හිතට එන හැම දෙයක්ම කුරුටු ගාපු තැනක් තමා මගේ සිහින විජිතය කියන්නේ... බොරු කතන්දර නෑ.. ගොඩක් තැන් වල තියෙන්නේ මගේ ජීවිතේදි මට අත්විදින්න සිද්ද උන දේවල්..
Monday, June 27, 2011
නායකත්ව පුහුනුව හා මඩ...!!!!
මේ දවස් වල සිද්ධවෙන නායකත්ව පුහුණු වැඩසටහන ගැන මහා පුදුම හිතෙන පට්ට පල් බොරු කතන්දර ටිකක් පැතිරිලා යන හින්දාමටත් හිතුණා ඒ ගැන ටිකක් කතා කළොත් හොදයි කියල...
මොකද ඒ වැඩසටහනේ පළමු කණ්ඩායමට මාත් සම්බන්ධ උණ හින්දා ඒගැන කතා කරන්න්න බොහොම සාධාරණ අයිතියකුත් මට තියනවා කියල මට හිතෙනවා..!!!!
මුලින්ම කියන්නම්කෝ මොකද එහෙම කතා කරන්න හිතුණේ කියල..මෙන්න මේ ලින්ක් එකට (හමුදාව සර්ලා සහ සරසවි සිසුන් ළමයිකරන නායකත්ව වද කදවුරක කතාව)ගිහින් ඔයාලත් ඒක බලලම හිටියනම් තමා වටින්නේ...
ඒ තරම් පච ගොඩක් එතන තියේ..!!!
මුල්ම කාරණේ කියන්න ඕනා මේ පුහුණුව හමුදා පුහුණුවක් නෙවේ..!!!
මොකද කාගෙන් වත් කිසිමම බලපෑමක් තිබුණේ නෑ අහවල් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනා කියල..!!!!
විශේෂයෙන් ශාරීරික පුහුණුව ගැන කියනව නම්,ඒක තමන්ට අමාරුයි වගේ තේරෙනව නම් පුහුණුවට සහභාගී නොවී ඉන්න පුළුවන්කම පැහැදිලිවම තිබුණා..
අඩුම ගානේ අව්වේ ඉන්නවත් සිද්ධ උණේ නෑ...!!!
මේකේ කියල තියන විදියට අපිට හමුදාවෙ හෝ පොලීසියේ කාටවත්ම සර් කියල කතා කරන්න ඕනා කියල නීතියක් තිබුණේ නෑ..
ඒඅය තමා අපිට සර්,නැත්නම් මිස් කියල කතා කළේ..
ඒකත් මුල් දවස් දෙක තුනේ විතරයි..
අපි හොදට අදුන ගත්තට පස්සේ අපියි එයාලයිකතා කළේ හොද යාළුවෝ නැත්නම් සහෝදරයෝ විදියට අයීයේ ,අක්කේ කියල..!!!! (අඩුම ගානේ අපිට උබ කියලවත් කතා කළේ නෑඒ කවිරුවත්ම..!!!)
මමත් මේ පුහුණුවට යනකොට හිතාගෙන ගියේ මේ නම් හමුදා පුහුණුවක් තමා දෙන්න හදන්නේ කියලා..ටිකක් බයෙන් තමා ගියෙත්...ඒත් එදා අපිව ලියාපදින්චි කරපු දවසෙම ඒ බොරු බය නැතුව ගියා..එදා එයාල අපිට සැලකුවේ උපරිම විදියට..
ඒක එයාලගේ වචනෙන්මකියනව නම් ඒ අය අපිට දුන්නේ VIP ට්‍රීට්මන්ට්..!!!
අපිට ලෙක්චර් වෙලාවට (ඒ කියන්නේ උදෑසන 8 ඉදන් හවස 4ර විතර වෙනකන්) ෆෝන් පාවිච්චි කරන්න නම් දුන්නේ නෑ තමා...
ඒත් ඊට පස්සේ ඕනා වෙලාවක ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් කම තිබුණා...
අපි නම් ලෙක්චර් වෙලාවෙදිත් ෆෝන් පාවිච්චි කළා..
මොකද අපි හිටපු ට්‍රේනින් ස්කූල් එකේ ලෙක්චර් යද්දි ෆෝන්ස් එකතු කළේ නෑ..
හැබැයි පෙළක් ඒවයේ ලෙක්ච්ර් යනකොට ෆෝන්ස් එකතු කරල තිබුණා..
ඒත් ඒවා ලෙක්චර් ඉවර වෙලා එන්නකොට ආපහු භාරදෙනවා..!!!
