Tuesday, December 27, 2011

ජ්‍යාමිතික සූත්තරය- ගොං පාර්ට් ....!!!!



"අද ප්‍රතිපල නෙට් එකට දානව...."

"නෑ නෑ අනේ හෙටලු එන්නේ ..."

"නෑ අනේ..මේ පරක්කු වෙනවයි කියන්නේ හැමෝටම සාධාරනයක් කරන්න පොදු ඉසෙඩ් එකක් හදනවයි කියලනේ..!!! "


මේ පහුගිය දවස් ටිකේ ගොඩාක් තැන් වල ඇහුන පොදු කතාවක්...
කොහොම කොහොම හරි පරක්කු කරල කරල පෙරේදා රෑ (2011-12-25) රිසල්ට් ආවනේ..

අපෝයි..
මෙන්න මැත්ස් කරපු එවුන්ට කොමර්ස් රිසල්ට් ඇවිත්..
රත්නපුරෙන් මැත්ස් කරල ඒ දෙකයි බී එකයි තියන එකා දිස්ත්‍රික්කේ රෑන්ක් එක දෙසීය ගානක්...

ආශ්චර්යක් ආ....!!!!!


මෙන්න ඒ ගමන ආස්චර්යයේ නියමුවෙක් කියනව ,

"නෑ නෑ ඒක මේ රෑන්ක් එකේ අවුලක් විතරයී...
ඉන්නකෝ ඕක හදල ඉක්මනට දාන්නම්.."
හික්....
සෝක් නේහ්...

පස්සේ බලපුවහම රෑන්ක් හැත්ත ගනන් වල හිටිය උන් නවසිය ගනන් වලට පල්ලම් බැහැල..
ඒකත් ආශ්චර්යයේ ගතියක් වෙන්ට ඇති..
මෙච්චරටම වැරදි වෙන්න මොකෝ මේ විභාග දෙපාර්තුමේන්තුව ගාව තියන කම්පියුට්ර් එහෙම බර ගනන් වල හදපුවද..

අනේ පවු මේ කම්පියුටර් ටික..
මොකද මොනා උනත් අන්තිමටම වැරදි කාරයෝ මේ ගොල්ලොනේ...

ඇත්තටම මෙච්චර දියූනු වෙන,දියුනු කරන්න අවුරුදු බර ගනන් ප්ලෑන් ගහන ආශ්චර්යමත් දිවයිනේ වගකිවයුතු එකෙක්ටවත් මතක් උනේ නැද්ද මේ ගමන දෙගොල්ලක් එක්සෑම් කරනවයි කියල..
යකෝ මොකෝ මේ අන්තිම මොහොත එනකම්ම හිටියේ ජාමිතික සූත්තර හදන්නේ (හික්..ජාමිතික නේහ්.අනේ ඇස් බී.)

මේ කට්ටිය ගන්න මෝඩ චූන් දැකල මට නම් හිතට ආවෙ මේ වගේ පුරස්න ටිකක්..



*මෙච්චර දේවල් වරද්දපු එකේ මේ දීල තියන රිසල්ට් එක ගැන කිසිම විස්වාසයක් තියන්න පුලුවන්ද?????

*අනික මේ අපතයෝ සෙල්ලම් කරන්නේ මේ රටේ වටිනාම ජීවිත කොට්ටාශයක් එක්ක නේද ????

*මේ වගේ වැදගත්ම ,සංවේදීම දෙයක් වත් හරියට කරගන්න බැරි කට්ටියක් එක්ක අනික් දේවල් ගැන මොන කතාද ???

*මේ අය තමන් අතින් වැ‍රැද්දක් උනා නම් ඒක පිලිගෙන හදන්නේ නැතුව ලොකු පාර්ට් දෙන්නේ මේ රටේ ආශ්චර්යමත් ජනතාවට නේද?????

*තමනේ වැරදි හදා ගන්න අහවලා බනිනකංම ඉන්න ඕනද ???

