Sunday, November 6, 2011

අවසානයි ප්‍රේමාන්දරේ.....!!!! - තෙවන කොටස


                                         


මුලින්ම සමා වෙන්න ඕනා තුන් වෙනි කොටස ලියන්න පොඩ්ඩක් පරක්කු උන එකට..
මොකද කැම්පස්, සතියක් නිවාඩු හින්දා සේරම වැඩ තියල පොඩි රවුමක් ඇවිද්දා...
ඉතින් ආයෙත් කතාවට.....
`````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````
ඔන්න පන්තියේ පඩිපෙල නැගගෙන එනව ගර්ල්ස්ලා තුන් දෙනෙක්...
අහ්...හරි..
මේ ඒ තුන්දෙනා තමා..
හ්ම්...
අනික් දෙන්නට මැදින් මගේ සිහින කුමාරිත් එන්නේ...

මුලින්ම තුන්දෙනාටම "ගුඩ්මෝර්නිං .....!!!! "
ගුඩ්මෝර්නිං .....!!!!  ගුඩ්මෝර්නිං .....!!!!
හ්ම්...තුන්දෙනාගෙන්ම රිප්ලයිත් ලැබුන...

"මේ ඔයාගේ නම මොකක්ද හරියටම..."ඒ මගේ සිහින කුමාරි...
හපොයි...මාව කඩාගෙන වැ‍ටුන ....!!!!
මගේ නම වත් මතක නෑනේ...
හ්ම්..."මං අහවලානේ...."
ඒ මගේ උත්තරේ....
"ආහ්..ඒ ඔයා නේහ්...
අන්න ඔයාගේ යාලුව ඔයාව හොයනව පල්ලෙහා
(පන්තිය තියෙන්නේ බිල්ඩිමේ උඩ තට්‍ටුවක කියල කලින් කිව්වනේ..)
ආයෙත් එයාගේ කටහඩ...
"අහ්...කව්ද ඒ...වරුනද ,නැත්තම් ගයාන්ද ?..."

"අර උස එක්කෙනා නෙවේ..."
ආයෙත් ඒ කටහඩ...
"හරිනේ..එහෙනම් වරුන තමා...."

"මේ ඇත්තටම ඔයා අයියා කෙනෙක් නෙවෙයිද ??"
ඒ කටහඩ ආයෙත් නින්නාද දෙනව....
"මේ මං.!!!!..ඇයි එහෙම අහන්නේ ?"

"නෑ ඉතිං...පේරා ඉන්ජිනියරි සිලෙක්ට් වෙලා ඉන්නේ ඔයා නේහ්...ඒකයි අයියා කෙනෙක්ද කියල ඇහුවේ... "

"අයියෝ..මං ඔයාලගේ වයසෙම තමා.."
ඒ මං...
ඔය අතරේ අනික් දෙන්නත් මේ සංවාදෙට දායක උනා තමා..
ඒත් දෙයියනේ ඒ එක වචනයක් වත් මට මතක නැති හැටි..හී

එදා පන්තියට ගර්ල්ස්ලා පස් දෙනාඅගෙන් ආවේ මේ තුන් දෙනා විතරයි...

අපේ තුන් දෙනා හතර දෙනෙක් වෙලා...
පොඩිකාලේ ඉදන්ම අපේ යාලුවෙක් උන ඩිල්ශානුත් අපි පන්තියට සෙට් කර ගත්තා...
හ්ම්...ඕන්න පන්තිය පටන් ගත්තා...

පොඩ්ඩක් කතා කරන්න චාන්ස් එකක් හෙව්වට වැඩේ හරි ගියේ නෑ...
පන්තිය ඉවරවෙන්න වගේ තියෙද්දි පොඩි අයිඩියා එකක් වැඩ කලා ඕං...

අපි පන්තියට සෙට් උනේ පන්තිය පටන් අරන් සති තුනක් විතර ගියාට පස්සෙයි...
ඉතින් කලින් දවස් වල කරපු වැඩ වල නෝට් එකක් තිබුනේ නෑ අපි කා ලගවත්..
ඉතින් මට හිතුන ඉශාරගේ පොත ඉල්ලගෙන යන්න...
එතකොට ආයෙත් සතියේ දවසකත් හම්බ වෙන්න පුලුවන්නේ එයාව...
නිකන්ම නෙවේ ...තනියම...!!!!

හ්ම්..පන්තිය ඉවර වෙලා එයාගෙන් ඉල්ලුව පොත...
එයා ටිකක් වෙලා කල්පනා කරල කිව්වා..
