Monday, July 18, 2011

මගේ ජීවිතේ අලුත් ඇරබුමක්.... !




 අද දවස  මගේ ජීවිතේ වටිනාම දවස කිව්වොත් ඒක වැරදි නෑ....


මොකද අද තමයි මං මගේ අනාගතය කියන අඩිතාලම උඩ ගේ හදන්න පටන් ගත්තු දවස....


ඔය වල් පල් ඕන නෑ...

කොටින්ම කිව්වොත්අද මං පේරාදෙණිය කැම්පස් එකේ ලියාපදින්චි උණා (ඉන්ජිනේරු පීටෙනේ)

හෆ්ෆා...අපේ සීනියර් අයියල අක්කල ටික මදි නොකියන්න හෙල්ප් කළා රෙජිස්ටර් වෙන වැඩේදි....
(එයාල නැත්තම් අපි පුරවයි අරෆෝම් සෙට් එක.හෆෝ..)

 වගේම තමයි ඉන්ජිනියර් ෆැකල්ටි එකේ හිටපු සේරම කට්ටිය අපි එතනට ගිය වෙලාවේ ඉදන් ආපහු එනකන්ම අපිට මාර විදිහට උදව්කළා...

 සේරෝටම බොහොම ස්තූතියි....

මගේ ජීවිතේ සිද්ධ උණ (විශේෂයෙන් මේ පහුගිය මාස දෙක තුනේදීසිද්ධි හින්දා කිසිම අරමුණක් නැතුව හිටපු මට දැන් අලුත්අරමුණක් ලැබුණා...

මං  අරමුණ ලගා කර ගන්න මගේ උපරිම උත්සාහය යොදනව...!!

 වගේම මගේ ජීවිතේ හැමදාමත් මගේ ලගින් ඉන්න,මට හොද නරක කියල දෙන මගේ ආදරණීය අම්මටයි තාත්තටයි ගොඩාක් පින්..... දෙන්න හින්ද තමයි මං අද මේ තත්වේ ඉන්නේ...

මගේ මේ ගමනට හුගාක් යාළුවෝ බොක්කෙන්ම හෙල්ප් කළා...

 අයටත් ගොඩාක් ස්තූතියි......!!!!!



ප/ළි

කකා පහල කොමෙන්‍ටුවකින් පවසා ඇති පරිදි,මෙන්න මං තුමා ජෙට් එන්ජිම අසල සිට ෆොටෝ කෑල්ලක් ගන්නා ලදී...!!!!!!