කලින් සදහන් ලිපියේ තියන විදියට අපිට කොයිම වෙලාවකවත් හමුදා නිලධාරීන්ට ඕන ඕන විදියට හසිරෙන්න සිද්ධ උණේ නෑ...
අපිට ටයිම් ටේබල් එකක් දීලා තිබුණා නායකත්ව පුහුණු අත්පොතත් එක්ක..
අන්න ඒකේ තිබුණ විදියට තමා අපි නම් හැසිරුණේ...හික්
මේකේ කියන විදියට මේ කදවුරු ඇතුළේදී යලුවෝ යාළුවෝ එකට දැම්මේ නැතිලු..!!!!
ඒකේ අරමුණ අපිව මානසිකව හුදෙකලා කරල මේ පුහුණුවට මතුවන විරෝධය නැති කරන එකලු...
යකෝ කොහොමද දන්නේ නෑ මේ කෑම්ප් වල හිටිය නිලධාරීන් දන්නේ අහවලා අහවලා තමයි එක යාළුවෝ සෙට් එක කියල...අනිකමේ වැඩසටහනේ ගොඩක් තිබුණේ ප්‍රායෝගික ක්රියාකාරකම්නේ..
ඉතින් ඒවයේදි ඔය කියන යාළුවෝ එකට එකතු වෙනවනේ...
මේ කථාවත් ඔය ලිපියේ තියන පට්ට පල් බොරුවක්....
මන් හිටිය බිලට් එකේ 47ක් හිටියා...
ඒකෙන් ගොඩක් අය මගෙත් එක්ක එකට හිටපු යලුවෝ..
එහෙම නොවෙන අයත් දවස් 3ක් විතරයනකොට හොද යාළුවෝ උණා...!!!!!
ඉතින් එතකොට ඔය කියන විදියේ පීඩනයක් අපිට තිබුණ නම් අපිට කට්ටිය හොද යාළුවෝ උණාට පස්සේ තිබුණනේ ඕකට විරෝධය දක්වන්න..
ඒත් කවුරුවත්ම එහෙම කළේ නෑ..
මොකද අපි හිටියේ එහෙම මානසික පීඩනයක නෙවේ...!!!
අපි හවස 4 ර පහු උණ වෙලේ ඉදන් කළේ ක්‍රිකට් ගැහුවා,වොලිබෝල් ගහුවා...ඔන්න ඕ වගේ ඒවා..!!!තවත් සිද්ධියක් මං කියන්නම්...අපිට තිබුණේ ඉරිදා උදේ 10.30 වෙනකොට කදවුරට වාර්තා කරන්න කියල..
ඒත් අපේ බුවෙක් එදා රෑ 10.30ට කදවුරට ආවා..ඒත් ඔයකියන විදියේ කිසිම දඩුවමක් මෑන්ට දුන්නේ නම් නෑ...!!!!
රෑ 10ට ලයිට් නිමන්න ඕනා තමා..ඒත් 10න් පස්සේ උණත් තමන්ගේ ඕනා වැඩක් කර ගන්න සම්පූර්ණ නිදහස තිබුණා..!!!!!!මොකද අපිත් එක්ක හිටපු සෙට් එක මල් කඩන්න පටන් ගන්නේ රෑ 10න් පස්සේ..හික්
ඔය කියන වතුර ප්‍රස්නෙ නම් පෙළක් කෑම්ප් වල තිබුණා ..ඒත් ඔය කියන විදියට නෙවේ..!!!!
ගැහැණු ළමයින්ට සාරි ගේන්න කියල තිබුණට එයාලට හැම වෙලාවෙම සාරි අදින්න ඕන කියල කවුරුවත්ම නීති දැම්මේ නෑ...
දියතලාවකෑම්ප් එකේ නම් ගෑනු ළමයි සාරි ඇන්දේ දවස් 2ක් විතරයි..
රෙදි හෝද ගන්න ඕන තරම් පහසුකම් තිබුණා..!!!!!
මේ කියන ජාතියේ කිසිම දරුණු අපහසුතාවයක් කාටවත්ම ඇති උණේ නෑ...
අන්තිමට අපි සති තුනක් ඉදලා ගෙදර එනකොට අඩල තමා ගෙදර ආවේ..ඒ තරම් ම කට්ටිය දාල යන්න දුකයි..!!!!!!ඒක හින්දා බොරු ලියනවා කියල මෙහෙමත් බොරු ලියන්න එපා කියල තමා ඒ පෝස්ට් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ...!!!!
Thursday, June 23, 2011
මහින්දාගමනය බැලූ වගයි....!!!!
