Wednesday, August 31, 2011

ඩූ.....



අද සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගන්න ඕන කියල හිතුව ..
සින්දුවකුත් දාගෙනම වැඩේ පටන් ගත්තා..
මොන ලියන්න මෙලෝ දෙයක් කල්පනා වෙන්නේ නෑනේ...!!

අහ්...ඔන්න කල්පනා උනා පොඩි සිද්දියක්.
මං සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරපු ෆෝන් එක විකුනලා දාල මේ ලගදි අර ඩූ කියල කියන ෆෝන් එකක් ගත්තනේ(මොනාට ගත්තද මන්ද)

ඔන්න ඉතින් මේ ලගදි දවසක හදිස්සියෙම ඒකේ හෑන්ඩ් ‍ෆ්‍රී එක වැඩ කරන්නේ නැතුව ගියා කියමුකෝ...
ෆෝන් එක කනේ තියාගෙන කතා කරන එක එච්චරම හොද නැති හින්දා මේක ඉක්මනට මාරු කර ගන්න කියල හිතාගෙන වගකීමේ කාර්ඩ් එකත් අරගෙන ගියා ගත්තු තැනට..

වැඩේ කිව්ව විතරයි එතන හිටපු බුවා කියපි
 "මල්ලි කරන්න දෙයක් නෑ,ෆෝන් එක සති 2කට දෙන්න පුලුවන් නම් යවල හදල දෙන්නම්" කියල..

කාල වරෙන්කෝ...සති 2ක් ෆෝන් එක නැතුව ඉන්න..!!!
පිස්සු හැදෙයි..
"ඕන නෑ අයිය්යේ" කියල මං නිකමට වගේ අහල බැලුව මේකට හරියන හෑන්ඩ් ‍ෆ්‍රී එකක් වෙනම ගන්න තියේද කියල...
එතකොට ඒකා කියපි "වැඩේ කියන්නේ මල්ලී ,මේ මොඩල් එකට හරියන හෑන්ඩ් ‍ෆ්‍රී එන්නේ නෑනේ"කියපි...

ටවුන් එකේ එක කඩේද තියෙන්නෙ කියල හිතාගෙන කඩෙන් එලියට බැහැලා මුලු ටවුන් එකේම ඇවිද්දා හරියන හෑන්ඩ් ‍ෆ්‍රී එකක් හොයන්න..මොන හරියන එකක් හොයා ගන්න බැරි උනා..!!!

ගෙදර ආවහම හිතුන ඔන්න ඔහේ හෑන්ඩ් ‍ෆ්‍රී එක පොඩ්ඩක් ගලෝලා බලන්න ඕන කියල..
සමහර විට හදන්නත් බැරි වෙන එකක් නෑනේ..!!!

ඔය තියෙන්නේ ලෙඩේ...
වහාම ගත්තා බවුත් එක ..පෑස්සුව..


ෆෝන් එකට හයි කරල බැලුව ...
හික්..ඔය වැඩ කරන්නේ බබා වගේ...
වෙලාවට මට ටවුන් එකෙන් හෑන්ඩ් ‍ෆ්‍රී එකක් හොයා ගන්න බැරි උනේ...
නැත්තම් අපරාදේ මෙ දුප්පතාගෙ පොකට් එකට තවත් කෙල වෙනව..!!!
(පෙරලිච්ච පිට හොදයි අප්පා..)