Wednesday, November 2, 2011

අවසානයි ප්‍රේමාන්දරේ ..!!! - පලමු කොටස




කැම්පස් ආවට පස්සේ ලියන මුල්ම පෝස්ට් එක මේක..
හැබැයි මට සිද්ද උන කනගා‍ටු දායකම දෙයක් ගැන මුලින්ම ලියන්න වෙන එක නම් හිතට මොකක්ද වගේ...හ්ම්..
කමක් නෑ....ඒකෙන් හරි මේ දුක් වෙන හිතට සහනයක් එන්නේ නැතැයි...!!!

මං මේ ලියන්නේ මං ජීවිතේට කරපු පලමුවෙනි සැබෑ ආදරේ ගැන...

ඒත් මේ පෝස්ට් එක අදම ලියන්න හේතුව තමා ඒ ආදරේට නැවතීමේ ති තිබ්බේ මේ පැය කීපයකට කලින් හින්ද..!!!!!

මේන්න මේකයි මගේ ආදර කතන්දරේ..........!!!!

AL ඉවර වෙලා මාස 7ක් විතර උන කාලෙදි තමා මේ ආදර කතාවට මුල පිරෙන්නේ...
ඒ දවස් වල පිස්සුම කෙලල ඇති වෙල හිටපු කාලයක්..
කැම්පස් ලගදිම පටන් ගනී කියල හිතුන හන්දා ඉංගිරීසි පන්තියකට යන්න හිතුනා...
මගේ අතිජාත බොක්කක් (ගයාන්) එක්ක මන් පන්තියක් හොයනකොට පොඩි ගෲප් ක්ලාස් එකක් සෙට් උනා....

ඒ ක්ලාස් එකේ අපි දෙන්නත් එක්ක කොල්ලො 3 දෙනයි හිටියේ...5 දෙනෙක්ම කෙල්ලෝ.
ක්ලාස් එකට ගියපු කොල්ලෝ 3 දෙනා තමයි වරුන ,ගයාන් සහ මේ මං ....

ඕන්න ක්ලාස් එකේ මුල්ම දවස..
මමයි ගයානුයි ක්ලාස් එක තියන තැනට එනකොට ටිකක් පරක්කු වෙලා..
අපි ඉතින් ටවුන් එකට එන්න පැය භාගෙක විතර දුරක් ගෙවාගෙන එන්න ඕනනේ..(කැලේකනේ ඉන්නේ..)

වරුන ක්ලාස් එකට ඇවිත්...
ඒත් තනියම හින්දා ක්ලාස් එක ඇතුලට ගිහින් නෑ...
ඕන්න අපි 3 දෙනා තට්‍ටු 4ක් විතර නැගලා හති දාගෙන ක්ලාස් එකට ගියා ..
හප්පේ...පන්තියට ඇතුල් වෙන තැනම ඉස්සරහ පේලියේ ලස්සනම ලස්සන කෙල්ලෝ 3 දෙනෙක්ම වාඩි වෙලා..
අනික් දෙන්න ඊලග පේලියේ...
අපිත් ඉතින් රබර් ඇහැ දාල ශේප් එකේ පන්තිය අතුලට ගියා....

එදා පන්තියේ අපිට තිබුන මුල්ම වැඩේ තමා ඉස්සරහට ඇවිදින් තමන්ව හදුන්වා දෙන එක...
ඉතින් ලේඩීස් ෆර්ස්ට් කියල කියනවනේ...
මුලින්ම ඉස්සරහ පේලියේ වම් අත පැත්තේ කෙලවරේම හිටපු ගර්ල් ඇවිත් තමන් ගැන කඩ්ඩෙන් හෝ ගාල කියෝගන කියෝගන ගියා...(නම සදරේනු කියමුකෝ...)

ඕන්න ඊලගට බෝයිස්ලගේ වාරේ...

හප්පේ..සර් (සර්ගේ නම රුවන් කියමුකෝ) මාව පෙන්නල කිව්වේ නැතෑ ඔයා මුලින්ම එන්න කියල...
මාත් ඉතින් බයෙන් බයෙන් ගිහින් කඩ්ඩ පොඩ්ඩක් ගැට ගහ ගත්තා කියමුකෝ...

මං ඉතින් මගේ AL රිසල්ට් එකත් කිව්ව කියමුකෝ....

මෙන්න බොලේ ඒක කිව්ව විතරයි ඉස්සරහ පේලියේ දකුනු පැත්තේ කෙලවරේ හිටපු ගර්ල් (නම ඉශාරා කියමුකෝ...) නිකන් හොරෙන් වගේ මගේ මූන දිහා බලල "මයි කන්රෙජුලේශන්" කිව්ව කියහන්කෝ....

