Showing posts with label හිතුන දේවල්... Show all posts
Showing posts with label හිතුන දේවල්... Show all posts

Tuesday, March 27, 2012

හොදම කාලේ ,කොයි කාලෙද..?





කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් මොකක්ද ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ කියල,
මොකක්ද දෙන උත්තරේ..??
ම්ම්ම්ම්...
ගොඩක් කට්ටිය කියන්නේ "ඉස්කෝලෙ යන කාලේ තමා මගේ ජීවිතේ හොදමම
 ,පට්ටම කාලේ" කියල නේහ්...

අනෙ මන්ද..චතූට නං එහෙම කියන්න හිතෙන්නෙම නෑනේ දැන්..

මෙහෙමයි...
ඉස්කෝලෙන් අවුට් වෙලා ගෙදරට වාත වෙවී හිටිය කාලේ නං එහෙම නොහිතුනේ නැත්තෙත් නෑ..
ඒත් දැන් නම් එහෙම හිතෙන්නේ නෑ..:O

ඒත් මට නං හිතෙන්නේ ජීවිතේ හොදම ,ලස්සනම කාලේ තමා මේ ඔයා ජීවත්වෙන මේ මොහොත කියල..

බලන්නකෝ මේ මේ ගෙවෙන මොහොත කොච්චර නම් සුන්දරද කියල..!!!

අනික අපි පහුගිය කාලයක් ගැන හිත හිතා ලතවෙන්නේ,ඒ කාලේ මෙච්චර සුන්දරයි ,ඒ කාලේ මෙහෙමයි අරෙහෙමයි කිය කියා වර්තමානෙට සාපේක්ශව කතා කරන්නේ මේ මොහොතේ තමන් ගෙවන ජීවිතේ ගැන තමන්ට තියන නොසතුට නිසා නෙවේද ????

පොඩ්ඩක් හිතල බලන්නකෝ අපි කීයෙන් කී දෙනාද වර්තමානේ ජීවත් වෙන්නේ කියල..

බලන් යනකොට අපි ගොඩාක් දෙනෙක් එක්කෝ අතීතෙ ගැන හිතහිතා දුක් වෙනව..
එක්කෝ අනාගතේ ගැන හිතල දුක් වෙනව..

ඔය කාරනා දෙකට මං දන්න හොදම උදාහරනේ තමා මගේ අම්මයි ,තාත්තයි..




මගේ තාත්ත අතීතේ ගැන වත් අනාගතේ ගැන වත් හිතල කවමදාවත් තැවෙන්නේ නැති චරිතයක්..
ඒත් අපේ අම්ම ඒකේ අනික් පැත්ත..!!!





ම්ම්ම්..මොකද මංද මට මේ ගැන මේ වෙලාවෙ මතක් උනේ..
හ්ම්...මොක උනාම මොකෝ..
ඔන්න ලියල දැම්ම...!!!!