Wednesday, November 2, 2011

අවසානයි ප්‍රේමාන්දරේ ..!!! - පලමු කොටස




කැම්පස් ආවට පස්සේ ලියන මුල්ම පෝස්ට් එක මේක..
හැබැයි මට සිද්ද උන කනගා‍ටු දායකම දෙයක් ගැන මුලින්ම ලියන්න වෙන එක නම් හිතට මොකක්ද වගේ...හ්ම්..
කමක් නෑ....ඒකෙන් හරි මේ දුක් වෙන හිතට සහනයක් එන්නේ නැතැයි...!!!

මං මේ ලියන්නේ මං ජීවිතේට කරපු පලමුවෙනි සැබෑ ආදරේ ගැන...

ඒත් මේ පෝස්ට් එක අදම ලියන්න හේතුව තමා ඒ ආදරේට නැවතීමේ ති තිබ්බේ මේ පැය කීපයකට කලින් හින්ද..!!!!!

මේන්න මේකයි මගේ ආදර කතන්දරේ..........!!!!

AL ඉවර වෙලා මාස 7ක් විතර උන කාලෙදි තමා මේ ආදර කතාවට මුල පිරෙන්නේ...
ඒ දවස් වල පිස්සුම කෙලල ඇති වෙල හිටපු කාලයක්..
කැම්පස් ලගදිම පටන් ගනී කියල හිතුන හන්දා ඉංගිරීසි පන්තියකට යන්න හිතුනා...
මගේ අතිජාත බොක්කක් (ගයාන්) එක්ක මන් පන්තියක් හොයනකොට පොඩි ගෲප් ක්ලාස් එකක් සෙට් උනා....

ඒ ක්ලාස් එකේ අපි දෙන්නත් එක්ක කොල්ලො 3 දෙනයි හිටියේ...5 දෙනෙක්ම කෙල්ලෝ.
ක්ලාස් එකට ගියපු කොල්ලෝ 3 දෙනා තමයි වරුන ,ගයාන් සහ මේ මං ....

ඕන්න ක්ලාස් එකේ මුල්ම දවස..
මමයි ගයානුයි ක්ලාස් එක තියන තැනට එනකොට ටිකක් පරක්කු වෙලා..
අපි ඉතින් ටවුන් එකට එන්න පැය භාගෙක විතර දුරක් ගෙවාගෙන එන්න ඕනනේ..(කැලේකනේ ඉන්නේ..)

වරුන ක්ලාස් එකට ඇවිත්...
ඒත් තනියම හින්දා ක්ලාස් එක ඇතුලට ගිහින් නෑ...
ඕන්න අපි 3 දෙනා තට්‍ටු 4ක් විතර නැගලා හති දාගෙන ක්ලාස් එකට ගියා ..
හප්පේ...පන්තියට ඇතුල් වෙන තැනම ඉස්සරහ පේලියේ ලස්සනම ලස්සන කෙල්ලෝ 3 දෙනෙක්ම වාඩි වෙලා..
අනික් දෙන්න ඊලග පේලියේ...
අපිත් ඉතින් රබර් ඇහැ දාල ශේප් එකේ පන්තිය අතුලට ගියා....

එදා පන්තියේ අපිට තිබුන මුල්ම වැඩේ තමා ඉස්සරහට ඇවිදින් තමන්ව හදුන්වා දෙන එක...
ඉතින් ලේඩීස් ෆර්ස්ට් කියල කියනවනේ...
මුලින්ම ඉස්සරහ පේලියේ වම් අත පැත්තේ කෙලවරේම හිටපු ගර්ල් ඇවිත් තමන් ගැන කඩ්ඩෙන් හෝ ගාල කියෝගන කියෝගන ගියා...(නම සදරේනු කියමුකෝ...)

ඕන්න ඊලගට බෝයිස්ලගේ වාරේ...

හප්පේ..සර් (සර්ගේ නම රුවන් කියමුකෝ) මාව පෙන්නල කිව්වේ නැතෑ ඔයා මුලින්ම එන්න කියල...
මාත් ඉතින් බයෙන් බයෙන් ගිහින් කඩ්ඩ පොඩ්ඩක් ගැට ගහ ගත්තා කියමුකෝ...

මං ඉතින් මගේ AL රිසල්ට් එකත් කිව්ව කියමුකෝ....

මෙන්න බොලේ ඒක කිව්ව විතරයි ඉස්සරහ පේලියේ දකුනු පැත්තේ කෙලවරේ හිටපු ගර්ල් (නම ඉශාරා කියමුකෝ...) නිකන් හොරෙන් වගේ මගේ මූන දිහා බලල "මයි කන්රෙජුලේශන්" කිව්ව කියහන්කෝ....

හික්ස්...
මං ඉතින් මහ හයියෙන් පන්තියටම ඇහෙන්න කිව්වා "තෑන්ක් යූ "කියල...

හප්පේ..ඕන්න ඔය සිද්දියෙන් පස්සේ මට නිකං මොකක්ද මොකක්ද උනා වගේ තේරුනා...
ස්පීච් එක ඉවර වෙලා පන්තියේ ඉදගෙන ඉන්නකොටත් ඒ සිද්දිය මට නිකං මැවිල වගේ පේන්න පටන් ගත්ත කියමුකෝ..හී

ඕන්න ඉතින් ඒ ගර්ල්ගෙත් චාන්ස් එක ආව ඉස්සරහට ඇවිත් කතා කරන්න...