*ඒ අහවලත් මේ වෙලාවේ කරන්නේ කට පියාගෙන මේ වැරදි වලට උදව් කරන එක නේද ??????

*මේ හිතුවක්කාර , අමන තීරන නිසා කී දෙනෙක් අතරමං උනාද ????

*අන්තිමට මේ වැඩේටත් දඩුවම් දෙන්නේ විභාග දෙපාර්තුමේන්තුවේ අහින්සක කම්පියුටරයටද ??? 

මේ රටම ආතල් ලන්තයක් වෙලා අප්පා...

ආශ්චර්යයේ හැටි එහෙම වෙන්ට ඕන...!!!!!!!


Friday, November 25, 2011

අවසානයි ප්‍රේමාන්දරේ ..!!! - මට සමාවෙන්න හැමෝම ...




ආයෙ මේ කතාව දාන්න වෙන්නේ නෑ...
මොකද මේ කතාවෙ කතා නායිකාව ,මේ කතාව මෙහෙම දාන එක ගැන එයාගෙ තදබල විරෝධය මගේ මූනටම ප්‍රකාශ කලා..(හැබැයි ෆෝන් එකෙන් තමා..නැතුව මීට් වෙලා නෙවේ..)
ඉතින් මේ පරන කුනු අවුස්සන්නේ මොකටද කියල මටත් හිතෙනව..
ඉතින් මේක කියෝපු අය මට දහස්වාරයක් සමා වෙන්න ඕන..

Saturday, November 12, 2011

අවසානයි ප්‍රේමාන්දරේ ..!!! - පස්වන කොටස




"මං පරක්කු උනාද ඩියර්... "
හප්පේ...මේ ඉන්නේ මං මෙච්චර වෙලා බලාපොරොත්තු උන කෙනා..

"ම්ම්ම්....නෑ නෑ ..අපිත් මේ දැනුයි ආවේ.."
මං ඒක කියනකොට ගොත ගැහුවදත් කොහෙද..හී..
ඒ තරමටම ශොක් වෙලා...
දාඩියත් පොඩ්ඩක් දානව.

"ඔයා මට පොත දෙන්නමද ආවේ.."
ඒගමන ආයෙත් ඒ කටහඩ..

"ම්ම්ම්...ඔව් ඉතින්..මං පොරොන්දු උනානේ.."

"අයියෝ..මං හිතුවෙ වෙන වැඩකටත් එක්ක අද ටවුන් එන්නේ කියලා..."
මෙන්න මෙයා ඒ සැරේ කම්පා වෙනව....අම්මේ..!!!

"කෝ ඉතින් දෙන්න පොත.."
හිහ්..පොතත් අරන් ඉක්මනට මාරු වෙන්නයි හදන්නේ..
 ආ..ඒව කොහෙද..

"අනේ පොඩ්ඩක් කතා කරමු..මං තාම ඔයා ගැන හරියට දන්නෙත් නෑනේ.."

"අනේ මට තව ක්ලාස් එකක්.."

"කීයටද ?"

"ම්ම්ම්ම්..තව විනාඩි තිහකින් යන්න ඕනා..ඉක්මනට ගියාම පන්තිය පටන් ගන්න කලින් දෙන පේපර් එක කරන්න පුලුවන්.."

"ම්ම්...තව විනාඩි තිහක් තියෙයිනේ..පොඩ්ඩක් කතා කරමූ.."

"හ්ම්..එහෙනම් ස්ටෑන්ඩ් එකට යමු.."

"මචං,මං පොඩ්ඩක් උඩට ගිහින් එන්නම්" (ස්ටෑන්ඩ් එක තියෙන්නේ අපි හම්බවෙච්ච තැනට උඩින්)..
ඒ මං මගේ යාලුවට.

තුශාරගේ උත්තරයක් වත් අහන්නේ නැතුව කෙලින්ම අපි දෙන්න ස්ටෑන්ඩ් එකට ආව..
ස්ටෑන්ඩ් එකට ඇවිත් ඉතින් කතාව තමා දෙන්නම..