"අනේ එතකොට මට අද නෝට් එක බලන්න වෙන්නේ නෑනේ ආයෙ ලබන සතියෙ වෙනකං "කියල...
අහ්...ඔය වැඩේ සෙට් උනේ ගානට...
ඉතින් මාත් කියපි,
"ම්ම්..එහෙනම් ඔයා පන්ති එන සතියේ දවසක් (මොකද ඒ වෙනකොට එයා රිවිශන් පන්ති යන්න පටන් අරගෙනයි තිබුනේ..) කියන්න..මන් පොත ගෙනත් දෙන්නම්" කියල
අහ්....ඕන්න එයා අහපි,
"එහෙනම් අගහරුවාදට ගෙනත් දෙන්න පුලුවන්ද?? " කියල

අම්මේ ඉබ්බා දියේ දැම්මහම ඇන්නෑවේ කිව්වලු...!!!
මාත් පැනල හා කිව්ව.....
හ්ම්...දැන් නෝට් ඒ ගත්තත් ලියන්න කම්මැලි අප්පා..
ඒ හින්දා ගෙදර යන ගමන් මගින් මුලු නෝට් එකේම ෆොටෝ කොපියක් ගහ ගත්තා...

ගෙදර ගිහින් හෙමින් සැරේ පොත පොඩ්ඩක් පෙරලල එහෙම බැලුව...
හපොයි..පොතේ අග පි‍ටුවල නිසදස් පෝලිමක්..
සේරම විරහ දනවන ඒව...!!!

හ්ම්...හොද බූට් එකක් කාලද කොහෙද...
මට එක පාරටම හිතුනේ එහෙම....
ඕන්න ඉතින් මගේ හිත අප්සෙට්...
එයාට බෝයි කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑනේ..හපෝ...

ඕන්න මේ වෙලාවෙදිම වරුනයගෙන් මැසේජ් එකක්...

මචං බෝයි කෙනෙක් ඉශාරව ෆලෝ කරනව...!!!!!

හයියෝ...මේකා ආයෙත් ලනුවක් දෙන්නද දන්නේ නෑනේ යන්නේ...
කෝකටත් කෝල් එකක් දැම්ම වරුනට...

අඩේ මේ සැරේ නං ලනුවක් නෙවේ බන්...
මන් අද එන ගමන් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට ඉශාරයි ,සදරේනුයි ආව බං..
මං උන් දෙන්නත් එක්ක කතාකලා...
උන් දෙන්න ගියාට පස්සේ කොල්ලෝ දෙන්නෙක් ආව බං...
එකෙක් මගෙන් ඇහුව අර මිටි එකට (සදරේනුත් එක්ක එක ලග තිබ්බහම ඉශාර ටිකක් මිටියි..) උබ ලයින්ද කියල...
මං ඉතින් කිව්ව පිස්සුද අයියේ යාලුවෙක් කියල....
පරිස්සමෙන් මචෝ....

හලේ...මේන්න තවත් කචල් එකක්...
හ්ම්..කමක් නෑ...දැන් අගහරුවාදට ගිහින් හම්බ වෙලාම තමා අනික් ඒව ගැන හිතන්නේ කියල හිත  ශේප් කර ගත්තා....

අගහරුවාද යනකොට මොනා හරි විශේශ යමක්(මං එයා ගැන අදහසක් තියාගෙන ඉන්නව වගේ හිතෙන්න ...)කරන්නත් අයිඩියා මට...
ඒත් මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බෑ...

හරි..ඕකට හරියනම මනුස්සය මගේ මීටරේට සෙට් උනා...
මං කලිනුත් මේ බ්ලොග් එකේ ලියල තියනව එයා ගැන..අර පාටි කතන්දරේ...
ඒ තමා චාමර අයියා....!!!!!

12 comments:

  1. //සේරම විරහ දනවන ඒව...!!!
    හ්ම්...හොද බූට් එකක් කාලද කොහෙද//

    විරහ කවි ලියන හැමෝම බූට් කාපු අයද? :O
    බලමු බලමු ඉතිරියත් කියවලා....

    ජයවේවා.........!!!

    ReplyDelete
  2. @මැණික් - සුදු මැණිකේ-විරහ කවි ලියන හැමෝම අය බූට් කාපු කස්ටිය නෙවේ..!!!!
    නෑ නෑ අනේ..ඒ මට ඒ වෙලාවෙ හිතුන හැටිනේ...

    බලන්නකෝ ඉතිරි ටිකත්...

