Tuesday, February 7, 2012

ලොකු පුංචි ,කොයි කවුරුත්, ඉල්ලන්නේ " ඩෙල්ටා" තමයි..!!!!!

හ්ම්..මදැයි සති තුනකට පස්සේ ගෙවල් පැත්තේ ආව..

මේ දවස් හතර නිකන්ම ගෙවිල ගියා..
නිකන්ම කියන්නේ නිකන්ම...දැනුනෙවත් නෑ...
අද හවස නිකන් ඉන්න ගමන් මගේ කාමරේ ලාච්චුවක් නිකමට වගේ ඇදල බැලුව..!!!
කම්මැලිකමටත් එක්ක..

ම්ම්ම්ම්...ඒකෙ තිබුන දේවල්..
පරන ඩයරියක් අහු උනා මගේ..ඒක කියෙව්ව පැයක් විතර...හී

ඒ දවස් වල ගෙවපු ජීවිතේ නිකං ස්ටීවන්ගේ ‍ෆිල්ම් එකක් වගේ මගේ ඉස්සරහ මැවිල පෙනුනං ඕං..

ඔය අතරේ තමයි මට මතක් උනේ මගේ හොදම යාලුවෙක් ,මගෙන් හදහන ඉල්ලුවා බලන්නයි කියල..
මොකද එයාලගේ තාත්තට හදහන් බලන්න පුලුවන්ලු..
මෙයත් ඉතින් නිකං ඉන්න ගමන් එහෙන් මෙහෙන් ඒක ඉගෙනගෙන...(සමාවේවා ඇත්ත කියවුනෝ..)
ඉතින් වටේ පිටේ ඉල්ලන්න පුලුවන් හැමෝගෙන්ම හදහන් ඉල්ලගෙන ටෙස් කරන්න ඒව බලන එක තමා මෙයා දැන් කරන්නේ..

ම්ම්...අපේ අම්ම ගාවනේ මගේ ඔය හදහන තියේන්නේ..ඉතින් අම්මටත් මේ කතාව කියල ඕං ඕක ඉල්ල ගත්ත..

එතකොට තමා දැක්කේ එතන තිබුන එක්දහස් නවසිය බර ගනන් වල ආපු රෙජිස්ටර් ලියමනක්..
මොකක්ද කියල බලන්න ගත්තාම තමා දැක්කේ මේක ඒ දවස් වල (ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ අටේ...මං තුමා එතකොට දෙක වසරෙලු..)ඩෙල්ටා කම්පැනියෙන් එවපු ලියුමක්..!!!!


කතාව මේකයි..
ඒ දවස් වල පොඩ්ඩන්ට තිබුන හොදම පත්තරයක් තමා බිංදු පත්තරේ..
මමත් ඕක අනිව ගන්නව. (මම කිව්වට ඉතින් අපේ අම්ම තමා ගත්තේ..මොකෝ ඒ දවස් වල ඕව ගන්න තේරෙනවයි)

ඉතින් ඒකෙ තිබුන කො‍ටු පුරනව ගේම් එකක්..දවසක් නිකමට වගේ ඒ එකක් පුරවල
තැපැල් කලා..
මෙන්න බොලේ ටික දවසකින් ගෙදෙට්ට  ලියුමක් එනව ඩෙල්ටා 
"එකෙන් ඔබට සැනසිලි ත්‍යාග්‍යක් ලැබිල තියනවයි,ඒකෙ තෑග්ග විදියට ඩෙල්ටා ටොෆී පාර්සලයක් තැපෑලෙන් ලැබෙයි" කියල..


හික්..ඒකෙ ලියුම තමා මං මේ ආයෙ බලල තියෙන්නේ..
කතාවෙ හොදම හරිය කියන්නේ ඒ තෑග්ග එනකං මං සෑහෙන දවසක් බලං ඉදල තියනවලු අඩ අඩා...
මොන අද වෙන තුරුත් ඒක ලැබුනෙ නෑ ඕං..!!!!
පස්සෙන් පහු ඒක අමතක වෙලා ගොහින් අද තමා ආයෙ මතක් උනේ..

යන්ට ඕනා ඩෙල්ට එක හොයාගෙන මේ ලියුමත් අරං. හී හී හී.....!!!!

අහ්..තව එකක්.
මට කාගෙද මන්ද ෆොටෝ එකක් හම්බ උනා ඔය අතරේ..
වැඩේ කියන්නේ ඒක යටින් මේ මං තුමාගේ නං කෑල්ල ගහල තිබුනනේ ඉංගිරීසියෙන්...
හී හී හී..
කවුරු හරි මේ හාදයව දන්න කියන කෙනෙක් ඉන්නව නං මට දැනුං දෙන්ට හොදේ...!!!!!