙන් මේ පහුගිය මාස දෙක තුනේදී) සිද්ධි හින්දා කිසිම අරමුණක් නැතුව හිටපු මට දැන් අලුත්අරමුණක් ලැබුණා...
මං ඒ අරමුණ ලගා කර ගන්න මගේ උපරිම උත්සාහය යොදනව...!!
ඒ වගේම මගේ ජීවිතේ හැමදාමත් මගේ ලගින් ඉන්න,මට හොද නරක කියල දෙන මගේ ආදරණීය අම්මටයි තාත්තටයි ගොඩාක් පින්.....ඒ දෙන්න හින්ද තමයි මං අද මේ තත්වේ ඉන්නේ...
මගේ මේ ගමනට හුගාක් යාළුවෝ බොක්කෙන්ම හෙල්ප් කළා...
ඒ අයටත් ගොඩාක් ස්තූතියි......!!!!!


මගේ උණුසුම් සුභ පැතුම් මචං...........අනිවා.......... අපේ ඉංජිනේරු මහත්තයා.........එල එල මචං....................... DON"T GIVE UP MACHN...WE R WITH YOU!!!
ReplyDeleteසුභ පැතුම් සහෝ... රටට වැඩ කරන්න පුළුවන් හොඳ ඉංජෙක් වෙයන්... ජය වේවා !!!
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් ඔන්න... අක්කලා අයියලා උදව් කලා වගෙම රැග් එක කන්නත් බලා ගෙන ඉන්න වෙයි..:P
ReplyDeleteGood luck my dear yaluuuuuuuuuuuuuuuuuuuuuuu!
ReplyDelete@ගයාන්..තැන්කිව් මචෝ...
ReplyDelete@චතුරංග පෙරේරා...තැන්කිව් සහෝ....
@චතුමිතූ...හ්ම් හ්ම්..ඔව් ඔව්..
@බිනූ....තැන්ක් මචී...
අතීතය සිහිවිය....
ReplyDeleteරොකට් ඇන්ජිම ලඟ සිට ෆොටෝ කෑල්ලක් අල්ලා දාන්කෝ මේ බ්ලොග් එකේ!
ඕකේයි...!!!!
ReplyDeleteඔයාගේ අනාගතේට මගෙනුත් උණුසුම් සුභ පැතුම් චතූ... ඔය යහපත් කම ඉස්සරහටත් තියාගෙන හොද ඉංජිනේරු මහත්තයෙක් වෙන්න........
ReplyDeleteබොහොම ස්තූතියි....
ReplyDeletegood luck malli...remembering my 1st day to E-Fac.....
ReplyDeleteතැන්කිව් අක්කි....!!!!
ReplyDeletesuba pathum magenuth :)
ReplyDeleteතෑන්ක් මචෝ...
ReplyDeleteමල්ලි මුලින්ම ඔයාට සුභ පතනවා,විශේෂයෙන්ම මොරටුව සරසවියට වඩා මමත් ආදරේ කරන්නේ පේරාදෙණියට,පේරාදෙණියේ ඉංජිනේරු පීටය කියන්නේ මනුස්සකම් දන්නා මිනිස්සු පිරිවරාගත්ත ඒකකයක්.ඉස්සර ඉඳන්ම එකේ තිබ්බ සම්ප්‍රදායන් අදත් එහෙමම යනවා ඇති,එදා වගේම අදත් පීටේ හැමෝම සදාචාරය,ගරුත්වය කියන ඒවාට මුල්තැන දුන්න ඒක තමා මනුස්සකමේ රහස.ඔය විශ්වවිද්‍යාලෙන් එලියට එන ඉංජිනේරුවෝ මනුස්සකම දන්නා,වැදගත්,විනයගරුක.....දන්නවනේ කොහේ ගියත් කාඩ් එක තියාගත්තා කට්ටිය.ඉතින් ඔයාලත් එව්වා වෙනස්කරන්න යන්නේ නැතුව ඒ සම්ප්‍රදාය රැකගෙන හොඳ මානුෂික ඉංජිනේරුවෙක් වෙන්න.
ReplyDeleteහා...තව එකක්,ඔයා ආසකරන ෆීල්ඩ් එක අනිවාර්යයෙන්ම කරන්න හුඟක් මහන්සි වෙන්න එතකොට විතරය් ඒක කරන්න පුළුවන්,තමන්ගේ ෆීල්ඩ් එකේ තියරි වගේම ප්‍රැක්ටිකල් ටිකත් හරියටම දැනගෙන එලියට එන්න,එතකොට බය නෑ .......
හරි හරි ඔච්චර සීරියස් ගන්න එපා,ඔය කාලේ ආයේ එන්නේ නැහැ ඒකනිසා පොඩ්ඩක් විනෝද උනාට කමක් නෑ.....
මගෙනුත් සුබ පතුම් මල්ලී...............:)
ReplyDeleteඅලේ!! මෙන්න මම සහ මදුරංග අයින් වෙනකොට පේරෙන් බ්ලොග් ලියන්න තව අය සෙට් වෙලා! අදුනාගැනීම සතුටක්.
ReplyDeleteහැබැයි මල්ලි පින්තුරේ නම් යකඩ කම්මලේ එකක් නෙවේ මල් වත්තේ එකක් හොඳේ ;)
@Tharinduhw122 -ගොඩාක් ස්තූතී අයියේ...!!!
ReplyDelete@Angel Sachi-ස්තූතී අක්කියෝ.... :)))
ReplyDelete@deeps-අදුනා ගැනීම මටත් ගොඩාක් සතුටක් අක්කි...
ReplyDeleteඅනේ පින්තූරේ ගැන නම් සමා වෙන්න ඕනා...හී...