මං මගේ සියලු සිහින ලෝක වලින් මිදිල සැදී පැහැදී හිටිය ඒ ගර්ල්ගේ නම දැන ගන්න...
වැඩේ කියන්නේ ඒ ගර්ල් ඉස්සරහට ඇවිත් බොහොම නිදහස් විදියට තමන්ගේ විස්තරයක් ඉදිරිපත් කලා ...
මං කොර...!!!
කොටින්ම නම වත් මතක නෑ මට...
කතාව ඉවර උනේ කොතනින්ද කියලවත් මතක නෑ...
වරුනයගෙන් අහල තමා නම දැන ගත්තේ...

වරුනට ඇහුන විදියට ඉශාරා ඉන්නව කියල තිබුනේ නිවිතිගල  පැත්තේ..
ඒ කියන්නේ කලවාන හරියේ...
තව එකක් මට මතක තිබුන..ඒ තමා ඒ ඉස්සරහ හිටපු ගර්ස්ලා 3 දෙනාම බාලිකා කියල...
එයත් එක්ක කතා කරන්න ඕන කියල කට මැදගෙන හිටියත් එදා චාන්ස් එකක් හම්බ උනේ නෑ...
මොනා කරන්නද ,ඕන්න එකයි තිහත් පහු උනා..
පන්තිය ඉවර උනා..
කට්ටිය එලියට බැස්ස ...ගියා...

මමත් අපේ දෙන්නත් එක්ක ගෙදර එන්න ආව..
තවත් දෙයක්.,ආයෙ පන්ති තියෙන්නේ තව සති දෙකකින්..
මොකද හරියටම ඊලග සතියේ පන්ති තියන දවසේ තමා අලුත් අවුරුදු උදාව යෙදිල තිබුනේ..
මදෑ..තව සති දෙකක් ඉවසහන්කෝ.....!!!!!
ටවුන් එකෙත් ටිකක් වෙලා රස්තියාදු පාරක් දාල එහෙම ගෙදර යන්න බස් එකක එල්ලුනා...
මං ඉතින් මගේ සිහින ලෝකයේ තනිවෙලා දන්නෙම නැතුව ගෙදෙට්ටත් ඇවිත්...
මොන ඒත් හිත අතන...!!

ම්ම්ම්ම්..කල්පනා පාරක් දාල බැලුව කොහොමද මෙයා ඉන්න තැන හරියටම හොයා ගන්නේ කියල...හරිනේ...ඔය ආවෙ අයිඩියා පාරක්..

මං හොදටම දන්න ගර්ල් කෙනෙක් ඉන්නවා අයේශා කියල..එයත් බාලිකා තමා ගියේ..අහ් ..එකම වයසේ...

මං වහාම එයාට මැසේජ් එකක් දැම්ම ඉශාරා ගැන අහල..මොන රිප්ලයි නෑ පැය ගානක් ගියා(එහෙම නොවී තියේයැ මං කරන වැඩ වලට..ඒක වෙනම කතාවක්.. )
ශික්..හිතටත් අප්සෙට්...
මොනා කරන්නද ඉතින්..... 
ඕන්න ඔහොම එදා දවස ගෙවුනා...

මෙන්න බොලේ අනික් දවසේ පාන්දර මං ඇහැරුනේ ෆෝන් එකේ වයිබ්‍රේට් එකේ සද්දෙට...
හිතින් බැන බැන ෆෝන් එක ඉස්ස්සුවහමයි දැක්කේ..
හුරේ මේන්න අයේශා මට මැසේජ් එකක් දාලා.....!!!!

10 comments:

  1. අයේශාගෙන් හොද පිළිතුරක් ලැබෙන්න ඇති කියලා හිතනවා...

    ReplyDelete
  2. මල්ලි කිසිම දෙකට හදිස්සි වෙන්න එපා,කෙල්ලෙකුට ආදරේ නම් එය ඔයා ගැන නොදන්නා තරමට (ඔයාගේ දක්ෂතාව )හොඳය් එයාට දැනගන්න තියන්න එපා,කෙල්ල ආදරේ කරන්න ඕන ඔයාට මිසක් ඔයාගේ දක්ෂතාවට නෙමේ ..ඔයාටත් ඒක ඒ විදියටම බලපානවා(ඔයා ආදරේ කරන්න ඕන කෙල්ල ගේ දක්ෂතාවට නෙමේ කෙල්ලට)., ..

    ReplyDelete
  3. Ane manda mama monawa kiyannada... mata kiyanna thiyenne KATAWATH SIRA LOVE KARANNEPA MACHO...

    ReplyDelete
  4. @Dinesh-ලැබුන පිලිතුර ඊලග කොටසේ...(හෙට එක්සෑම්..ඒත් කොහොම හරි අද ඉතුරු කොටස දාන්න හිතන් ඉන්නව...)

    ReplyDelete
  5. @Tharinduhw122 aiya-මං ඉක්මන් උනා වැඩී කියල නම් දැන් තේරෙනව...!!!!
    තව මෝඩකං කලා...ඒව බලන්නකෝ ඊලග කොටසෙන්..

    ReplyDelete
  6. @Adara Panhida-දැන්මම මොනාවත් කියන්න එපා..කතාව ඉවර උනහම කියන්නකෝ..!!!!

    ReplyDelete
  7. ithuru tikath kiyawalaama kiyannam :O

    ReplyDelete
  8. @Samitha -ඕකේ ඕකේ...!!!!

    ReplyDelete
  9. බාලිකා කිවුවේ?????

    ReplyDelete
    Replies
    1. ර/සුමනා බාලිකා විද්‍යාලය...

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....