Tuesday, July 10, 2012

අපි සැලෙන්නේ නෑ නෑ....!!!


මතකයිනේ මං කලින් දවසක කිව්ව කොහොමද මං ගෙදෙට්ට මොබිටෙල් 3ජී හොයා ගත්තේ කියල..
ඔන්න ආයෙත් අලුත් පුරස්නයක් පැන නැගිල ඒ සම්බන්ධව..

මොකද කියනව නං මං තුමා දැන් වැඩිය ගෙදර ‍රැදෙන්නේ නැති හන්ද අපේ ගෙදර උදවිය මගේ ඇටවුම ගලෝල දාල ඒක තිබුනහම ගේ කැත වෙනව කියල..


දැන් ඉතින් ගෙදර ආවහම ජාල ගත වෙන්න හෙන ගේමක් දෙන්න ඕන..
එක්කෝ ලැපත් අරන් ගේ වටේ යන්න ඕන..නැත්තං ඩොගත් අරන් අල්ලපු ගෙදෙට්ට දුවන්න ඕන..

මොන කරදරයක්ද මේ..!!!!!


ඒ මදිවට මේ දවස් වල හෝ ගාල ඩිස්කනෙක්ට් වෙනව..
කාලගුනේ එච්චර හොද නෑනේ..


හැබැයි ඉතින් මං තුමාගේ මේ ටිකිරි මොලේ තියනකං ඕවත් පුරස්නද ???
මේං බලන්නකෝ දැන් මං තුමා කොහොමද 3ජී හොයා ගන්නේ කියල..



වෙලාවට ගේ ඉස්සරහ දොඩං ගහක්  තියේ..!!!!!
හැබැයි අර කලින් තරම් සිග්නල් ස්ට්‍රෙන්ත් එකක් නම් නෑ..




උන්නු හැටියට මලා මදෑ..!!!

ප/ළි

මං තුමා දැක්ක යූ ටියුබ් එකේ තියනව කොහොමද ඩොංගල් එකකට ඇන්ටෙනාවක් හදන්නේ කියල..
ට්‍රයි එකක් දාල බලන්න ඕන .



Friday, July 6, 2012

පරා අයියේ,මට සමාවෙයන්...!!!!!




ඇත්තම කියනව නං මේ පෝස්ට් එකේ නම මෙන්න මේ විදියට තමා එන්න ඕන "
"පරාක්‍රම අධ්‍යක්ශක තුමනි, මට සමාඋව මැනවි..!!!!"

මාව පුද්ගලිකව දන්න කියන එවුන් මේක දැකල ටිකක් කලබල වෙන්නත් පුලුවන්.
මොකද මාව ලියාපදිංචි වෙලා තියෙන්නේ චින්තන සභාපතිතුමාගේ පාර්ශවේ පුද්ගලයෙක් හැටියට තමා ...
ඒත් ඉතින් මොනා කරන්නද ..
මේක නං කියන්නම වෙනව.!!!

ඇත්තටම මට අපේ ප්‍රරාක්‍රම අධ්‍යක්ශක තුමාගෙන් සමාව ගන්න තරම් මොකක්ද බොලේ උනේ...!!!!!

කෙටියෙන් කියනව නං මේන්න මේකයි කතන්දරේ...

මට මතකයි එතුමා මීට සෑහෙන කාලෙකට කලින් ඔය මොකක්දෝ මන්ද චන්දයක් කට ලගට ආපු වෙලාවක හෙන ඇත්ත්‍රෑක්ටිව් පොරොන්දුවක් දුන්න... 

ඒ තමා එතුමගේ පාර්ශවය බලයට ආවහම (ඒක ඉතින් මේ කපේදි වෙන්නේ නෑ..)පෙම්වතුන් වෙනුවෙන් වෙන් කෙරුනු ප්‍රේම උයන් නිර්මානය කරනව කියල.
අපරාදෙ කියන්න බැ මට මතක විදියට අනික් පාර්ශවෙන් ඔය පොරොන්දුව අල්ලගෙන ඇති පදම් එතුමට නෙලුව මතකයි..
මේ මමත් ඒ දවස් වල ''මේකට පිස්සුද කොහෙද ?"කියල හිනා උනා මතකයි..
ආන්න ඒ හිනා උන එක ගැන තමා මං මේ එතුමගෙන් සමාව ඉල්ලන්නේ...

