Tuesday, February 7, 2012

ලොකු පුංචි ,කොයි කවුරුත්, ඉල්ලන්නේ " ඩෙල්ටා" තමයි..!!!!!

හ්ම්..මදැයි සති තුනකට පස්සේ ගෙවල් පැත්තේ ආව..

මේ දවස් හතර නිකන්ම ගෙවිල ගියා..
නිකන්ම කියන්නේ නිකන්ම...දැනුනෙවත් නෑ...
අද හවස නිකන් ඉන්න ගමන් මගේ කාමරේ ලාච්චුවක් නිකමට වගේ ඇදල බැලුව..!!!
කම්මැලිකමටත් එක්ක..

ම්ම්ම්ම්...ඒකෙ තිබුන දේවල්..
පරන ඩයරියක් අහු උනා මගේ..ඒක කියෙව්ව පැයක් විතර...හී

ඒ දවස් වල ගෙවපු ජීවිතේ නිකං ස්ටීවන්ගේ ‍ෆිල්ම් එකක් වගේ මගේ ඉස්සරහ මැවිල පෙනුනං ඕං..

ඔය අතරේ තමයි මට මතක් උනේ මගේ හොදම යාලුවෙක් ,මගෙන් හදහන ඉල්ලුවා බලන්නයි කියල..
මොකද එයාලගේ තාත්තට හදහන් බලන්න පුලුවන්ලු..
මෙයත් ඉතින් නිකං ඉන්න ගමන් එහෙන් මෙහෙන් ඒක ඉගෙනගෙන...(සමාවේවා ඇත්ත කියවුනෝ..)
ඉතින් වටේ පිටේ ඉල්ලන්න පුලුවන් හැමෝගෙන්ම හදහන් ඉල්ලගෙන ටෙස් කරන්න ඒව බලන එක තමා මෙයා දැන් කරන්නේ..

ම්ම්...අපේ අම්ම ගාවනේ මගේ ඔය හදහන තියේන්නේ..ඉතින් අම්මටත් මේ කතාව කියල ඕං ඕක ඉල්ල ගත්ත..

එතකොට තමා දැක්කේ එතන තිබුන එක්දහස් නවසිය බර ගනන් වල ආපු රෙජිස්ටර් ලියමනක්..
මොකක්ද කියල බලන්න ගත්තාම තමා දැක්කේ මේක ඒ දවස් වල (ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ අටේ...මං තුමා එතකොට දෙක වසරෙලු..)ඩෙල්ටා කම්පැනියෙන් එවපු ලියුමක්..!!!!


කතාව මේකයි..
ඒ දවස් වල පොඩ්ඩන්ට තිබුන හොදම පත්තරයක් තමා බිංදු පත්තරේ..
මමත් ඕක අනිව ගන්නව. (මම කිව්වට ඉතින් අපේ අම්ම තමා ගත්තේ..මොකෝ ඒ දවස් වල ඕව ගන්න තේරෙනවයි)

ඉතින් ඒකෙ තිබුන කො‍ටු පුරනව ගේම් එකක්..දවසක් නිකමට වගේ ඒ එකක් පුරවල
තැපැල් කලා..
මෙන්න බොලේ ටික දවසකින් ගෙදෙට්ට  ලියුමක් එනව ඩෙල්ටා 
"එකෙන් ඔබට සැනසිලි ත්‍යාග්‍යක් ලැබිල තියනවයි,ඒකෙ තෑග්ග විදියට ඩෙල්ටා ටොෆී පාර්සලයක් තැපෑලෙන් ලැබෙයි" කියල..


හික්..ඒකෙ ලියුම තමා මං මේ ආයෙ බලල තියෙන්නේ..
කතාවෙ හොදම හරිය කියන්නේ ඒ තෑග්ග එනකං මං සෑහෙන දවසක් බලං ඉදල තියනවලු අඩ අඩා...
මොන අද වෙන තුරුත් ඒක ලැබුනෙ නෑ ඕං..!!!!
පස්සෙන් පහු ඒක අමතක වෙලා ගොහින් අද තමා ආයෙ මතක් උනේ..

යන්ට ඕනා ඩෙල්ට එක හොයාගෙන මේ ලියුමත් අරං. හී හී හී.....!!!!

අහ්..තව එකක්.
මට කාගෙද මන්ද ෆොටෝ එකක් හම්බ උනා ඔය අතරේ..
වැඩේ කියන්නේ ඒක යටින් මේ මං තුමාගේ නං කෑල්ල ගහල තිබුනනේ ඉංගිරීසියෙන්...
හී හී හී..
කවුරු හරි මේ හාදයව දන්න කියන කෙනෙක් ඉන්නව නං මට දැනුං දෙන්ට හොදේ...!!!!!

Sunday, January 1, 2012

බෝඩිමේ පඩිය උඩ ඉදගෙන ලියමි..!!!!

මදැයි නිවාඩුවක් ගන්න කියල ගෙදර ගියා..
යන්තම් දවස් දෙකයි හිටියේ..
මෙන්න කැම්ප්ස් පටන් අරන්...
අද උදෙන්ම පිටත් උනා ගෙදරින්...
හතර හමාරයි බෝඩිමට එනකොට..
හුටා..
දොර වහල..
ලොක් කරල..
බෝඩිමේ මොකෙක්වත් නෑ..



