Wednesday, May 11, 2011

රැකියාවක් සොයා කට්ටක් කෑවෙමු..........!!!!!

හෆ්ෆා...ඊයේ(2011-05-10) තරම් රස්තියාදු උණ දවසක් මගේ මේ රස්තියාදු ජීවිතේ නැතුව ඇති...හික්...

කතන්දරේ කෙටියන් කියනව නම්,මගේ යාළුවෝ සෙට් එකක් AL එහෙම කරල කාරිය ගෙදරට වෙල ඉන්න ගමන් නිකන් කහනවටවගේ SI යන්න ඇප්ලිකේෂන් දාල....
මුන්ට ඊයේ(2011-05-10)  සම්මුඛ පරීක්ෂණේට එන්න කියල ලියුම ඇවිත්....
ජීවිතේ පළමු වතාවට යන ඉන්ටව් එක හින්දා මුන් සෙට් එක මේ අහක ඉන්න මාවත් සෙට් කර ගත්තේ නැතැයි.
(එහෙම තමා පොඩිළමයි වැදගත් තැනකට යනකොට දැනුම් තේරුම් තියන මං වගේ පොරක් අරගෙන යන්න ඕනනේ...හික්)

උදේ 7  තමා එන්න කියල තිබුණේ....කොහොම කොහොම හරි 8  විතර ඉන්ටව් එකට ගිය කියමුකෝ.....
හෆ්ෆා ඊට පස්සෙ බලා හිටියා හිටියා හිටියා....මොන අපේ එකෙක්වවත් ඉන්ටව් කරන පාටක් නෑ......
එතනට වෙලා බලා ඉන්න නම් බැරියැයි....හෆ්ෆා..මාත් එක්ක සෙට් උණා මහා ජිල් බුවෙක්..!!!උගේ වැඩේ  ගැන පම්පෝරිය...ඉවරයක් වෙන පාටක් නෑ.මන් අරෙහෙමයි,මෙහෙමයි...මෙන්න මේවත් කරලතියනව...අයියෝ...ලොල්..කොහොම කොහොම හරි උගෙන් ගැලවුනා යන්තම් පැය 2ක් විතර කතන්දර අහලා....
මේ තියෙන්නේ ඊයෙ ඉන්ටව් එකේ පින්තූර ටිකක්....... (මට වෙන කරන්න දේකුත් නැති හන්දා ෆෝන් එකේ කැමරාව හැම පැත්තටමඅල්ල අල්ල හිටියා...හික්..











ඔය ඉන්නේ අපි කට්ටිය



කොහොම හරි ඉන්ටව් කේස් එක ඉවර වෙලා ගෙදර එනකොට හවස 5 ත් පහු වෙලා....

ප/ලි

ඊයෙ රස්තියාදු උනා කියල මට නම් පාඩුවක් උනේ නෑ.....මගේ ජීවිතේට වැදගත්ම වෙන වැඩකුත් හවස් ජාමේ කර ගන්න පුලුවන් උනා....හික්...
(විස්තර පසුවට....දන්නෝ දනිති..)

Monday, May 9, 2011

ඔබේ සුවද පිරුණු පන්ති කාමරේ........





පාසැල් ජීවිතේ....ම්හ්....ඒක තමා කෙනෙකුගේ සුන්දරම කාලේ..(පට්ට ආතල් කාලේ)..

මතක් කරද්දි පුන්චි දුකකුත් මහා සතුටකුත් හිතට එන කාලයක් තමා  කාලේ.....පූන්චි දුක හිතට එන්නේ අයෙත්  කාලේ කරපුවා (ඒවා ටිකක් කියන්න අමාරුයි....හීකරන්න ලැබෙන්නේ නැති හින්ද....
මහා සතුටක්එන්නේ  කාලේ කරපු කියපු දේවල් මතක් වෙලා......
කියල වැඩක් නෑ........!!!!!!
මගේ කොම්පියුටරේ මයි පික්චර්ස් වලට ගියහම තමා මං ඉගෙන ගත්ත පාසල් තුන ගැන මගේ මෙමරියට හදිස්සියේම ලෝඩ් උණේ.......ඉතින් මට හිතුණා මුලින්ම මං AL කරපු පාසල ගැන පෝස්ට් එකක් දාන්න ඕනා කියල....

මං සීවලී මධ්‍ය විද්යාලයට ගියේ කිරිඇල්ල මධ්‍ය මහා විද්යාලේ ඉදලා.......
මන් OL කළේ කිරිඇල්ල මධ්‍ය මහා විද්යාලේ...(කිරිඇල්ලමධ්‍ය මහා විද්යාලේ මල්ලි කෙනෙක් "කිරිඇල්ල මද්ය මහා විද්යාලේනමින් බ්ලොග් එකක් හදලා..මාත් ලගකදි තමා දැක්කේ..මේ ලින්ක් එකෙන් ඒකට යන්න පුළුවන්..)අලුතින් ස්කෝලෙක AL ක්ලාස් එකට ළමයෙක් ගියහම ඉතින් දන්නේ නැත්ද...
පරණ එවුන්ට රජ මගුල්නේ....පොඩි රැග් එකකුත්කෑවා....හික්
(එදා නම් ඔහොම හිනා ගියේ නෑ...)
කොහොමින් කොහොම හරි අලුත් ස්කෝලෙට පුරුදු උණා (ඒක කියන තරම් ලේසිඋණේ නෑ)..ඊට පස්සෙ ඉතින් එලම තමා.....


ඔය තියෙන්නේ අපේ ස්කෝලෙට ඇතුල් වන ප්ලේස් එකනේ.....

ඔය තියෙන්නේ අපි කරක් ගහපු සයන්ස් එකනේ....



ඔය ඉන්නේ මං බුවා...හික්


මේ ඉන්නේ අපේ ස්යන්ස් එකේ කෂ්ටිය තමා..සේරම කෂ්ටිය නම් නෑ...(සේරම දාන්න නම් බ්ලොග් එක ඉඩත් මදි වෙයි...හික්)තවත් දෙයක්..මේ පොටෝස් මන් ගත්තු ඒව නෙවෙයි...ටිකක් පෝටෝස් ගත්තේ නුවන් රන්දික (බිත්තරයා කිව්වහම නොදන්න එකෙන් ඉන්නවැයිසහෝගෙ මූණු පොතේ තිබිල......
මෑන් ඒකට අමනාප වෙන එකක් නෑ......









ඔය පොටෝ එක මං අවුරුදු 2ක් හිටිය පන්ති කාමරේ බ්ලැක් බෝඩ් එක.......