Monday, April 25, 2011

AL අනාගන්නෙ නැතුව කරන හැටි...no 2

AL  අනාගන්නෙ නැතුව කරන හැටි...no 2



ඔන්න එහෙනම් අපි AL ගැන කියන කතන්දරේ ඊලග කොටසටත් අවා!!...

මන් මේකෙදි බලාපොරොත්තු වෙන්නෙ AL වලට පාඩම් කරන්නෙ කොහොමද කියල කියන්නයි...

අපි OL වලදි නම් දකින්න පුලුවන් දෙයක් තමා OL විභාගෙට මාස දෙකකට විතර කලින් පාඩම් කරන්න පටන් ගත්ත කෙනාත් ගොඩක් හොද රිසල්ට් එකක් දා ගන්න එක..!!!
ඒත් රජෝ AL එහෙම කරන්න එහෙම ගියොත් අන්තිමට පිහිට වෙන්න දෙයියොත් නෑ හොදද......!!!!
මන් කලින් පෝස්ට් එකේදි කිවුවා වගේ AL වල අපේක්ශා කරන මට්ටම OL වලට වඩා ගොඩක් වැඩියි කියල..ඒක හින්දා අපි AL පටන් ගත්ත දවසේ ඉදලා සැලැස්මක් අනුව තමා වැඩ කරන්න ඕනා.........!

ඒත් ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමා තමන්ට ගැලපෙන සැලැස්මක් හදා ගන්නෙ කොහොමද කියලා....
ඒක ඉතින් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා...මොකද සමහරුන්ට පාඩම් කරන්න(මන් හිතන්නෙ AL  කරන අයට පාඩම් කරනවා කියන වචනෙ ගැලපෙන්න නෑ....සුදුසුම වචනෙ තමා වැඩ කරනවා කියන එක...මොකද පාඩම් කලා කියලා විතරක් AL පාස් වෙන්න බෑ...ඒත් පාඩම් නොකර කොහොමවත්ම පාස් වෙන්න බෑ...!!! ඒක හොදට මතක තියාගෙන වැඩ කරන්න)පුලුවන් රෑට,තවත් සමහරුනට උදේ පාන්දරට....!!!
ඒක හින්දා වැඩ සැලසුම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා...

කොහොමත් A වලදි අපිට ප්‍රධාන විශයන් 3 ක් ලැබෙනවනෙ.ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමා දවසකට විශයන් 1ක් විතරක් ගැන වැඩ කරන එක....එතකොට ඒ විශයට ගතකල කාලයත් එක්ක බලනකොට කරපු වැඩ කොටස ගොඩක් අඩුයි..!!
ඒක හින්දා දවස ඇතුලත විශයන් 3ම කවර් කර ගන්න විදියට වැඩ කරන්න ඕනා..
ස්කෝලෙ පවත්වන දවසක නම් ගෙදර ඇවිත් පැය 6ක් විතර වැඩ කලහම හොදටම ඇති..එතකොට ස්කෝලෙ වැඩ කරන පැය 6ත් එක්ක පැය 12ක් විතර කවර් වෙලනේ...
ඒත් වඩා වැදගත් වෙන්නෙ අපි වැඩ කරන පැය ගාන නෙවේ... පැය ගාන තුල කරන වැඩ ප්‍රමානයයි !!...ඒකත් හොදට මතක තියා ගන්න...
ඔයාල වැඩ කරන හැම පැය බාගයක්ම සැලැස්මක් ඇතුව වැඩ කරනකොට දවසක් ඇතුලත කරන වැඩ ප්‍රමානය ගොඩක් වැඩියි...
ඒක හින්දා කලින් දවසෙ වැඩ ඉවර කරලා නිදා ගන්න කලින් හෙට දවසෙ තමන් ගත කරන්නෙ කොහොමද කියලා ප්ලෑන් එකක් හදා ගන්න...
ඒකට ඔයා නැගිටින වෙලාවෙ ඉදලා නිදා ගන්න යනකම්ම කරන දේවල් අදාල දේවල් කරන වෙලාවත් එක්ක ප්ලෑන් එකට දා ගන්න....
ඕක 100%ක්ම හරියන එකක් නෑ.!!!..
ඒත් ටික දවසක් ඔහොම කරනකොට තේරෙයි මෙච්චර දවසක් පාඩම් කරනවා කියලා කරල තියෙන්නෙ මොනවද කියලා...!!!
ඒක හින්දා හොදට සන්විධානය වෙලා දවසට මුහුන දෙන්න.
(ඕකට කියන්නෙ කාලයට අනුව කලමනාකරනය වෙනවා කියන එකටනේ.මොකද ඔය කොච්චර කියෙවුවත් අපිට කාලය කලමනාකරනය කරන්න බෑනේ...)