හික්ස්...
මං ඉතින් මහ හයියෙන් පන්තියටම ඇහෙන්න කිව්වා "තෑන්ක් යූ "කියල...

හප්පේ..ඕන්න ඔය සිද්දියෙන් පස්සේ මට නිකං මොකක්ද මොකක්ද උනා වගේ තේරුනා...
ස්පීච් එක ඉවර වෙලා පන්තියේ ඉදගෙන ඉන්නකොටත් ඒ සිද්දිය මට නිකං මැවිල වගේ පේන්න පටන් ගත්ත කියමුකෝ..හී

ඕන්න ඉතින් ඒ ගර්ල්ගෙත් චාන්ස් එක ආව ඉස්සරහට ඇවිත් කතා කරන්න...

මං මගේ සියලු සිහින ලෝක වලින් මිදිල සැදී පැහැදී හිටිය ඒ ගර්ල්ගේ නම දැන ගන්න...
වැඩේ කියන්නේ ඒ ගර්ල් ඉස්සරහට ඇවිත් බොහොම නිදහස් විදියට තමන්ගේ විස්තරයක් ඉදිරිපත් කලා ...
මං කොර...!!!
කොටින්ම නම වත් මතක නෑ මට...
කතාව ඉවර උනේ කොතනින්ද කියලවත් මතක නෑ...
වරුනයගෙන් අහල තමා නම දැන ගත්තේ...

වරුනට ඇහුන විදියට ඉශාරා ඉන්නව කියල තිබුනේ නිවිතිගල  පැත්තේ..
ඒ කියන්නේ කලවාන හරියේ...
තව එකක් මට මතක තිබුන..ඒ තමා ඒ ඉස්සරහ හිටපු ගර්ස්ලා 3 දෙනාම බාලිකා කියල...
එයත් එක්ක කතා කරන්න ඕන කියල කට මැදගෙන හිටියත් එදා චාන්ස් එකක් හම්බ උනේ නෑ...
මොනා කරන්නද ,ඕන්න එකයි තිහත් පහු උනා..
පන්තිය ඉවර උනා..
කට්ටිය එලියට බැස්ස ...ගියා...

මමත් අපේ දෙන්නත් එක්ක ගෙදර එන්න ආව..
තවත් දෙයක්.,ආයෙ පන්ති තියෙන්නේ තව සති දෙකකින්..
මොකද හරියටම ඊලග සතියේ පන්ති තියන දවසේ තමා අලුත් අවුරුදු උදාව යෙදිල තිබුනේ..
මදෑ..තව සති දෙකක් ඉවසහන්කෝ.....!!!!!
ටවුන් එකෙත් ටිකක් වෙලා රස්තියාදු පාරක් දාල එහෙම ගෙදර යන්න බස් එකක එල්ලුනා...
මං ඉතින් මගේ සිහින ලෝකයේ තනිවෙලා දන්නෙම නැතුව ගෙදෙට්ටත් ඇවිත්...
මොන ඒත් හිත අතන...!!

ම්ම්ම්ම්..කල්පනා පාරක් දාල බැලුව කොහොමද මෙයා ඉන්න තැන හරියටම හොයා ගන්නේ කියල...හරිනේ...ඔය ආවෙ අයිඩියා පාරක්..

මං හොදටම දන්න ගර්ල් කෙනෙක් ඉන්නවා අයේශා කියල..එයත් බාලිකා තමා ගියේ..අහ් ..එකම වයසේ...

මං වහාම එයාට මැසේජ් එකක් දැම්ම ඉශාරා ගැන අහල..මොන රිප්ලයි නෑ පැය ගානක් ගියා(එහෙම නොවී තියේයැ මං කරන වැඩ වලට..ඒක වෙනම කතාවක්.. )
ශික්..හිතටත් අප්සෙට්...
මොනා කරන්නද ඉතින්..... 
ඕන්න ඔහොම එදා දවස ගෙවුනා...

මෙන්න බොලේ අනික් දවසේ පාන්දර මං ඇහැරුනේ ෆෝන් එකේ වයිබ්‍රේට් එකේ සද්දෙට...
හිතින් බැන බැන ෆෝන් එක ඉස්ස්සුවහමයි දැක්කේ..
හුරේ මේන්න අයේශා මට මැසේජ් එකක් දාලා.....!!!!

Thursday, September 29, 2011

ඕන්න තවත් දැවැන්ත මඩ ප්‍රහාරයක් ....

