Thursday, May 19, 2011

මගේ වෙසක්.....!!!.( එච්චර බැතිබර නම් නෑ.....)

මං වෙසක් දවසේ කොරපු දේවල් දාන්න වෙසක් පහු වෙනකම්ම හිටිය ඕන්...


මොකද කියනව නම් වෙසක් දවසේ උදේ ගෙදරින් ගියාමආපහු ගෙදර ආවේ රෑ 9  විතර...හික්..

උදේ පාන්දරම චාමර අයියා ආවේ නැතෑ අද (වෙසක් දවසඇවිදිමුයි කියල කියාගෙන...
මටත් ඉතින් වෙන වැඩකුත් නැති එකේ හා කිව්වා...!!!

උදේ 9 විතර ගෙදරින් පිටත් උණා...
නමෝ විත්තියෙන්ම දන්සල් දෙකකට විතර ගොඩ වැදුණ ඉතින්...(නැත්නම්  අය තරහවෙයිනේ...)

මුලින්ම ගියේ නැදුන් රජමහා විහාරයට.........







එතන වැඩි වෙලාවක් හිටියේ නෑ.....
ම්හ්...නාච්චිමලේ යන්න ඕන කියල තමා ප්ලෑන් කළේ...
මොන අර චාමර අයියගේ වෙන්ඩ වයිෆරේ කිව්වේ නැතෑ එහේ සෙනග හරීයටකියල...හික්..
මොනා කරන්නද ඉතින්..


කිරිඇල්ලේ තිබුණා අපේ යාළුවෝ වගයක් දෙන නූඩ්ලස් දන්සලක්...
කෝකටත් කියල ගියා එතනට........
අප්පේ එතනදි සෙට් උණා සිරා ඩයල් එකක්...අපි කියන්නේ අණ්ඩා (ඕකගේ නියම නම අමිල නුවන්...) කියල..හික්

ඕන වැඩක් පුළුවන් සිරා පොරක්...
(හැබැයි AL වතුරේ...මේ ගමන ආයෙත් කරනවා...අපේ ගෙදර සතියකට සැරයක් විතර එනවා පාඩම්කරන්න කියලා..ඒත් කොරන පාඩමක් නෑ)

ඉතින් තුන්දෙනත් එක්ක බයික් එකේ ඩබල් දාලා ගියා බෝපත් ඇල්ල පැත්තේ....



මොන වතුර දැක්ක විතරයි මුන්ට නාන්න ඕන උණානේ....
(නාපු ඒවයේ ෆොටෝස් දැම්ම නම් මේක වැඩිහිටියන්ට පමනයි වෙන හින්දා ඒව දාන්නේ නෑ..හික්)
මාත් ඔය අවුරුදු ගානකින් ඔය පැත්තේ ගියාමයි..............
කොහොම කොහොම හරි එතනින් එනකොට හවස 2  විතර ඇති............

ඊට පස්සේ කුරුවිට ඉදල තිබුණ දන්සල් සේරම වැන්දා...(මාර බඩගින්නක තමා හිටියේ)
හවස 6 විතර වෙනකොට ගෙවල් පැත්තට නම් ආවා...

මොන ..ගෙදෙට්ට ගොඩ වෙන්න උණේ නෑ..
අපේ ගමේ කෂ්ටිය තීරණය කරලා තිබුණා ගමේ පාරවල් වල අයිනේ පහන් පත්තු කරන්න ඕනා කියල මේ වෙසක් එකට
(ඇත්තටම කියනව නම් ගම නැගුමෙන් තමා මේක කරන්න කියල දන්වල තිබුණේ...)
ඔන්න ඕකට සෙට් උණා කියන්නකෝ......



 වැඩෙත් 7.30 විතර වෙනකොට ඉවර උණා.............
ඔන්න  ගමන තමා මතක් උණේ යකෝ ගමේ පන්සල් ගියේ නෑ නේද කියල..
(
පන්සල තියෙන්නේ අපේ ගෙදර ඉදලා 100m විතර දුරින්...)
තව යාළුවෝ සෙට් එකකුත් එක්ක ගියා පන්සල්......




ඔන්න කට්ටිය කතා උණා අද ගමේ වෙසක් බලන්න යමු කියලා පයින්ම ගම වටේ.....








මොනා කරන්නද ...4km විතර පයින්ම ඇද්දා...............!!!!
ගෙදර එනකොට 9 විතර උණා...........(අම්මේ...කකුල් දෙක...)


වෙසක් පහු උණත් ඔයාල හැමෝටම සුබ වෙසක් මගුලක් වේවා !!!!!! කියල මාත් ප්‍රාර්තනා  කරනව ඕන්.....