ඊයේ ඔහේ නිකමට වගේ අපේ සනත් අබේසේකර මහත්තයා හදපු මහින්දාගමනය කියන ෆිල්ම් එක බලන්න ගියා ඕං...!!
කියල වැඩක් නෑ....සෙනග හිටියා සූ ගාල 30 දෙනෙක් විතර ෆිල්ම් හෝල් එක පුරෝලා..හික්
ඒකෙනුත් වැඩි දෙනෙක් ඉස්කෝලේ 11 පන්තියෙන් පහළ කට්ටිය වගේ තමා පෙනුණේ....[මේ අපි (අපි කියන්නේ ඉතින් මමයි මගේයාළුවෝ ටිකකුයි තමා...හික්) ගැන නෙවේ ඔය කිව්වේ හරී...!!]
සෙනගත් ගොඩාක් හිටිය හන්දා 2.30ට පටන් ගන්න ඕනා ෆිල්ම් එක 2.45 ට විතර තමා යන්තම් පටන් ගත්තේ....මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ ඉතින් මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයට කලින් අපේ රටේ සිදුවෙච්ච දේශපාලන ,සමාජයීය රටාව සහ මහින්දාගමනයත් සමග ඒ සියලු දේවල් උඩු යටිකුරු වෙන හැටිනේ..!!!
අබේසේකර මහත්තයා මේ සියල්ලම අපූරුවට පෙළ ගස්සල තියනවා...
ඒත් වැඩේ කියන්නේ මේ ෆිල්ම් එකෙන් නිරූපණය කරන්නේ අපි හැමෝම වගේ දන්න කියන සිද්ධියක් හින්දා බලනකොට ටිකක් බෝරින් වගේ කියල තමා මට හිතුණේ...
කතාවට ටිකක් අලුත් දේවල් ඇතුළත් වෙලා මදි වගේ...කොටින්ම කියනව නම් අපි දන්න කියන කතන්දරේ ගැනම තමා මෙතනදිත් පෙන්නල තියෙන්නේ.....!!!!
ඉතිහාස කතාවකට අලුතින් දේවල් යොදන්න හරිම අමාරුයි තමා..මේ කතා තේමාව හැටියට ඒක ඊටත් වඩා අමාරුයි...ඒත් ඒවගේදෙයක් තිබුනනම් මේ ෆිල්ම් එකේ වටිනාකම තව ගොඩක් වැඩි වෙන්න තිබුණා කියන එක තමා මගේ හැගීම...!!
ඒ මොනා උනත් බලන්න වටින හොද ෆිල්ම් එකක් හොදේ...!!!
Tuesday, June 21, 2011
ගයාන්ගෙන් අලුත් සෙල්ලමක්....!!!!
මගේ බ්ලොගයේ කලිනුත් සදහන් වෙච්ච චරිතයක් ඔන්න අද මේ බ්ලොග් ලිවිල්ලට අත ගහල තියේ...
මෑන්ට පොඩි සප් එකක් දෙන්න තමා මේ පෝස්ට් එක දාන්නේ.....
ඔය උඩ පින්තුරෙ ඉන්නේ මෑන් තමා...
(කොච්චර හොද මිනිහද කියනව නම් බ්ලොග් එකක් ගැන අයිඩියාව දාපු මේ බමුනා ගැන එක වචනයක් වත් මතක් කරලවත් නෑනෙව.....
හික් .....අපි සැලෙයි ඕවට..)
මොකද මේ ආදර සෙල්ලමකිනුත් ප්‍රථම ඉනිමෙන්ම දීර්ග ඉනිමකට බැට් කොරන්න මෑන්ට මේ දවස් වල සෙට් වෙලාලුනේ තියෙන්නේ...
(මගේ කිතිකැවෙන හීතල සුබපැතුමකුත් එක් කොලා එහෙනම් දෙන්නටම..හොදේ...පස්සෙන් පහු නොකිවුවයි කියල කියනව එහෙම නෙවේ...)
(අපිට කොයින්ද අප්පේ එහෙම වාසනා මහිමයක්..හික්ස්..)
හොදා හොදා...එහෙනම් කට්ටියට මෙන්න මේ ලින්ක් එකෙන් ගයාන් මල්ලිගේ
( මල්ලි කිව්වට ඕකා මටත් වඩා නාකියා...සහෝදර ප්රේමෙටනේ එහෙම කියන්නේ) ආදර බර බ්ලොගයට ගියෑකි....
කට්ටියටම ජයවේවා එහෙනම්...!!!!!
Subscribe to:
Posts (Atom)