    ReplyDelete
  3. ඒ කියන්නේ කතාවට දුෂ්ඨයෙක් එන්ටර් වෙනවද???

    ReplyDelete
  4. ඕනෑම කෙල්ලෙක් ගත්තහම මොකෙක් හරි ඇවිත් අහනවා ඒකට ලියින් ද කියල,මේක හරි කෙලියක් නේ යකෝ කොල්ලෙකුට කෙල්ලෙක් එක්ක කතාකරන්නත් උගෙන් අවසර ගන්න ඕනද(හරියට උගේ කව්රුහරි වගේ අහන්නේ).අහල තියෙනවා ගම්පහ හරියට චන්ඩි ඉන්නවා කියල.මමත් කාලයක් ගම්පහ හිටිය,අපි හරි නම් ඔය මොන චන්ඩියත් එකය්,කව්රු හිටියත් තමන් දන්නවා නම් කරන්න ඕන දේ එච්චරය්.අනික දැන් ඔය ගම්පහ තැන්තැන් වල ඉන්න පොඩි චන්ඩි වගේ නෙමේ ඉස්සර හිටිය මිනිස්සු තම නියම මිනිස්සු,මනුස්සකම දන්නා මිනිස්සු අදත් ගම්පහ අවට ඕනෑතරම් ඉන්නවා,ඒ මිනිස්සු ඕන වෙලාවක හරි දේකට ඉදිරිපත් වෙන්න අපි දන්නේ නැති වෙලාවල එනවා.මටත් එහෙම මිනිස්සු හුඟක් හම්බවෙලා තියෙනවා(නැත්තම් ඉතින් අර මෝඩයෝ මේ සුන්දර නගරය පාතාලයක් කොරනවා).
    හැබය් පය ගම්පහ ඉන්න කෙල්ලෝ ගැන නම් ඉතින් කතාකරල වැඩක් නෑ.(ඔක්කොම නෙමේ -සමහර කෙල්ලෝ ඉන්නවා හරිම කෙලින් වැඩ කරන.අන්තිමට අපිට සෙට් උන කෙල්ලෝ,කොල්ලෝ හුඟක් හරිම හොඳ යාලුවෝ).හැබය් ලව් කරන්න නම් හොඳට හොයන්න ඕන,ඔය අහුවෙන ඕනෑම වගේ කෙල්ලෙක් කතාවට නම් ඉතින් ඉර හඳ ගැන කියන්නේ,කල් යනකොට තමා රස දැනෙන්නේ.
    ගම්පහ ගැන හරිම මිහිරි මතකයක් තියෙන්නේ එක ගැන මම ලියපු එව්වා තියෙනවා.ඒක එලියට දාන්න විදියක් නැහැ,මගේ ගෝලයෝ ටික මේ බ්ලොග් එක බලන්න පටන් අරන්.එක නිසා මම එව්වා තව ටික කාලයක් ගියහම දානවා(කාටවත් මඩ වදින්න බැහැ නේ,අනික ගොලයොන්ට තේරෙන කාලක් එනකන් මට ඉන්න වෙනවා -මගේ ලියන භාෂාව ටිකක් හොඳ මදි දන්නවනේ මම ඔය වටින් ගොඩින් එන්න දන්නේ නැහැ කියල )...lol

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්ම්......අනේ ඇත්තට කෙල්ලෙක් සෙට් කර ගන්නත් පුදුම කට්ටක් නේ කන්න වෙන්නේ!!!

    ReplyDelete
  6. @Dinesh-හ්ම්..ඒ වගේ එකකුත් වෙනව..!!!!

    ReplyDelete
  7. @Tharinduhw122 aiya-කොතනත් ඔහොම තමා අයියේ...!!!
    ඒ කතා ටිකත් ඉක්මනට දාන්න..අපි බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  8. @Samitha -ඒකනේ ඒකනේ..මං දන්නව සමිත මෙහෙම කියන්නේ අත්දැකීමෙන්ම තමා කියල....!!!! :)))

    ReplyDelete
  9. ආදරය කරන කොට කට්ට කන්නම ඕනේ මචො
    නැත්නම් ඒ ආදරේ කිසිම වටිනාකමක් නැ.......

    හදිස්සි වෙන්නෙ නැතුව ඉදපන් හොද කෙල්ලෙක් සෙට් වෙයි

    ReplyDelete
    Replies
    1. :) :)
      අනිව අනිව..දැන් එහෙම වෙලා තියේ..!!!!!
      දැන් තමා තේරෙන්නේ..හී

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....