Saturday, September 3, 2011

චතූට 20 යි...!!!


අද (ඒ කියන්නේ සැප්තැම්බර් 3 වෙනිදා) කියන්නේ මගේ ජීවිතේ වැදගත්ම ලස්සනම දවසක්...

මොකද මීට හරියටම අවුරුදු 20 කට කලින් තමා මගේ ආදර අම්ම මාව මේ ලෝකෙට බිහි කරල තියෙන්නේ...(ඉතින් ඒක වැදගත් නොවී තියේදද....)

ඊයේ රෑ ෆෝන් එක ඕෆ් කරල තමා නිදා ගත්තේ (නැත්තම් ඉතින් නිදා ගන්න වෙන්නේ නෑනේ..)

උදේ ෆෝන් එක ඔන් කරද්දි මැසේජ් කෝටියයි(කෝටියක් කිව්වට කෝටියට වඩා දෙකක් විතර අඩුයි..හී)
දවල් වෙලා බුකිය පැත්තටත් ගොඩ වැදුනා..හ්ම්...ඒකෙත් ඉතින් එහෙමම තමා...

අද නැගිටලා ටික වෙලාවක් කල්පනා කලා පහුගිය අවුරුදු 20 ක කාල සීමාවෙදි මං ලබාගෙන තියෙන්නේ මොනාද,මගෙන් සිද්ද වෙලා තියෙන්නේ මොනාද කියල..
බලාගෙන යනකොට මගෙන් සිද්ද වෙලා තියන දෙයක් නෑනේ..(හී..නිකන් කකා බිබී හිටිය විතරයිනේ...)

හැබැයි මට ගොඩාක් දේවල් ලැබිල තියනව...

ඒත් කල්පනා කරනකොට තමා තේරුනේ එක දෙයක් හරියට ලැබිල නෑ කියල..
(As a rule man is  a fool
always ask what is not කියල කියල තියනවලුනේ...
මමත් ඉතින් ඒ වගේ තමා..හී)

ඒ තමා ආදරේ..ආදරේ කිව්ව්ට දෙමාපියන්ගේ වත් යාලුවන්ගේවත් ආදරේ නෙවේ
(අපෝ ඒව නම් තියෙන උපරිමයෙන්ම හම්බු වෙනව මදි නොකියන්න..හී)
කෙල්ලෙක්ගෙන් කොල්ලෙකුට ලැබෙන ආදරේ ...(පොඩ්ඩක් පොඩ්ඩක් නම් ලැබිල තියේ..ඒත් හරියටම නෙවේ..හී)

මේ තියෙන්නේ අම්මයි තාත්තයි මගේ උපන්දිනේට දුන්න තෑග්ග...හී

ඔය ඉන්නේ කොල්ලා ඒකත් ඇදගෙන..හී




මගේ උපන්දිනේට සුබ පතපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියන්න තමා මං මේ පෝස්ට් එක දාන්නයි කියල හිතුවෙ...
වෙන වෙන විකාර කියෙව්වනම් සමා වෙන්න ඕන...හී