Sunday, April 24, 2011

AL අනාගන්නෙ නැතුව කරන හැටි...!!!!

  AL  අනාගන්නෙ නැතුව කරන හැටි --1

OL කරල දවස් 5 ක් යන්නත් කලින් ඉදන්ම අපේ කස්ටිය AL වලට රට වටේම තියන ක්ලාස් හොය හොය දුවනවනේ.මෙහෙම අවුරුදු දෙක හමාරක් විතර ක්ලාස් ගිහින්,අවුරුදු 2ක් ස්කෝලෙ එහෙම ගිහින්නෙ විභාගයට ලියන්නෙ..ඉතින් අම්මල තාත්තලත් හරිම සන්තෝසෙන් ඉන්නවා දවස් වලට.මොකද තමන්ගෙ එකා (හෝ එකී)සෑහෙන මහන්සියක් දාල,අර පන්තියටයි මේ පන්තියටයි ගිහිල්ල, මදිවට රෑට සර් කෙනෙක්වත් ගෙදරට ගෙනල්ල ඉගෙනගෙන,නිදි මරාගෙන පාඩම් කරල කරපු වැඩ තොගේ හැටියට A 3ක් සුවර්ම තමයි කියල හිතාගෙන.....!!!!

අම්ම ගහයි බැට එකෙන්...!!!විභාග ප්‍රතිපල ආපු දවසට සතුට දෝරෙ ගලාගන යනවා..ගෙදර නිකන් මල ගෙයක් වගෙයි.. A 3ක් එයි කියල හිතාගෙන හිටපු එකාට ඇවිත් තියෙන්න ලයිට් කනුම 3ක්..!!!!!( කියන්න විශයන් 3ටම බඩු හරි ගිහිල්ල කියන එකයි)  “දැන් ඉතින් පාරටවත් බහින්නෙ කොහොමද ලැජ්ජාවක් නැතුව” කියල අම්මල තාත්තල අර AL කරපු අහින්සකයව මරාගෙන කන්න හදනව.. මදිවට අර අහක ඉන්න අහින්සක විභාග කොමසාරිස් තුමා බලු බැනුම් අහනවා අපේ එකාව ෆේල් කරල කියල..!!!
අන්තිමේදි මේ පීඩනේ දරා ගන්න බැරුව විභාගේ කරපු එකා සියදිවි හානිකර ගන්නව.එක්කො ඔලුවෙ අමාරුවක් හදා ගන්නව...ඔන්න ඕක තමයි අපේ රටේ බහුතරයකගෙ AL කතන්දරේ.

මෙහෙම වෙන්න නන්ගියේ මල්ලියේ, ඔයාල AL කරන්න ආවට කරන්නෙ මොකක්ද කියලා නොදැන ALගමන යන එක !!!!  

ඔයගොල්ලො මුලින්ම වරද්ද ගන්න තැන තමා AL කරන්න තමන්ට සුදුසු විශයන් 3ක් තෝර ගන්නෙ නැති එක.ගොඩක් අය විශයන් තෝර ගන්නෙ අම්ම තාත්තා කියන හින්දා(ඒත් වැඩේ කරන්නෙ අම්මවත් තාත්තවත් නෙවෙයි බව ඇත්ත..!!!).විශේශයෙන්ම සයන්ස් කරන කට්ටිය...!!!! 
නටන්න ,සින්දු කියන්න උපන් හපන්කම් තියන එකා මොකා කිවුවත් සයන්ස් කරහම සයන්ස් වලට දක්ශ එකා කොරන්නෙ මොනවද?....
ඔන්න ඔහොම AL කරන්න පටන් ගන්නකොටම කචල් ගොඩක් පටලගෙන තමා වැඩේ පටන් ගන්නෙ..
මෙහෙම බලපෑම් මත විශයන් තෝර ගත්තු එකාට සබ්ජෙක්ට් මතක් වෙනකොටත් අප්පිරියයි.....පාඩම් කරන්න ඕනා කියල මතක් වෙනකොට මේ  මොන කරුමයක්ද කියල හිතෙනව...එහෙව් එකේ විශයන් ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද...ඌට කොටල පෙව්වත් ඒව මතක හිටින්නෙ නෑ සම්මක් ජාතියකට....!!!!!
ඒක හින්දා ඔයගොල්ලො AL කරන්න පටන් ගන්නකොට තමන් වැඩියෙන්ම ආසාකරන විශයන් තෝර ගන්න මතක තියා ගන්න...එතකොට AL ගේම පටන් ගන්නකොටම ෆේල් වෙන එක නවත්ත ගන්න පුලුවන්.

ඊලගට ඔයාල අමාරුවේ වැටෙන තැන තමා ඔයාලට AL ගැන හරි වැටහීමක් නැති එක...OL වගේ නෙවේ, AL වලදි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන මට්ටම වෙනස්

OL වලදි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්න

*ස්මරනය---(කලින් පාඩම් කරපු දෙයක් නැවත මතක් කර ගන්න තියන හැකියාව)
*අවබෝධය---(කලින් එගෙන ගත්ත දේවල් තේරුම් ගත්තද කියන එක) 
ඔන්න ඔය දේවල් විතරයි.....!!!