බ්ලා බ්ලා බ්ලා බ්ලා....

ඔන්න ඔය වෙලාවෙ මට ඉශාරගේ නම්බර් එක ඉල්ලන්න ඕන කියල හිතුන..
ඉතින් මාත් හෙමින් සැරේ අයිඩියා එක දාල බැලුව..

"අනේ ඩියර් ..මං ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නෑනේ.."
අපෝයි..දැන් මොකෝ කරන්නේ..

"ම්ම්..මං අපේ තාත්තගේ නම්බර් එක දෙන්නද..
මගේ අනික් යාලුවෝ මට කතා කරන්නේ ඒ නම්බර් එකට.."

වෙන මොනා කරන්නද ඉති..

"හ්ම්..දෙන්නකෝ එහෙනම්..."

"මගේ නම්බර් එකත් දෙන්නද?"
ඒ මම...

"ම්ම්ම්...මට දැන් ලිය ලියා ඉන්න ගියොත් පරක්කු වෙනවා..මං කියන්නද..තාත්තගේ නම්බර් එකට රෑට මිස් එකක් තියනවද ?"

"හා..මං මිස් එකක් තියන්නම්"

"කෝ දෙන්නකෝ එහෙනම් පොත.."

"හ්ම්..ආ මෙන්න..."

"ආහ්..මේ මොනාද මේ.."

මලා..මං ගෙනාපු කාඩ් දෙක මෙයා මෙතන ඇදල බලන්නයි හදන්නේ..

"හෝව් හෝව්..ඕක දැන්ම බලන්න බෑ හොදේ..ගෙදර ගිහින් බලන්න.."

"හා හා..."

යන්තම් ඇති ,ඒක පොතත් එක්ක බෑග් එකට දා ගත්තා..

"අන්න බස් එක යන්නයි හදන්නේ..අනේ එහෙනම් මං යනව හොදේ.."

"හ්ම්..පරිස්සමෙන් යන්න..අනිද්දට පන්ති එනව නේහ්.."

"ම්ම්ම්ම්...ඔව් ඔව්...මං යනවා..."

බ්‍රහස්පතින්ද තමා ආයේ ඉංග්‍රීසි පන්ති...!!!

ඉශාර බස් එකට නැගල බස් එක ස්ටෑන්ඩ් එකෙන් යනකම්ම ඉදල මාත් ආයෙ ටැංකිය යටට ආව..
ඇවිත් දෙන්න එක්ක ආපහු ගෙදර ආව..
අම්මේ..එදා හවස් වරුව පුදුම සතුටකින් තමා ගත කලේ...

යන්තම් රෑ හත උනා විතරයි මං ඉශාර දුන්න නම්බර් එකට මිස් එකක් දැම්ම..
ඒත් ඉතින් මේ මම ම ඒ මිස් එක දැම්ම කියල හොයන්න බෑනේ..
ඉතින් දැම්ම මැසේජ් එකකුත්..
මෙන්න බොලේ මැසේජ් එකේ ඩිලිවරි රිපෝර්ට් එකත් එක්කම ආපහු මැසේජ් එකක් එනව ඒ නම්බර් එකෙන්...
ශ..දැන් නම් හිතට මාරම හැපි..!!!!!

තව දවසක් ඉවසන්න එපැයි ආයෙ හම්බ වෙන්න...
හ්ම්..
තවත් දිගග දවසක් ගෙවිල ගියා...

ඕං බ්‍රහස්පතින්දත් උදා උනා..
අලුත් කිටකුත් ගහල,උදේ පාන්දරම පන්තියට ආව...
ම්හ්...කවුරුවත්ම නෑ..හ්ම්..

අපේ අනික් බෝයිස්ල තුන් දෙනත් ආව පන්තියට..
මොන ඒත් ගර්ස්ල සෙට් එක නෑ..