තවත් දෙයක් තමා මෙහෙම හදා ගන්න කාල සටහන දවසින් දවස වෙනස් කරන්නත් ඕනා..නැත්නම් එකම රටාවකට වැඩ කරන්න ගිහින් කම්මැලි වෙන එක වෙනවාමයි..!!
ටික කාලයක් මෙහෙම වැඩ කරනකොට ඔයාටම තේරෙයි ඔයාට සුදුසු ක්‍රමයක්!!!
හැබැයි මේක කාටවත්ම කියන්න බෑ ඔයාට මෙන්න මේක තමා හරියනම ක්රමය කියල . ඒක කරලම තමා අල්ල ගන්න වෙන්න...
හරියට ආදරේ වගේ..මොකද කාටවත්ම බෑ ආදරේ කියන්නෙ අහවල් එක කියල කියල දෙන්න..ඒක විදලම(විදෝල නෙවේ) තමා තේරුම් ගන්න ඕනා...!!!

තවත් වැදගත්ම දෙයක් තමා AL විබාගයේ ප්‍රශ්න පත්‍ර රටාවට  හුරු වෙන එක...!!!

කොච්චර වැඩකාරයෙක්ට උනත් එක පාරටම විභාගයට වාඩිවෙලා ලියලා හොද රිසල්ට් එකක් ගන්න බෑ..
ඒකට කරන්න තියෙන්නේ පහුගිය අවුරුදු 25 විතර පේපර් අරගෙන කරන එකයි..!!!
ඒක විභාගයට මාස 6කට විතර කලින් පටන් ගන්නවනම් එල..!!!!

දවස් වල තවම කරල ඉවර නැති තියරි තියනවා තමා..
ඒත් කරල තියන තියරි වලින් කරන්න පුලුවන් ප්රශ්න සෑහෙන්න තියේනේ...
ඒවා ටයිම් තියල කරන්න..!!
ඔහොම කරගෙන යනකොට AL විභාගයට වාඩිවෙනකොට එක විෂයක එක ප්‍රශ්න පත්‍රයක් අඩුම ගානේ 3 සැරයක්වත් කරල තියෙන්න ඕනා...
(නමුත්  ප්‍රශ්න පත්‍රර කරන්න ඕනා හොද අවබෝධයෙන්...කරන්නන් වාලේ නෙවෙයි...!!!)
එතකොට ෂුවර් එකටම 90ත් 100ත් අතර A එකක් එක විශයකින් දා ගන්න එක අමාරු නෑ.!!!!!
තවත් එක දෙයක් කියලා මේ පෝස්ට් එක නවත්තන්නම්කෝ...
තමා තමන්ට විශය කරුනු ගැන එන ගැටලු තමන්ගෙ පාසැල් ගුරු මව්පියවරුන් එක්ක අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න
(කොටින්ම කියනව නම්  ප්‍රශ්න අහල සර්ල මිස්ලව කොර කරන්න ට්රයි කරන්න)...

තව තමන්ගෙ යාලුවොත් එක්ක සාකච්ඡා කරන්න...එතකොට ඔයාලගෙ දැනුම තවත් ඉහල යනවා...!!

තමන් ඉගෙන ගන්න දේවල් ගැන ලියවිලා තියන පොත් කියවන්න ..
ඒව ගැන අන්තර්ජාලයෙන් පොඩ්ඩක් හොයල බලන්න...
එතකොට ඉගෙන ගත්ත දේවල් තවත් තහවුරු වෙනවා(තියරි හොදට මතක හිටිනවා..අමාරුවෙන් පාඩම් කරන්න ඕනා නෑ)