මොකද ඒ වගේ තැනක් නැතුව හැම තැනම චාටර් වෙන සමස්ත පෙම්කරන ජනතාව දැක්කහම ඇඩෙනව අප්පා..!!!

මාස ගානක් දින ගැන ගැන බලන් ඉදල,සෑහෙන කාලයක් පෙරුම් පුරල යාන්තම් ගෙවල් වලත් ඇස් වහල තමන්ගේ ප්‍රේමවන්තිය(අපේ භාශාවෙන් කෑල්ල)හම්බ වෙන්න යන ඒ දුක්විදින පෙම්වතා මොන තරම් නං චාටර් කෑමක් කනවද අප්පා මේ වගේ ස්පොට් එකක් නැතුව....

මං කියන්නේ බොරුවක් නං වැල්ලවත්තෙන් පටන් අරන් ගල්කිස්ස වෙනකං මූදු වෙරල දිගේ දවල් 10 ට විතර ඇවිදන් යන්නකො..

අඩු ගානේ හිතේ හැටියට උම්ම එකක් දී ගන්න බැරුව ඇබරෙන ජෝඩු ගොඩාක් දැක ගන්න පුලුවන් වෙයි...
සමහර විට අතිශයින් වැඩිහිටියන්ට පමනයි දර්ශනත් සෙට් වෙන්න බැරිමත් නෑ.
කොහොමත් උදේ 10 ට විතර මුලු බීච් එකම කට්ට අවුවෙන් වැහිල තියන වෙලාවනේ..
ඒත් ඒ කට්ට අවුවේ ,අවුව පයිසෙකටවත් ගනන් ගන්නේ නැතුව තමන්ගේ ලෝක වල අතරමං වෙලා ඉන්න ජෝඩු ඕන තරං හොයා ගන්න පුලුවන් මේ කලින් කිව්ව මුහුදු තීරෙ ඇතුලත..

ඇත්තටම අපේ ප්‍රේමවන්තයෝ සහ ප්‍රේමවන්තියෝ මෙච්චර කට්ට කන්න ඕන නෑනේ අර වගේ ප්ලේස් එකක් තිබ්බ නං...

අනික මේ ජෝඩු ගසා කන කී දෙනෙක් නං මේ බීච් එකේ ඉන්නවද ?

අනික භයානකම කාරනේ තමා මේ එක කිසිම ජෝඩුවකට නිසි ආරක්ශාවක් ඔය කියන ප්‍රදේශෙ නැති එක..
කොල්ලට දෙකක් ගහල කෙල්ලව අරන් ගියොත් ඉතින් මොනා කරන්නද ?

මේ වගේ ඉන්න අය බය කරල සල්ලි කඩා ගන්න එක මේ පැත්තේ අමුතු දෙයක් නෙවේ..
ඉතින් මේ සේරම දේවල් නවත්ත ගන්න තිබ්බ නේද අර වගේ එක උයනක් තිබ්බ නං..!!!
අනික එතකොට සදාචාරෙ ගැන ප්‍රශ්නත් මේ විදියට ඇති වෙන එකක් නෑ..
ඕනම පොඩි ලමයෙක්ට ඇස් ඇරගෙන බීච් එකේ යන්නත් පුලුවන් වේවි..!!!!


ප/ළි
පරාක්‍රම අධ්‍යක්ශක තුමා සහ චින්තන සභාපති තුමාව නොදන්නා එවුන් (එසේ එවුන් සිටිය නොහැක)"ඇන්ඩ් කොම් පැනි"බලත්වා...

ප/ප/ළි
මෙය හුදෙක්ම දුක්විදිනා පෙම්වතුන් උදෙසා නගන හඩක්ම පමනක් වේ..!!!!!

Monday, July 2, 2012

වෙජි සෝන්ග්..!!!








සෑහෙන සෑහෙනම කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න වෙලාවක් යන්තම් හම්බ උනා..