මෙන්න පන්තිය පටන් ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මේ තුන් දෙනාම එනව.(අර මුල්ම කතාවෙ කියපු ඉස්සරහ පේලියේ හිටපු තුන්දෙනා)

මාත් සර්ට හොරෙන වගේ ඉශාරගේ මූන දිහා ශේප් එකේ බැල්මක් දාල බැලුව..
ම්හ්..කිසිම අවුලක් වෙලා නෑ වගේ...හ්ම්..

ඔන්න පන්තියත් වෙනද වගේම ඉවරත් උනා..

"ම්ම්..කොහොමද ඉතින්.."
ඒ මගේ මුල්ම වචනේ අද දවසේ ඉශාට කියපු..

"ම්..හොදයි හොදයි.."

"මගේ නම්බර් එක හරි නේහ්.."

"ආහ්..ඔව් ඔව්..."

"අර කාඩ් දෙක ලස්සනයිද ?

"බුදු අම්මෝ..මතක් කරපු එක හොදයි..
මෝඩයෝ ,ඒ කාඩ් එක දැකල මට හීන් දාඩිය දැම්ම.."

"අහ්..ඒ මොකෝ ඒ......"

Friday, November 11, 2011

අවසානයි ප්‍රේමාන්දරේ ..!!! - හතරවන කොටස




හරි..ගත්ත චාමර අයියට කෝල් එකක්..

අපරාදේ කියන්න බෑ.
හැරෙන තැපෑලෙන් ෆෝන් එක කට් කරල මෑන් මට ආපහු ගත්ත...
එහෙම තමා එයගෙ හැටි..
අපි වගේ වි‍රැකියාවෙන් පෙලෙන මනුස්සයෙක් නෙවේනේ...

"අහ්..මල්ලි කියන්න.."

"මේකයි චාමර අයියේ..පොඩි සීන් එකක්...බ්ලා බ්ලා..."
මං සීන් එක අකුරක් නෑර කිව්ව...

"ම්ම්ම්..හරි මල්ලි..කලබල වෙන්න දෙයක් නෑනේ...සතියක් තියේනේ..මන් හවස එන්නම් ගෙවල් පැත්තේ...ඇවිත් කතා කරමූ.. "

හවස හය වෙනකොට මෑන් අපේ ගෙදර..
කොම් එකේ සින්දුවකුත් හයියෙන් දාගෙන අපි දෙන්න කතාව. (ඒව ගෙදර කාට හරි ඇහුනොත් එහෙම ..හී හී..වසල හමාරයිනේ...)

කතාව අතරෙදි මං ඉශාගෙ(ඉශා කිව්වේ ඉතින් ඉශාරට හොදේ...)පොත පෙන්නුව...

ඒකේ තිබුන නිසදස් පෝලිම දැකපු ගමන් චාමර අයියා කියපි
"අයියෝ මල්ලි..මේ තියෙන්නේ ..
අපි මේ එකක් දාල කාඩ් එකක් හදල දෙමු..මදි වගේ හිතෙනව නම් අවුරුදු සුබපැතුම් කාඩ් එකකුත් හදල දෙමූ.."
ඔය තියෙන්නේ...
මාත් ඉතින් හා තමා...

"හරි මල්ලි, මං කාඩ් දෙක හදල දෙන්නම්. ඔයා මේ නිසදස ටයිප් කරල මට මේල් එකක් දාන්න..එහෙනම් මං කැපුනා...." ආයෙත් චාමර අයිය..

මොකද එයා ඒ දවස් වල වැඩ කලේ ස්‍ටුඩියෝ එකක ෆොටෝ එඩිට්ර් කෙනෙක් විදියට..
මේ තියෙන්නේ ඒ නිසදස...

මගේ ආත්මය.....!!!

ඔබ ගැන දැනෙන සිතුවිලි වල නිමාවක් නොමැත.
එම සිතුවිලි අමතක කරන්න හදන හැම මොහොතකම
එම මතකයන් වැඩි වැඩියෙන් ගලා 
මම නොදනිමි එක මොහොතක්වත්
නුබ මගේ හද තුල මා දැනුවත්ව  නොසිටියත්.....

