Sunday, July 15, 2012

පුංචි සංදියේ මං..01


ඇත්තටම මගේ පුංචි සංදිය ගැන හදිස්සියේම කල්පනාවට ආවේ මේ පහුගිය දවස් දෙක තුනේ ගෙදෙට්ට වෙලා උන විකාරෙන් කල්පනා කර කර හිටපු හන්දයි.

මේ දවස් වල පේරාදෙනියේ කම්මල පැත්තෙත් වැඩක් නැති හින්ද ගෙදර ආව පොඩ්ඩක් ගෙවල් දොරවල් එහම තියේද කියල බලල යන්න..
මොන ආව දවසට පහු වෙනිදට පහුවෙනිද (විකාරයි වගේ නේ) උන ගැනුන කියමුකෝ..
ඒකත් මහ අමුතු උනක්.(මං තුමාට වෙන්නේ කොහොමත් අමුතුම එවුව !!)

මොකද එදා උන ගැනිච්ච දවසේ රෑ නිදා ගන්න යනකොට ටිකක් විතර ඇග රත් වෙලා තිබුන
කොහොම හරි මට මතකයි මාව නිකං ෆෝන් එකක් වයිබ්‍රේට් වෙනව වගේ වෙලා ඇහැරෙනව..හප්පේ..එතකොට නං සෑහෙන්න හීතලක් හැදිලයි තිබුනේ..සට සට ගාල වෙව්ලනව..!!!

ඒ වෙනකොට වෙලාව පාන්දර 2 ට විතර ඇති..
මට යන්තං වගේ මතකයි අපේ අම්ම මට පැරසිටමෝල් පෙති දෙකක් පොවනව..
කොහොමින් කොහොම හරි උදේ පාන්දර පහට විතර වෙනකොට මෙන්න දාඩිය වැක්කෙරෙනව..
ඒ කියන්නේ ඉතින් උන සනීපයි කියලනේ.

ඒත් ඉතින් මේ දවස් වල උන ගැනුනහම බලන් ඉදීම එච්චර සුභ නැති නිසා උදෙන්ම ගියා ඩොක්ටව මුන ගැහෙන්න..
උන්නැහෙ නං කිව්වේ මේ නිකං ඇග මහන්සියට උන ගැනෙන්න ඇති කියල..(අනේ මං කරන වැඩ..!!!)
වැඩේ කියන්නේ ඒක නෙවේ..
හරියටම දවස් දෙකකට පස්සේ ආයෙත් උන ගත්තනේ..
මේ ගමන නං ලේසියෙන් ෂේප් වෙන්න බැරි උනා..
උනයි,වමනෙයි..කියල වැඩක් නෑ.
ඔන්න ඔහොම ඉන්නකොට තමා මං පුංචි සංදියේ කරපු කියපු,සිද්ද උන දේවල් ගොඩක් මතක් උනේ..
ඉතිං මං ඒ වෙලාවෙම හිතුවා ඒක සීරියස් එකක් විදියට බ්ලොගේ දානවයි කියල..(කාල වරෙන්කෝ..)


මං තුමා ඉපදිලා තියෙන්නේ එක්දහස් නවසිය අනූ එකේ ,නව වෙනි මාසෙ තුන් වෙනිදලු..
අපේ අම්ම නං කියන්නේ මං තුමා උප්පත්තිය ලබනකොටත් මේ දැන් වගේම කලුම කලු පාටයිලු..හික්..(මං නං ඒ කතාව පිලි ගන්නේ නෑ ඕං)
කොහොමින් කොහොම හරි මට මතක තියෙන්නේ නං එක්දහස් නවසිය අනූ හතේ විතර ඉදන් තමා..
ඊට කලින් දේවල් නිකං බොද වෙලා ගියපු චිත්තරයක් වෙගේ..
අඩු ගානේ මට අකුරු කියෝනව වත් මතක නෑ පොඩ්ඩක්වත්..!

හැබැයි අපේ අම්ම කියනව මං තුමා අකුරු කියෝපු දවසේ බොහොම ආසාවෙන් පැන්සල අරගෙන අකුරු ලියන්න හැදුවයි කියල..
මේ තියෙන්නේ ඒ වෙලාවෙ ගත්ත පින්තූරයක්..