මේ කතාව පාසැල් අවදියේ මතකයක්..(පාසැල් අවදියේ මතකයක් කිව්වට මහ ලොකු කාලෙකට කලින් නෙවේ...අවුරුදු 4කට විතර කලින්..)

මේ සිද්දිය සිද්ද උනේ අපි OL විභාගේ අන්තිම පේපර් එක ලියපු දවසේ වගේ තමා මතක..!!
අපේ බුවෙක් හිටියා ,මිනිහා ඕනම තැනක පොඩ්ඩක් විතර කැපිල පේන්න හදන ජාතියේ ඩයල් එකක්..(ඔය හින්දම පෙලක් තැන් වලදි කැපිලම ගියේ නැතුවත් නෙවේ..හී)
මිනිහගේ නමේ අග කෑල්ල කිව්වහම ඉතින් ඉස්කෝලේ ගොඩාක් කස්ටිය දන්නව අහවලා තමා කියල..

ඔන්න OL ලියන දවස් වල අපේ සෙට් එක කාටද අන්චියක් දාන්නේ කියල ඉන්නකොට මතක් උනා මේ කතා නායකයව...!!!!
අපේ සිරා ඩයල් එකක් ඉන්නවා (මඩ ගැසීම සම්බන්දයෙන් ඒ දවස් වල නම් දැරූ පොරක් ) අමිල කියල...මෑන් භාර ගත්තා මඩ කැම්පේන් එක...
ඕන්න OL විභාගේ අන්තිම දවසත් ආව කියමුකෝ...
අමිලගෙන් තාම කිසිම ආරන්චියක් නෑ මඩ කැම්පේන් එක ගැන...
අපේ සෙට් එකට සෑහෙන්න අවුල් ඉතින්..
ඇයි යකෝ මූ අපෙන් රුපියල් 10 ගානේ එකතු කලත් එක්කනේ මේ වැඩේට..(කෑමට ඇරෙන්න හිතේ අප්සෙට් එකක් නැතුව සල්ලි දෙන්නේ ඒ දවස් වල ඔහොම වැඩකටම විතරයි...හී)

දැන් ඔන්න අන්තිම පේපර් එකත් ලියල කස්ටිය බැස්ස කියමුකෝ විභාග ශාලවෙන් එලියට...
අපිත් එක්ක මේ කතාවෙ කතා නායකයත් හිටිය...
මෙන්න බොලේ ශාලාවෙ නෝටිස් බෝර්ඩ් එකේ පොඩි දැන්වීමක් ගහල..
අහ්..මෙන්න මේක දැක්ක විතරයි අපේ කතා නායකය මල ජම්ප් වෙලා දගලනව හෝ හෝ ගාල...
එකම සීන් එකයි එතන...
දැන්වීම ගහපු එකාගේ පරම්පරාවම ඉවර කරනවා..
(බැරි වෙලාවත් අමිලය හිටිය නම්ම් එතන ,අපිට පෝශන සතියක් ලැබෙන්නත් ඉඩ තිබුන..හී)
මේ තියෙන්නේ ඒ දැන්වීම...

                                                      සොයා දෙන්න


මුල්ලේරියාව රජයේ මානසික රෝහලේ18 වෙනි වාට්‍ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි xxxxx 2007 -12 -02 දින සිට අතුරුදහන්ව ඇත..
අවසන් වරට ඇද සිටියේ ස්පයිඩර් මෑන් අමුඩයක් පමනි(ඒ දවස් වල ස්පයිඩර් මැන් පිස්සුව මෑන්ට තදටම ගහල තිබුන...)
උස අඩි 5 .5 ක් පමන වේ..
කොන්ඩය කොටට කපා ස්ටාර්ට් කර ඇත..

ඉදිරි ඇන්දේ කෘදන්තක දත් යුගල අලියෙකු පැඩීම නිසා කැඩී ඇත.
තාවකාලිකව පැරිස් බදාමයෙන් පුරවා ඇත..
කට ඇරීමේදී ලාක්ෂනික මඩ පුවක් ගදක් පිටවේ..
ශරීරය අසල නිතරම නිල මැස්සන් ගැවසෙනු දැකිය හැක.
පරිඝනක ක්‍රීඩා වල නියැලීම නිසා තට්ටම් යුගල මට්ටම් වී ඇත..නිතරම නහය හාරමින් සිටී..පුරුද්දක් ලෙස සරම් ඇද ගස් නැගීම සිදු  කරයි..