නමුත්,
මගෙ හද තුල
සිටින එකම පුද්ගලයා නුබයි
මට දැනගන්න පුලුවන්නම් ඔයාගෙ සිතුවිලි
මා ගැන

එවා මොනවා උනත් කමක් නෑ!!!!

මම නුබට ආදරෙයි"

එය කිසි දිනක වෙනස් නොකරමි.......!!

හරි...
කිව්ව වගේම අගහරුවාදට දවස් දෙකකට කලින් කාඩ් දෙකම මගේ අතේ...

ඉතුරු දවස් දෙකත් හරිම හෙමින් ගෙවිල ගිහින් අගහරුවාද උදෙත් උනා..

වෙනද අටයි කාලට විතර නැගිටින මම,එදා උදේ හය වෙනකොට ඇහැරල...
කෙල්ලෙක් මේ විදියට හම්බ වෙන්න යන පලවෙනි දවස තමා අද...
ඉතින් හිතේ බයකුත් නොතිබුනාම නෙවේ..

ඒක හින්දා දන්න කියන එකෙක් එක්ක යන එක හොදයි කියල හිතුන..

ඔය වෙලාවෙ තමා තුශාර අපේ ගෙදර එන්නේ...
තුශාර කියන්නේ මගේ පොඩිකාලේ ඉදලම යලුවෙක්...
අපේ ගෙවල් ලගම තමා ගෙවල් එහෙමත්..
මේ වෙනකොට මෑනුත් දන්නව මේ සීන් එක...

"මචං..අද මෙන්න මෙහෙම වැඩක් හිතාගෙන ඉන්නව..වරෙන්කෝ මාත් එක්ක යන්න.."
ඒ මගේ ඉල්ලීම..

"හරි බං,යමං යමං.."තුශාර එක පයින්..

ගෙදෙට්ට කියන්න හේතුවකුත් තියෙන්න එපැයි හදිස්සියේම මෙහෙම  ටවුන් යන්න...
ඔන්න ඔහේ ඇත්තම කිව්ව...
යාලුවෙක්ට පොතක් දෙන්න යනව කියල...
හැබැයි යාලුව කව්ද කියල කිව්වෙ නම් නෑ..හී

ඉශාරගේ පන්තිය ඉවර වෙන්නේ දොලහ හමාරට (හරියටම මතක නෑ ඒක නං) විතර වගේ....
ඉතින් යාලුවයි මමයි හරියටම ඊට පැය බාගෙකට විතර කලින් රත්නපුර ටවුන් එකේ ස්ටෑන්ඩ් එකේ ටැන්කිය යටට ආව(එතෙන්ට තමා එයා එන්න කියල කිව්වේ.. )

ම්හ්..
දැන් විනාඩි හතලිස් පහක් විතර අපි දෙන්න එතන කට්ට කනව...
කෝ ..එනව තියා එන පාටක් වත් පේන්න නෑ...

යාලුව තවත් එකෙක් එක්ක සෙට් වෙලා බර කයියක් දගෙන...
උන්ගේ ඉස්කෝලෙ බැජෙක්ද කොහෙද...

මං ඉතින් මීටරේ දාගෙන හතර වටේම ඉශාරව හොයනව..

ඕන්න ඔහොම ඉන්නකොට කවුරු හරි කෙනෙක් මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට තට්‍ටු කලා...
මට එච්චර තේරුනේ නෑ ඒක..
මෙන්න ආයෙත් සිනිදු අතකින් මගේ පිටට තට්‍ටුවක්....

ඒ සැරේ නම් මං පිටිපස්ස හැරිල බැලුව...
අහ්.....!!