හැම වෙලාවෙම තමන් ගැන විශ්වාසයකින් වැඩ කරන්න.එතකොට වරදිනවා අඩුයි...!!!
ස්කෝලෙන් තියන වාර විභාගයට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න
එතකොට තමන් ගැන තමන්ටම හොද තක්සේරුවක් කර ගන්න පුලුවන්....!!
ටියුශන් පන්ති වලට ගියා කියලා පාසලේ ඉන්න ගුරුවරුන්ව හෑල්ලු කරන්න යන්න නම් එපා........!!!!
(මොකද එහෙම කරන කිසිම කෙනෙකුට හරි යන්නෙ නෑ)..
එයාලගෙනුත් උපරිම  ප්‍රයෝජන ගන්න!!
මේ හැම දේම කරන ගමන්,
සින්දුවක් අහල ,ෆිල්ම් එකක් බලල ,යාලුවො ගෙදර කට්ටියත් එක්ක  ට්‍රිප් එකක් එහම ගිහිල්ලා සතුටින් ඉන්නත් අමතක කරන්න එපා...!!!!
(ඉගෙනුමට වහල් වෙන්න එපා..එතකොට නැති ලෙඩ
මොකද අපි මේ නැහීගන වැඩ කරන්නෙ සතුටින් ඉන්න නෙවේ නම් අහවල් මගුලකටද???... 
මේ හැම දෙයක්ම කරගෙන AL විභාගේ හොදට ගොඩ දාගෙන කැම්පස් එහෙම ගිහිල්ලා රටට වැඩදායක් කෙනෙක් වෙන්න...!!!!!!!

මේ පෝස්ට් එකේ අරමුන AL කරන ඔයාලට ඒක හරියට කර ගන්න පොඩි තල්ලුවක් දෙන එක විතයි හොදද....!!.
ඔයාලට ජයවේවා එහනම්..!!!

10 comments:

  1. එඑ බන් උබ රනයගෙ ටෝක් ජාල ගත කරනවා නෙහ් එල මචෝ...(මේ බන් සිරාවට උබ මේවා කලාද??මම කලේ නැනෙ??)
    මමත් fb share පාරක් දාන්නම්..උබෙ බ්ලොග් එකත් සින්ඩි වලට දාපන් දැන්නම් කිපයක්ම තියනව සිංහල බ්ලොග් රිඩර්ස්ලට පහසුවෙන් සිංහල බ්ලොග් හොයාගන්න තියන sites ජාතියක්...ගුගල් එකක් දාල බලපන්..හුඟක් වැදගත් වෙයි a/l කරන සෙට් එකට!!

    ReplyDelete
  2. අනිවා බන්...රනයගේ,වඩ්ඩගේ,නාපයගේ...ඔය කට්ටියගෙම අදහස් ඔතන තියනවා...තව ඉතින් අතරින් පතර මගේ ඒවත් නැතුවම නෙවේ ඉතින්....හී....
    මාත් ටිකක් විතර වෙන්න ඔහොම කලා බන්...!!!!!

    ReplyDelete
  3. මං නං කලේ අඩියක් විතර උස A අකුරක් ඇඳලා පාට කරලා මේසේ ඉස්සරහා හයි කර ගත්තු එකයි. හැඟ විනාඩියේම ඒක දිහා බලනවා!

    ReplyDelete
  4. ඔව්...ඒකත් හරි තමා.....එතකොට පොඩි ගැම්මක් එනවනේ....!!!!!

    ReplyDelete
  5. කවුද කියන්නේ පාඩම් නොකර උසස් පෙළ ගොඩ දාන්න බෑ කියලා මම පාඩම් නොකර පාස් උනේ එදිනෙදා ටියුෂන් ක්ලාස් එකේ කියලා දෙන දේවල් හොඳට මතක් තියා ගත්තා විතරයි මම එක්සෑම් එකට කලින් දවසෙත් පිස්සු නට නට හිටියේ පොතක් අතින්වත් ඇල්ලුවෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්..පාස් වෙයි..ඒත් හොදට පාස් වෙන හැටි තමා ඉතින් මන් කිව්වේ...
      පෙලක් කට්ටිය ඉන්නවනේ මීට්ර් වෙනවා ඕන දෙයක් ටක් ගාලා...ඒ අයට මේ කතාව එච්චරම අදාල නෑ...!!!

      Delete
  6. අද ඉදලම වැඩේට බහින්න ඕනෙ.. තෑන්ක්ස් වේවා උපදෙස්වලට

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා...!!!

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....