ඔන්න ඉතින් අපි බුවාව ශේප් කර ගෙන ශාලාවෙන් එලියට ආව කියමුකෝ...
අනික් හෝල් එක ලගින් (අපේ ශාලා 2කක විභාගේ තිබුන) යනකොටත් බුවා පරල වෙලා කෑමොර දෙනව..පස් කනව කොටින්ම..හී
බලනකොට ඒ දැන්වීම ඒ ශාලාවෙත් වැදිල...!!!!

ඕන්න ටවුන් එකටත් ආව කොහොමින් කොහොම හරි...
අපි ටියුශන් ගිය තැනක් තියනව ඇල්ෆා කියල ටවුන් එකේ..
ඉතින් කට්ටිය අහවල් සර්වත් හම්බ වෙලාම යමු කියල ගොඩ උනා එතෙන්ට...
හප්පේ...
මෙන්න අපි එනකොටම සර් අපේ කතා නායකයගෙන් අහපි
"යකෝ උබ දැන් නැති වෙලා කියල අපිට ආරන්චි උනානේ කියල"

හී...කොහොම හරි අමිලය පෝස්ටරේ ඇල්ෆා එකෙත් ගහල..(කොහොමද මඩ පාර..)
කොහොම හරි මේ පෝස්ටරේ කොපිය ගානේ අපේ සෙට් එක අතර බෙදා හරින්නත් අමිලය කරුනාවන්ත උනා ඔන්න....
අපේ කතා නායකය සතියක් දෙකක් ගෙදරින් එලියට බහින්න බැරුව හිටියයි කියල තමා ආරන්චි...හී

Saturday, September 3, 2011

චතූට 20 යි...!!!


අද (ඒ කියන්නේ සැප්තැම්බර් 3 වෙනිදා) කියන්නේ මගේ ජීවිතේ වැදගත්ම ලස්සනම දවසක්...

මොකද මීට හරියටම අවුරුදු 20 කට කලින් තමා මගේ ආදර අම්ම මාව මේ ලෝකෙට බිහි කරල තියෙන්නේ...(ඉතින් ඒක වැදගත් නොවී තියේදද....)

ඊයේ රෑ ෆෝන් එක ඕෆ් කරල තමා නිදා ගත්තේ (නැත්තම් ඉතින් නිදා ගන්න වෙන්නේ නෑනේ..)

උදේ ෆෝන් එක ඔන් කරද්දි මැසේජ් කෝටියයි(කෝටියක් කිව්වට කෝටියට වඩා දෙකක් විතර අඩුයි..හී)
දවල් වෙලා බුකිය පැත්තටත් ගොඩ වැදුනා..හ්ම්...ඒකෙත් ඉතින් එහෙමම තමා...

අද නැගිටලා ටික වෙලාවක් කල්පනා කලා පහුගිය අවුරුදු 20 ක කාල සීමාවෙදි මං ලබාගෙන තියෙන්නේ මොනාද,මගෙන් සිද්ද වෙලා තියෙන්නේ මොනාද කියල..
බලාගෙන යනකොට මගෙන් සිද්ද වෙලා තියන දෙයක් නෑනේ..(හී..නිකන් කකා බිබී හිටිය විතරයිනේ...)

හැබැයි මට ගොඩාක් දේවල් ලැබිල තියනව...

ඒත් කල්පනා කරනකොට තමා තේරුනේ එක දෙයක් හරියට ලැබිල නෑ කියල..
(As a rule man is  a fool
always ask what is not කියල කියල තියනවලුනේ...
මමත් ඉතින් ඒ වගේ තමා..හී)

ඒ තමා ආදරේ..ආදරේ කිව්ව්ට දෙමාපියන්ගේ වත් යාලුවන්ගේවත් ආදරේ නෙවේ
(අපෝ ඒව නම් තියෙන උපරිමයෙන්ම හම්බු වෙනව මදි නොකියන්න..හී)
කෙල්ලෙක්ගෙන් කොල්ලෙකුට ලැබෙන ආදරේ ...(පොඩ්ඩක් පොඩ්ඩක් නම් ලැබිල තියේ..ඒත් හරියටම නෙවේ..හී)

මේ තියෙන්නේ අම්මයි තාත්තයි මගේ උපන්දිනේට දුන්න තෑග්ග...හී

ඔය ඉන්නේ කොල්ලා ඒකත් ඇදගෙන..හී




මගේ උපන්දිනේට සුබ පතපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියන්න තමා මං මේ පෝස්ට් එක දාන්නයි කියල හිතුවෙ...
වෙන වෙන විකාර කියෙව්වනම් සමා වෙන්න ඕන...හී