Sunday, November 6, 2011

අවසානයි ප්‍රේමාන්දරේ.....!!!! - තෙවන කොටස


                                         


මුලින්ම සමා වෙන්න ඕනා තුන් වෙනි කොටස ලියන්න පොඩ්ඩක් පරක්කු උන එකට..
මොකද කැම්පස්, සතියක් නිවාඩු හින්දා සේරම වැඩ තියල පොඩි රවුමක් ඇවිද්දා...
ඉතින් ආයෙත් කතාවට.....
`````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````
ඔන්න පන්තියේ පඩිපෙල නැගගෙන එනව ගර්ල්ස්ලා තුන් දෙනෙක්...
අහ්...හරි..
මේ ඒ තුන්දෙනා තමා..
හ්ම්...
අනික් දෙන්නට මැදින් මගේ සිහින කුමාරිත් එන්නේ...

මුලින්ම තුන්දෙනාටම "ගුඩ්මෝර්නිං .....!!!! "
ගුඩ්මෝර්නිං .....!!!!  ගුඩ්මෝර්නිං .....!!!!
හ්ම්...තුන්දෙනාගෙන්ම රිප්ලයිත් ලැබුන...

"මේ ඔයාගේ නම මොකක්ද හරියටම..."ඒ මගේ සිහින කුමාරි...
හපොයි...මාව කඩාගෙන වැ‍ටුන ....!!!!
මගේ නම වත් මතක නෑනේ...
හ්ම්..."මං අහවලානේ...."
ඒ මගේ උත්තරේ....
"ආහ්..ඒ ඔයා නේහ්...
අන්න ඔයාගේ යාලුව ඔයාව හොයනව පල්ලෙහා
(පන්තිය තියෙන්නේ බිල්ඩිමේ උඩ තට්‍ටුවක කියල කලින් කිව්වනේ..)
ආයෙත් එයාගේ කටහඩ...
"අහ්...කව්ද ඒ...වරුනද ,නැත්තම් ගයාන්ද ?..."

"අර උස එක්කෙනා නෙවේ..."
ආයෙත් ඒ කටහඩ...
"හරිනේ..එහෙනම් වරුන තමා...."

"මේ ඇත්තටම ඔයා අයියා කෙනෙක් නෙවෙයිද ??"
ඒ කටහඩ ආයෙත් නින්නාද දෙනව....
"මේ මං.!!!!..ඇයි එහෙම අහන්නේ ?"

"නෑ ඉතිං...පේරා ඉන්ජිනියරි සිලෙක්ට් වෙලා ඉන්නේ ඔයා නේහ්...ඒකයි අයියා කෙනෙක්ද කියල ඇහුවේ... "

"අයියෝ..මං ඔයාලගේ වයසෙම තමා.."
ඒ මං...
ඔය අතරේ අනික් දෙන්නත් මේ සංවාදෙට දායක උනා තමා..
ඒත් දෙයියනේ ඒ එක වචනයක් වත් මට මතක නැති හැටි..හී

එදා පන්තියට ගර්ල්ස්ලා පස් දෙනාඅගෙන් ආවේ මේ තුන් දෙනා විතරයි...

අපේ තුන් දෙනා හතර දෙනෙක් වෙලා...
පොඩිකාලේ ඉදන්ම අපේ යාලුවෙක් උන ඩිල්ශානුත් අපි පන්තියට සෙට් කර ගත්තා...
හ්ම්...ඕන්න පන්තිය පටන් ගත්තා...

පොඩ්ඩක් කතා කරන්න චාන්ස් එකක් හෙව්වට වැඩේ හරි ගියේ නෑ...
පන්තිය ඉවරවෙන්න වගේ තියෙද්දි පොඩි අයිඩියා එකක් වැඩ කලා ඕං...

අපි පන්තියට සෙට් උනේ පන්තිය පටන් අරන් සති තුනක් විතර ගියාට පස්සෙයි...
ඉතින් කලින් දවස් වල කරපු වැඩ වල නෝට් එකක් තිබුනේ නෑ අපි කා ලගවත්..
ඉතින් මට හිතුන ඉශාරගේ පොත ඉල්ලගෙන යන්න...
එතකොට ආයෙත් සතියේ දවසකත් හම්බ වෙන්න පුලුවන්නේ එයාව...