හැබැයි මේ පින්තූරේ විදියට මට මුලින්ම අකුරු ලියන්න පුරුදු කරල තියෙන්නේ දකුනු අතින් ..
හැබැයි මං දැන් නං අකුරු ලියන්නෙ වම් අතින්.

අපේ තාත්ත තමා මේ පැත්තේ තියන "මරණාධාර සමීතියේ" භාන්ඩාගාරික තනතුර දැරුවේ.(තාමත් ඒ තනතුර එයාම තමා දරන්නේ)
ඒ දවස් වල ගෙදර නිතරම කීප දෙනෙක් ගැවසෙනව ඔය සමීතියේ වැඩ කටයුතු වලට එහෙම..
ඉතින් ඒ කට්ටිය අතරේ මං තුමත් ප්‍රසිද්ධයි.
වැඩේ කියන්නේ මොන්ටිසෝරි යන කාලෙදි පවා මට මගේ වයසේ යාලුවෝ ගොඩක් හිටියේ නෑ..
ඇත්තටම ඒ දවස් වල මං මගේ වයසේ කට්ටියත් එක්ක වැඩිය එකතු වෙන්න අකමැතියි..
ගොඩක් වෙලාවට මං තුමා මොකක් හරි වලියක් දා ගන්නව එහෙම එකම වයසේ උන් එක්ක.
කොටින්ම කියනව නං ඒ දවස් වල (ම්ම්..ඉස්කෝලෙ හතර වසරට විතර එනකං)මගේ හොදම යාලුවෝ උනේ අපේ තාත්තගේ යාලුවෝ...!!!!

අපේ තාත්ත ඒ දවස් වල ටිකක් සැර කෙනෙක් විදියට තමා මට පෙනුනේ..
මොක්ද එයා මට එච්චරම කැමති නෑ වගේ කියලත් මට හිතිල තියේ..(හී හී..)

මට අද වගේ මතකයි මං උන ගැනිල හිටිය දවසක සිද්ද උන මේ සිද්ධිය..
මං හිතන්නේ එදා වෙලාව හවස දෙකට ,දෙක හමාරට විතර ඇති..
මං තුමා ලෙඩ වෙලා ඇදේ දොයි..
ඔන්න එක පාරටම.........

11 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇත්තටම පුංචි කාලේ හරිම ෂෝයි!

    ReplyDelete
  3. පුංචි කාලේ මතක හරිම සොදුරුයි නේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්...අනේ මංද..සොදුරු මතකයන් වගේම සොදුරු නැති මතකයනුත් ගොඩක් මගේ ගාව නං තියේ..!!!

      Delete
  4. ඇත්තටම පුන්චි කාලේ මාර සුන්දරයි. හිතන්න දේවල් නෑ. ප්‍රශ්න නෑ. ජොලියෙ ඉන්නයි තිබුනේ. ඒත් දැන්............

    ReplyDelete
    Replies
    1. හයියෝ කියල වැඩක් නෑ..

      Delete
  5. Replies
    1. මේ පොඩි වැඩ වගයක් සෙට් උනා බං..ඉක්මනටම ලියනවා..!!!

      Delete
  6. මමත් අපේ තාත්තගේ සමහර යාලුවෝ එක්ක මාර ෆිට් පොඩි කාලේ. ඒ අය අපේ ගෙදර එන්නේ මට මොනව හරි අරගෙන මයි. පොඩි කාලේ ඉතින් සුන්දරයි තමයි නේ..
    …මම නම් මචන් අකුරු කියවන දවසෙ අතට ගත්ත කියන්නේ පොල් කෑල්ලක් ලු. ඒක නිසාද මන්ද පොල් බෑයක් දැක්කම දැන් උනත් ගලවල කන්නමයි හිතෙන්නේ. හි..හි..:)

    ReplyDelete
    Replies
    1. හී...
      මං නං පොල් කන්න එච්චර කැමති නෑ පොඩි කාලෙ ඉදන්ම..!

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....