සති 3කට පස්සේ ඊයේ හවස යන්තම් ගෙදරට ආවා......
ඒත් අද උදේ නැගිටිනකොට මහා අමුතු කාන්සියක් පාළුවක් හිතට දැනුණා.......
ඒ ගත කරපු සති 3 මගේ ජීවිතේ හොදම (එලම,ආතල්ම) කාලෙන් කොටසක් කියලා දැන් හොදටම තේරෙනවා.....!!!!!
කොටින්ම කියනවනම් මං මේ කියන්න හදන්නේ පහුගිය දවස් වල රටේ මහා ආන්දෝලනාත්මක කතාබහකට මුල පිරිච්ච නායකත්ව පුහුණු වැඩසටහන ගැන.....
ඒක ගැන පිටින් බලාගෙන ඉදලා කියන කතාවක් නෙවේ මේ....!!!
ඒ වැඩසටහනට සහභාගී වෙලා ,ඒ වැඩසටහන සාර්ථක විදියට නිම කරපු කෙනෙක් (නායකයෙක්...හී හී) විදියට තමා මං මේ සටහන ලියන්නේ.......!!!!
ඇත්තම කියනව නම් මේ වැඩසටහනට යන්න කලින් මමත් හිතාගෙන හිටියේ මේ කොරන්න යන්නේ අපිට හමුදා පුහුණුවක් දෙන්නතමා කියල...
ඒක හින්දා ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන තමා ගියේ.....
අප්පේ ඒත් ගියාමනේ වැඩේ තේරුණේ හරියටම.....
මේ වැඩසටහනෙන් අපිට තැනකට ගිහින් ඉන්නේ කොහොමද,ගැලපෙන විදියට හැසිරෙන්නේ කොහොමද,විනයක් හදා ගන්නේකොහොමද,ටීම් වර්ක් එකක් කරන්නේ කොහොමද,ඕනාම අභියෝගයකට මුහුණ දෙන්නේ කොහොමද,ශාරීරික යෝග්යතාවයපවත්වාගෙන යන්නේ කොහොමද,සනීපාරක්ෂාව රැක ගන්නේ කොහොමද වගේ ගොඩක් දේවල් කියක දුන්නා....
ගොඩක්ප්රායෝගික ක්රියාකාරකම් කළා.....තව ප්‍රායෝගික නීතිය ගැනත් ගොඩක් කරුණු ඉගෙන ගත්තා....
කොටින්ම කියනව නම් මගේ ජීවිතේ සති 3ක් එක දිගට පිට තැනක හිටියමයි.....!!!!!!!
ඒත් ඒකේ කිසිම වෙනසක් දැනුණේ නෑ..............!!!
අපිට තිබුණ එකම අඩුපාඩුව තමා (ඒක ඇත්තටම අඩුපාඩුවක් නෙවේ ...ඒත් මේ කාලෙට නැතුව ඉන්න බෑනේ..හී හී) අපේ සෙට් එකේ එක කෙල්ලෙක්වත් හිටපු නැති එක....හී හී හී......!!!!
කොහොම කොහොම හරි අපි ඒ දවස් ටිකේ පට්ටම පට්ට ආතල් සහ ප්‍රයෝජනවත් ජීවිතයක් ගතකළා ......අපේ කෑම්ප් එක ඇතුළේ සිද්ධ උණ රසම රස සිද්ධි ගොඩයි.......
ඒවත් හෙමින් සැරේ කියන්න තමා බලාපොරොත්තුව.......මේ තියෙන්නේ අපි ගෙවපු ජීවිතේ ගැන පොඩි තොරතුරු ටිකක්......
* ෆන් එක උතුරනවා......
* කට්ටිය ලෝකාන්තේ ගියානේ.......
*දෙනවනම් කන්නම්කෝ.......
*SB ඇවිත්.....
*ඉදල හිටල හොද වැඩත් කලා......
*සන්ධ්‍යා ක්‍රීඩා.............
*දවල්ට කෑවට පස්සේ පොඩි ෆන් එකක්......
*බනත් ඇහුවා......
*අපේ බිලට් එක ලග දේදුන්නක්......
*මේ අපේ බිලට් එකේ පිවිසුම් දොරටුව....
*අපිව භාරව හිටිය කපිල සර්....
*සමුගැනීම දුකකි...ඒත් කුමක් කරන්නද........!!!
හිතට එන හැම දෙයක්ම කුරුටු ගාපු තැනක් තමා මගේ සිහින විජිතය කියන්නේ... බොරු කතන්දර නෑ.. ගොඩක් තැන් වල තියෙන්නේ මගේ ජීවිතේදි මට අත්විදින්න සිද්ද උන දේවල්..
Sunday, June 12, 2011
Saturday, May 21, 2011
සමු ගනිමි ඔබෙන් සති තුනකට......!!!!
ඔන්න මටත් නායකත්ව පුහුනුවට යන්න ඇවිත්....හී හී....
ඒක හින්දා ඉතින් තව සති 3ක් යනකම් කොමකින් නෙට් එන්න වෙන්නේ නෑ වගේ....!!!! ලොල්....
ඒක හින්දා ඔය හැමෝටම සති තුනක් යනකම් ආයිබෝවන් කිව්වා එහෙනම්.......ඕකේ..!!!!
වැඩි විස්තර අපේ මදුශාන්ගේ බ්ලොගේ තියේ.....
Subscribe to:
Posts (Atom)



