නිකන්ම නෙවේ ...තනියම...!!!!

හ්ම්..පන්තිය ඉවර වෙලා එයාගෙන් ඉල්ලුව පොත...
එයා ටිකක් වෙලා කල්පනා කරල කිව්වා..
"අනේ එතකොට මට අද නෝට් එක බලන්න වෙන්නේ නෑනේ ආයෙ ලබන සතියෙ වෙනකං "කියල...
අහ්...ඔය වැඩේ සෙට් උනේ ගානට...
ඉතින් මාත් කියපි,
"ම්ම්..එහෙනම් ඔයා පන්ති එන සතියේ දවසක් (මොකද ඒ වෙනකොට එයා රිවිශන් පන්ති යන්න පටන් අරගෙනයි තිබුනේ..) කියන්න..මන් පොත ගෙනත් දෙන්නම්" කියල
අහ්....ඕන්න එයා අහපි,
"එහෙනම් අගහරුවාදට ගෙනත් දෙන්න පුලුවන්ද?? " කියල

අම්මේ ඉබ්බා දියේ දැම්මහම ඇන්නෑවේ කිව්වලු...!!!
මාත් පැනල හා කිව්ව.....
හ්ම්...දැන් නෝට් ඒ ගත්තත් ලියන්න කම්මැලි අප්පා..
ඒ හින්දා ගෙදර යන ගමන් මගින් මුලු නෝට් එකේම ෆොටෝ කොපියක් ගහ ගත්තා...

ගෙදර ගිහින් හෙමින් සැරේ පොත පොඩ්ඩක් පෙරලල එහෙම බැලුව...
හපොයි..පොතේ අග පි‍ටුවල නිසදස් පෝලිමක්..
සේරම විරහ දනවන ඒව...!!!

හ්ම්...හොද බූට් එකක් කාලද කොහෙද...
මට එක පාරටම හිතුනේ එහෙම....
ඕන්න ඉතින් මගේ හිත අප්සෙට්...
එයාට බෝයි කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනේ..හපෝ...

ඕන්න මේ වෙලාවෙදිම වරුනයගෙන් මැසේජ් එකක්...

මචං බෝයි කෙනෙක් ඉශාරව ෆලෝ කරනව...!!!!!

හයියෝ...මේකා ආයෙත් ලනුවක් දෙන්නද දන්නේ නෑනේ යන්නේ...
කෝකටත් කෝල් එකක් දැම්ම වරුනට...

අඩේ මේ සැරේ නං ලනුවක් නෙවේ බන්...
මන් අද එන ගමන් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට ඉශාරයි ,සදරේනුයි ආව බං..
මං උන් දෙන්නත් එක්ක කතාකලා...
උන් දෙන්න ගියාට පස්සේ කොල්ලෝ දෙන්නෙක් ආව බං...
එකෙක් මගෙන් ඇහුව අර මිටි එකට (සදරේනුත් එක්ක එක ලග තිබ්බහම ඉශාර ටිකක් මිටියි..) උබ ලයින්ද කියල...
මං ඉතින් කිව්ව පිස්සුද අයියේ යාලුවෙක් කියල....
පරිස්සමෙන් මචෝ....

හලේ...මේන්න තවත් කචල් එකක්...
හ්ම්..කමක් නෑ...දැන් අගහරුවාදට ගිහින් හම්බ වෙලාම තමා අනික් ඒව ගැන හිතන්නේ කියල හිත  ශේප් කර ගත්තා....

අගහරුවාද යනකොට මොනා හරි විශේශ යමක්(මං එයා ගැන අදහසක් තියාගෙන ඉන්නව වගේ හිතෙන්න ...)කරන්නත් අයිඩියා මට...
ඒත් මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බෑ...

හරි..ඕකට හරියනම මනුස්සය මගේ මීටරේට සෙට් උනා...
මං කලිනුත් මේ බ්ලොග් එකේ ලියල තියනව එයා ගැන..අර පාටි කතන්දරේ...
ඒ තමා චාමර අයියා....!!!!!