ම්ම්...මොනාද ලියන්නේ කියල හිත හිත ඉන්නකොට තමා මේ සින්දුව මතක් උනේ..
ඇත්තටම මොකක්ද මේ වෙජි සෝන්ග් එක කියන්නේ..?

ඇත්තටම මේකට වෙජි සෝන්ග් කියල නම දැම්මේ මේ සින්දුව මට කියපු පුද්ගලය වෙජිටේරියන් පොරක් හින්දයි..
නැතුව මේ සින්දුව වෙජි කට්ටියට විතරක් අදාල වෙනව කියන අදහසින් නම් නෙවේ..

දැන් සින්දුව මොකක්ද කියල බලන්න කලින් අහල ඉන්නකෝ  මේ සින්දුව මට හම්බු වීමේ කතාවත්..
ඒක මෙහෙමයි..

අපේ කැම්පස් එකේ සෙට් එකක් මේ පහුගිය දවසක පොඩි ට්‍රිප් එකක් ගියා කියමුකෝ...
පහුගිය දවස් ටිකේ මයිනරි ස්ටාෆ් කට්ටියගේ ස්ට්‍රයික් එක හින්ද අපිට පොඩ්ඩක් විතර ‍ෆ්‍රී..

ඉතින් ඔන්න මමත් සෙට් උනා..
දන්නෙවනේ ඉතින් ට්‍රිප් එකක් කිව්වහම..!!!

අරව මේව එක එක අයිටම් ලෝකයයිනේ..

ඒවයිනුත් චතූ ආසම කරන අයිටම් එකක් තමා හයියෙන් කෑ ගහල බෙරිහන් දීල සින්දු කියන එක .(අහන් ඉන්න මිනිස්සුන්ට නං අපූලයි කියල දන්නව.. ඒත් ඉතින් ට්‍රිප් එකක්නේ..හී)
ඉතින් ඔය ට්‍රිප් එකට මේ සින්දුව මට කියපු වෙජි ඩයල් එකත් සෙට් උනා..
රෑ ආපහු එනකොට මෑන්ස්ට විශේශ ආරාදනාවක් ලැබුන අපේ සෙට් එකෙන් ඔය සින්දුව කියන්නයි කියල..

ඔන්න එතකොට තම මෑන්ස් මේ සින්දුව කිව්වේ...
හප්පා..ඇස්වහක් කටවහක් නෑ..
ඇඩෙන්න සින්දුව කිව්ව..!!!
මේකෙ නියම සද්දේ ගන්න නං හයියෙන් කියන්න ඕනලු...
මෑන්ස් ෆුල් සවුන්ඩ් දාල බෙරිහන් දීල තමා මේක කිව්වේ..
මේන්න මේකයි සිංදුව..

අයෑම් ගොයින් ‍ටු බී අ ගොවීයා...///
ඇන්ඩ් ප්ලාන්ට් සම් එලවලු

හැන්ග් යුවර් ට්‍රවුසර් ගමු උදැල්ල බහිමු කුබුරට///
ඇන්ඩ් වර්ක් ෆෝ ලන්කාවට

පිපිඣ්ඣ් කරවිල අල බතල ඉන්නල///
ගිව්ස් යූ විටමින්ස් ලයික් වානෙ පිත්තල

වැටකොලු වම්බ‍ටු ප‍තෝල තිබ්බ‍ටු///
යූ කැන් ගෙට් දෙම් ඇට් මාර්කට් පිටකොටූ

එන්න කන්න මස් මරන්න කන්න එලවලූ///
දැන ගන්න ඕනෙ සැවොම සියලු.

ඇත්තම කියනව නං මේ සින්දුව අපි හැමෝටම ගැලපෙනව නේහ්...!

ප/ලි

මේ සින්දුවේ එක තැනක විශේශ අකුරක් ඕනි වෙනව ..ඒත් මේ හදිස්සියට ඒක හොයා ගන්ට බැරි උනා..ඉතින් ඔන්න ඔහේ ලගින් යන අකුරක් දැම්ම..
ඒකට ඉතින් සොරිම තමා..

ප/ප/ලි

අයියෝ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ සින්ගිරිසි වලින් ඒ අකුර ටයිප් කරන හැටි.. :D