මොනා කරන්නද..

එතකොටයි මතක් උනේ නව අවුරුද්දට සුබ පැතුවෙ නෑ නේද කියල...
ගත්ත ලැප..
මෙන්න ලියපු ටික..හී හී..
(මීට වඩා දෙයක් ලියන්න හිතුවේ..මොන මේ මදුරුවොත් එක්ක බෑ..)


            සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!!!!

Tuesday, December 27, 2011

ජ්‍යාමිතික සූත්තරය- ගොං පාර්ට් ....!!!!



"අද ප්‍රතිපල නෙට් එකට දානව...."

"නෑ නෑ අනේ හෙටලු එන්නේ ..."

"නෑ අනේ..මේ පරක්කු වෙනවයි කියන්නේ හැමෝටම සාධාරනයක් කරන්න පොදු ඉසෙඩ් එකක් හදනවයි කියලනේ..!!! "


මේ පහුගිය දවස් ටිකේ ගොඩාක් තැන් වල ඇහුන පොදු කතාවක්...
කොහොම කොහොම හරි පරක්කු කරල කරල පෙරේදා රෑ (2011-12-25) රිසල්ට් ආවනේ..

අපෝයි..
මෙන්න මැත්ස් කරපු එවුන්ට කොමර්ස් රිසල්ට් ඇවිත්..
රත්නපුරෙන් මැත්ස් කරල ඒ දෙකයි බී එකයි තියන එකා දිස්ත්‍රික්කේ රෑන්ක් එක දෙසීය ගානක්...

ආශ්චර්යක් ආ....!!!!!


මෙන්න ඒ ගමන ආස්චර්යයේ නියමුවෙක් කියනව ,

"නෑ නෑ ඒක මේ රෑන්ක් එකේ අවුලක් විතරයී...
ඉන්නකෝ ඕක හදල ඉක්මනට දාන්නම්.."
හික්....
සෝක් නේහ්...

පස්සේ බලපුවහම රෑන්ක් හැත්ත ගනන් වල හිටිය උන් නවසිය ගනන් වලට පල්ලම් බැහැල..
ඒකත් ආශ්චර්යයේ ගතියක් වෙන්ට ඇති..
මෙච්චරටම වැරදි වෙන්න මොකෝ මේ විභාග දෙපාර්තුමේන්තුව ගාව තියන කම්පියුට්ර් එහෙම බර ගනන් වල හදපුවද..

අනේ පවු මේ කම්පියුටර් ටික..
මොකද මොනා උනත් අන්තිමටම වැරදි කාරයෝ මේ ගොල්ලොනේ...

ඇත්තටම මෙච්චර දියූනු වෙන,දියුනු කරන්න අවුරුදු බර ගනන් ප්ලෑන් ගහන ආශ්චර්යමත් දිවයිනේ වගකිවයුතු එකෙක්ටවත් මතක් උනේ නැද්ද මේ ගමන දෙගොල්ලක් එක්සෑම් කරනවයි කියල..
යකෝ මොකෝ මේ අන්තිම මොහොත එනකම්ම හිටියේ ජාමිතික සූත්තර හදන්නේ (හික්..ජාමිතික නේහ්.අනේ ඇස් බී.)

මේ කට්ටිය ගන්න මෝඩ චූන් දැකල මට නම් හිතට ආවෙ මේ වගේ පුරස්න ටිකක්..



*මෙච්චර දේවල් වරද්දපු එකේ මේ දීල තියන රිසල්ට් එක ගැන කිසිම විස්වාසයක් තියන්න පුලුවන්ද?????

*අනික මේ අපතයෝ සෙල්ලම් කරන්නේ මේ රටේ වටිනාම ජීවිත කොට්ටාශයක් එක්ක නේද ????

*මේ වගේ වැදගත්ම ,සංවේදීම දෙයක් වත් හරියට කරගන්න බැරි කට්ටියක් එක්ක අනික් දේවල් ගැන මොන කතාද ???

*මේ අය තමන් අතින් වැ‍රැද්දක් උනා නම් ඒක පිලිගෙන හදන්නේ නැතුව ලොකු පාර්ට් දෙන්නේ මේ රටේ ආශ්චර්යමත් ජනතාවට නේද?????

*තමනේ වැරදි හදා ගන්න අහවලා බනිනකංම ඉන්න ඕනද ???

*ඒ අහවලත් මේ වෙලාවේ කරන්නේ කට පියාගෙන මේ වැරදි වලට උදව් කරන එක නේද ??????

*මේ හිතුවක්කාර , අමන තීරන නිසා කී දෙනෙක් අතරමං උනාද ????

*අන්තිමට මේ වැඩේටත් දඩුවම් දෙන්නේ විභාග දෙපාර්තුමේන්තුවේ අහින්සක කම්පියුටරයටද ??? 

මේ රටම ආතල් ලන්තයක් වෙලා අප්පා...

ආශ්චර්යයේ හැටි එහෙම වෙන්ට ඕන...!!!!!!!