ඒත් AL වලදි මේ දේවල් 2 අමතරව තවත් දේවල් 3ක් බලාපොරොත්තු වෙනවා...
ඒවා,
 *භාවිතය----(අවබෝධ කර ගත්තු දේවල් යම් යම් තැන් වලදි යොදා ගන්න පුලුවන්ද කියල)
*සන්ස්ලේශනය-----(ඉගෙන ගත්ත දේවල් තමන්ට ඕන උනහම ගලපලා භාවිතා කරන්න පුලුවන්ද කියල)
*විශ්ලේශනය-----(ඉගෙන ගත්ත දේවල් භාවිතා කරල අලුත්ම දෙයක් කරන්න පුලුවන්ද කියල)

ඒක හින්දා OL කරපු විදියටම AL කරන්න ගියොත් උපරිම ගන්න පුලුවන් S3 ක් තමා...!!!!!

ඒත් AL කරන හුගක් දෙනෙක් මේක හරියට තේරුම් ගන්නෙ නැති එක තමා වැඩේ...!!

ඔයා කොච්චර වැඩකාරයෙක් උනත් AL ක්‍රමේට අනුගත උනේ නැත්නම් ඉතින් බඩුම තමා...දෙවි පිහිටයි...!!!!!!

තව දෙයක් තමයි ඔයාගෙ OL රිසල්ට් එක මත නෙවෙයි AL රිසල්ට්  එක තීරනය වෙන්න..
එක එක පුද්ගලයගෙ බුද්ධිය විකසිත වෙන්නෙ එකම කාලෙදි නෙවේ..මන් හොද උදාහරනයක් කියන්නම අපිත් එක්ක AL කරපු කෙනෙක් ගැන..මෑන්ගෙ OL රිසල්ට්  A 10යි..ඒත් AL රිසල්ට්  ගැන කතා කරන්නවත් දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ...ෆේල්..!!!!!! 
ගොඩක් කට්ටිය OL රිසල්ට්  හොද උනහම හිතනවා ALගොඩදාගන්න එකත්OL වගේ ලේසියි කියල!!!මොකද කොච්චර පිස්සු කෙලියත් OL ගොඩදාගන්න එක සිම්පල් ගේමක්නෙ...
ඒත් එහෙම හිතපු කිසිම කෙනෙක්ට S 3න් උඩ රිසල්ට්  එකක් දා ගන්න බැරි බව මතක තියා ගත්තට කමක් නෑ...!! ඒක හින්දා OL රිසල්ට් මදි කියල පසුතැවෙන එකෙත් තේරුමක් නැති වැඩක්..අඩු OL රිසල්ට්  තිබිලා සුපිරි AL රිසල්ට්  දා ගත්ත අය ඕනා තරම් ඉන්නවා...!!!! ඒක හින්දා OL ගැන හිතහිතා ඉදලා තේරුමක් නෑ...AL ගොඩදාගන්න නම් වැඩ කරන්නම වෙනවා....!!!!

දැන් නම් ටයිප් කරලා කරලා එපා වෙලා...!!!! මන් ඊලග පෝස්ට් එකෙන් කියන්නම්කෝ කොහොමද පාඩම් කරන්නෙ කියලා...
තවත් දෙයක් මේ කියපු කිසිම දෙයක් වැදිබන නෙවේ හොදද.....!!!!!!!!   

11 comments:

  1. sampuurna aththa macha

    ReplyDelete
  2. me lipiya balanna nam WINDOWS 7 wala echchara aulak enne na..eath XP wala nam poddak akuru ehe mehe wena gathiyak thiyei wage...
    man post liyanne SINGIRISI soft eken hinda mewa balannath "iskpotab" kiyana font eka ona wenawa...!!!!

    ReplyDelete
  3. අඩෝ රනයගෙ ටොක් ටික කොපි කලා නේහ්??හම්ම්පා!!!...එල වැඩක් අහ්!! ඕකා බුද්දිමය දේපල කියල නඩු දායිද මන්දා..මචෝ සිංහල නැති pc වල සිංහල බ්ලොග් කියවන්න පොඩි(පොඩිත් නැ) විජෙට්ටුවක් හදල තියනව(blog widget) අයියා කෙනෙක් ඒක දා ගනින්..මෙතන බලපන්කෝ!! http://sett-decoder.appspot.com/siIndex.html
    මචො තව එකක් මෙ රෙද්දෙ වර්ඩ් වර්ටිෆිකෙශන් එක අයින් කරපන්..සෙටිංස් වලින්!!

    ReplyDelete
  4. හී හී....ඒකනෙ බාන්...රනය දකින එකක් නෑ...හික් හික් හික්....
    ඕන්න උබ කියපු දේවල් ටික කොලා එහෙනම්.....එලම තමා සහෝ......:D

    ReplyDelete
  5. එල එල කො බන් උබ sett යුනිකොඩ් ඩිකොඩරෙ දාල නැනෙ??දාපන් ඒකත් ඔය දිලා තියන ලිංක් එකට ගිහින් බලපන්!!

    ReplyDelete
  6. අඩෝහ්.. මැක්ස තෑන්ක්ස් බන් අයියෙ

    ReplyDelete
  7. ඒක දෙයක් අපේ රටේ උසස්පෙළ පාස් කියන්නේ කැම්පස් යන්න පුළුවන් කියන එක.ඉතින් ලංකාවේ කැම්පස් නෑ කියල පොඩිඑවුන් මොනවා කරන්නද.කොහොම උනත් තමන්ට උත්සාහය තියෙනවනම් ඕන තැනකට යන්න පුළුවන්.හ්ම්ම් එක තමා මගේ දැක්ම.

    ReplyDelete
  8. Repossessed cars -

    I know this if off topic but I'm looking into starting my own blog and was wondering
    what all is needed to get set up? I'm assuming having a blog like yours would cost a pretty penny?
    I'm not very internet savvy so I'm not 100% certain. Any
    recommendations or advice would be greatly appreciated.

    Cheers

    ReplyDelete

හිතෙන දෙයක් ලියලම යන්න....