Wednesday, August 31, 2011

ඩූ.....



අද සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගන්න ඕන කියල හිතුව ..
සින්දුවකුත් දාගෙනම වැඩේ පටන් ගත්තා..
මොන ලියන්න මෙලෝ දෙයක් කල්පනා වෙන්නේ නෑනේ...!!

අහ්...ඔන්න කල්පනා උනා පොඩි සිද්දියක්.
මං සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරපු ෆෝන් එක විකුනලා දාල මේ ලගදි අර ඩූ කියල කියන ෆෝන් එකක් ගත්තනේ(මොනාට ගත්තද මන්ද)

ඔන්න ඉතින් මේ ලගදි දවසක හදිස්සියෙම ඒකේ හෑන්ඩ් ‍ෆ්‍රී එක වැඩ කරන්නේ නැතුව ගියා කියමුකෝ...
ෆෝන් එක කනේ තියාගෙන කතා කරන එක එච්චරම හොද නැති හින්දා මේක ඉක්මනට මාරු කර ගන්න කියල හිතාගෙන වගකීමේ කාර්ඩ් එකත් අරගෙන ගියා ගත්තු තැනට..

වැඩේ කිව්ව විතරයි එතන හිටපු බුවා කියපි
 "මල්ලි කරන්න දෙයක් නෑ,ෆෝන් එක සති 2කට දෙන්න පුලුවන් නම් යවල හදල දෙන්නම්" කියල..

කාල වරෙන්කෝ...සති 2ක් ෆෝන් එක නැතුව ඉන්න..!!!
පිස්සු හැදෙයි..
"ඕන නෑ අයිය්යේ" කියල මං නිකමට වගේ අහල බැලුව මේකට හරියන හෑන්ඩ් ‍ෆ්‍රී එකක් වෙනම ගන්න තියේද කියල...
එතකොට ඒකා කියපි "වැඩේ කියන්නේ මල්ලී ,මේ මොඩල් එකට හරියන හෑන්ඩ් ‍ෆ්‍රී එන්නේ නෑනේ"කියපි...

ටවුන් එකේ එක කඩේද තියෙන්නෙ කියල හිතාගෙන කඩෙන් එලියට බැහැලා මුලු ටවුන් එකේම ඇවිද්දා හරියන හෑන්ඩ් ‍ෆ්‍රී එකක් හොයන්න..මොන හරියන එකක් හොයා ගන්න බැරි උනා..!!!

ගෙදර ආවහම හිතුන ඔන්න ඔහේ හෑන්ඩ් ‍ෆ්‍රී එක පොඩ්ඩක් ගලෝලා බලන්න ඕන කියල..
සමහර විට හදන්නත් බැරි වෙන එකක් නෑනේ..!!!

ඔය තියෙන්නේ ලෙඩේ...
වහාම ගත්තා බවුත් එක ..පෑස්සුව..


ෆෝන් එකට හයි කරල බැලුව ...
හික්..ඔය වැඩ කරන්නේ බබා වගේ...
වෙලාවට මට ටවුන් එකෙන් හෑන්ඩ් ‍ෆ්‍රී එකක් හොයා ගන්න බැරි උනේ...
නැත්තම් අපරාදේ මෙ දුප්පතාගෙ පොකට් එකට තවත් කෙල වෙනව..!!!
(පෙරලිච්ච පිට හොදයි අප්පා..)

10 comments:

  1. ඕක තමයි සහෝ කියන්නේ නැතිවෙන්නම හරි එක පාරක් වත් ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා. හරියන්නත් 50% ක සම්භාවිතාවක් තියෙනවනේ. වැරදුනොත් ඒ අත්දැකීම ඊළඟ අවස්ථාවේදී ප්‍රයෝජනවත් වෙනවා. ට්‍රයි කරලා කරලා 2-3 බැරිවුනොත් දහ වෙනි පාර හරි ගොඩ දා ගත්ත හැකි.

    තමන්ම ලෙඩේ හොයාගෙන තමන්ම බේත් කරලා ලෙඩේ සනීප කරගත්තම හිතට දැනෙන සතුට කොහොමද ???

    ReplyDelete
  2. ඔය ට්‍රයි කරල බලන කතාව නම් 100%ක්ම ඇත්ත..ඒ කතාව ජීවිතේ ගොඩාක් දේවල් වලට ගැලපෙනව නේහ්...?
    දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ සහෝ...
    හරියට ලස්සනම ලස්සන කෙල්ලෙක් මගෙන් යාලු වෙන්න ඇහුව වගේ..හී

    ReplyDelete
  3. හී....ඔය ෆෝන් කබලම තියෙන මගෙ යාලුවටත් ඔය දේම සිද්ද වුණා...

    ReplyDelete
  4. හී..ඉතින් එයා මොකද කරල තියෙන්නේ...
    :D

    ReplyDelete
  5. :D :D අපිටනම් ඕව හදාගන්න තේරුමක් නැහැ..එයා එයාගෙ අය්යට කියල හදාගෙන තිබ්බ...

    ReplyDelete
  6. හී හී...
    ඉතින් අනේ මේක හදන එක මහ ලොකු වැඩක් නෙවෙයිනේ...
    ගැලෙව්ව ..පෑස්සුව.. :D

    ReplyDelete
  7. වෙලාවට කිවේ... මාත් ආසාවට ඔය ඩු එකක් ගන්න උන්නේ.... දැන් නම් ඕනේම නැ වගේ... ස්තුතියි ඔත්තුවට

    ReplyDelete
    Replies
    1. නොගන්න එක පර්ස් එකට ගුන දායකයි..හී

      Delete
  8. ඒකනේ මල්ලි කියන්නෙ හැමදේම වෙන්නෙ හොඳටයි කියල......

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....