Friday, May 6, 2011

දානයක්..! දානයක්..!! ශ්‍රම දානයක්..!!!!

ම්හ්...ගෙදර ඉන්න හිතෙන්නෙම නෑ.........!!!!!
මං එක්කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවනේ........
මොන...ඒත් එයා මට එච්චර කැමති නෑ වගේ.....


මොනව කරන්න ගියත් එයා ගැන මතක් වෙනවනේ..!!!
(මන් දන්නව එයා මේක දකින්නෙ නෑ කියලා....!!! ඒත් එයාගේ හොදමයාළුවන්ගෙන් කෙනෙක් මේක දකිනව කියල මට ෂුවර්....හික්)ඒක හින්දා උදේම ගෙදරින් එළියට බැස්සා .....

හෆ්ෆා..මෙන්න අපේ ගෙවල් ළග සෙට් එකක් අපේ ගෙවල් වලට එන පාර එළි කරනවා ....මටත් ඉතින් වැඩක් නැති හින්දා හිතුණා ෆුල් බකප් එකක් දෙන්න ඕන කියල කෂ්ටියට...මොනා කිව්වත් පොදු වැඩක්නේ..... 
(මීට කලින් කිසිම පොදු වැඩක් කරල නැති එක වෙනම කතාවක්....හික්)


කොහොම කොහොම හරි මාත් කැමැත්තෙන්ම වැඩේට සෙට් උණා......වැඩේ කරල ඉවර වෙලා බලනකොට අතේ කරගැට තුනක්....හික්....හුග කාලෙකින්නේ වැඩක් කළේ..........

ඔය තියෙන්නේ මගේ ෆෝන් එකෙන් ගහපු ෆොටෝස් වගයක් (එච්චර පැහැදිලි නම් නෑ.....චයිනීස් ෆෝන් වලින් ෆොටෝස් ගත්තහමඑහෙම තමා ඉතින්....!!!!!)










 ඔය ඉන්නේ ඉතින් මං බුවා තමා....හික්














ම්හ්.....ඔයිට වඩා මේ පෝස්ට් එක ලියන්න හිතෙන්නේ නෑ.....මට ආයෙත් අරයව මතක් වෙනවා.....

මොකද මන්දා සිරාවටම ආදරේ කලහම මෙච්චර දුක .....................

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත.....
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති එකම සම්පත.......


කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ.....
කල්පනා කල පමන මට කල්පනාවක් නැතේ.......

ම්හ්...............................................