Sunday, May 15, 2011

අයියේ එනි කී එක කොතනද තියෙන්නේ.......????


මේකත් මගේ යාළුවෙකුට සිද්ධ උණ සිද්ධියක්.....


අපි මෑන්ස්ට මෙලාන් කියල කියමුකෝ.....

මෙලාන් ටිකක් සල්ලි එහෙම තියන පෝසත් පවුලක කොල්ලෙක්...හරි හොද ඩයල් එකක්...ඔන්න OL එහෙම කරන්න ටික කාලෙකට කලින් මිනිහටත් හිතුණා කපියුට්ර් එකක් ගන්න ඕන කියල...
ඔය දවස් වෙනකොට මමත් කොමක් එහෙම අරගෙන ....
මෑන්ටත් ඉතින් ඔය ගැන හෙණ උනන්දුවක් තිබුණා  දවස් වල අපි හැමෝටම වගේ....

අම්මට නහයෙන් අඩල එහෙම සල්ලි ටිකක් හොයාගෙන ගෙවල් ළග අයියා කෙනෙක් එක්ක ගියා කොමක් ගන්න කියල
ගිහිල්ල  දවස් වල තිබුණ එලම කිරි භාණ්ඩයක් තමා අරගෙන තියෙන්නේ....ඉතින් කොම ගත්තටම මදි නේ..ඕකට සොෆ්ට්වෙයා එහෙමත් දාන්න එපැයි....

ඔන්න  කම්පියුට්ර් කඩේ අයියා මෙලාන්ට දිපි මල්ලි එකෙනම් වින්ඩෝස් දා ගන්නකෝ කියල සීඩී එක....හික් (මෑන් ඒ දවස් වල ටිකක් ටිකක් වෙන්න ඕව ගැන දන්නව...)

වින්ඩෝස් දාල තියන හැමෝම දන්නවනේ සීඩී එක හරහා බූට් කරනකොට press any key to boot from CD  කියල මැසේජ් එකක් එනව කියල..
.
අපේ මෑන්ස්ට එක පාරටම මේක මීටර් වෙලා තියෙන්නේ any key කියන කී එක ඔබන්න කියනව වගේ(මොකද ඒ වෙලාවෙ හිටියේ පුදුම සතුටකින්නේ)

කම්පියුට්ර් කඩේ අයිය බලනවලු මොකද මේ වින්ඩෝස් දාන්න ගිය එකා එක දිගටම කොම හතර පස් සැරයක්ම රීස්ටාට් කරන්නෙ කියල...
මෑන් ළගට ගිහින් අහලා මොකද මල්ලි ඔය කරන්නේ කියල...

එතකොට මෙලාන් කියපි "අනේ නෑ අයියේ..මේකෙ කියනවනේ එනි කී එක ඔබන්න කියල..ඒත් මේ කීබෝඩ් එකේ එනි කී එකක් නෑනේ !! " කියල

හික්...හිතා ගන්නකෝ ඊට පස්සේ උණ වැඩේ...
/ළි
මේක බොරුවක් එහෙම නෙවේ..සිරා සිද්ධ උණ දෙයක්