Monday, June 27, 2011

නායකත්ව පුහුනුව හා මඩ...!!!!



මේ දවස් වල සිද්ධවෙන නායකත්ව පුහුණු වැඩසටහන ගැන මහා පුදුම හිතෙන පට්ට පල් බොරු කතන්දර ටිකක් පැතිරිලා යන හින්දාමටත් හිතුණා  ගැන ටිකක් කතා කළොත් හොදයි කියල...


මොකද  වැඩසටහනේ පළමු කණ්ඩායමට මාත් සම්බන්ධ උණ හින්දා ගැන කතා කරන්න්න බොහොම සාධාරණ අයිතියකුත් මට තියනවා කියල මට හිතෙනවා..!!!!


මුලින්ම කියන්නම්කෝ මොකද එහෙම කතා කරන්න හිතුණේ කියල..මෙන්න මේ ලින්ක් එකට (හමුදාව සර්ලා සහ සරසවි සිසුන් ළමයිකරන නායකත්ව වද කදවුරක කතාව)ගිහින් ඔයාලත් ඒක බලලම හිටියනම් තමා වටින්නේ...
 තරම් පච ගොඩක් එතන තියේ..!!!


මුල්ම කාරණේ කියන්න ඕනා මේ පුහුණුව හමුදා පුහුණුවක් නෙවේ..!!!


මොකද කාගෙන් වත් කිසිමම බලපෑමක් තිබුණේ නෑ අහවල් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනා කියල..!!!!


විශේෂයෙන් ශාරීරික පුහුණුව ගැන කියනව නම්,ඒක තමන්ට අමාරුයි වගේ තේරෙනව නම් පුහුණුවට සහභාගී නොවී ඉන්න පුළුවන්කම පැහැදිලිවම තිබුණා..
අඩුම ගානේ අව්වේ ඉන්නවත් සිද්ධ උණේ නෑ...!!!


මේකේ කියල තියන විදියට අපිට හමුදාවෙ හෝ පොලීසියේ කාටවත්ම සර් කියල කතා කරන්න ඕනා කියල නීතියක් තිබුණේ නෑ..
අය තමා අපිට සර්,නැත්නම් මිස් කියල කතා කළේ..
ඒකත් මුල් දවස් දෙක තුනේ විතරයි..
අපි හොදට අදුන ගත්තට පස්සේ අපියි එයාලයිකතා කළේ හොද යාළුවෝ නැත්නම් සහෝදරයෝ විදියට අයීයේ ,අක්කේ කියල..!!!! (අඩුම ගානේ අපිට උබ කියලවත් කතා කළේ නෑ කවිරුවත්ම..!!!)


මමත් මේ පුහුණුවට යනකොට හිතාගෙන ගියේ මේ නම් හමුදා පුහුණුවක් තමා දෙන්න හදන්නේ කියලා..ටිකක් බයෙන් තමා ගියෙත්...ඒත් එදා අපිව ලියාපදින්චි කරපු දවසෙම  බොරු බය නැතුව ගියා..එදා එයාල අපිට සැලකුවේ උපරිම විදියට..
ඒක එයාලගේ වචනෙන්මකියනව නම්  අය අපිට දුන්නේ VIP ට්‍රීට්මන්ට්..!!!


අපිට ලෙක්චර් වෙලාවට ( කියන්නේ උදෑසන 8 ඉදන් හවස 4 විතර වෙනකන්ෆෝන් පාවිච්චි කරන්න නම් දුන්නේ නෑ තමා...
ඒත් ඊට පස්සේ ඕනා වෙලාවක ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් කම තිබුණා...


අපි නම් ලෙක්චර් වෙලාවෙදිත් ෆෝන් පාවිච්චි කළා..
මොකද අපි හිටපු ට්‍රේනින් ස්කූල් එකේ ලෙක්චර් යද්දි ෆෝන්ස් එකතු කළේ නෑ..
හැබැයි පෙළක් ඒවයේ ලෙක්ච්ර් යනකොට ෆෝන්ස් එකතු කරල තිබුණා..
ඒත් ඒවා ලෙක්චර් ඉවර වෙලා එන්නකොට ආපහු භාරදෙනවා..!!!


කලින් සදහන් ලිපියේ තියන විදියට අපිට කොයිම වෙලාවකවත් හමුදා නිලධාරීන්ට ඕන ඕන විදියට හසිරෙන්න සිද්ධ උණේ නෑ...
අපිට ටයිම් ටේබල් එකක් දීලා තිබුණා නායකත්ව පුහුණු අත්පොතත් එක්ක..
අන්න ඒකේ තිබුණ විදියට තමා අපි නම් හැසිරුණේ...හික්

මේකේ කියන විදියට මේ කදවුරු ඇතුළේදී යලුවෝ යාළුවෝ එකට දැම්මේ නැතිලු..!!!!
ඒකේ අරමුණ අපිව මානසිකව හුදෙකලා කරල මේ පුහුණුවට මතුවන විරෝධය නැති කරන එකලු...


යකෝ කොහොමද දන්නේ නෑ මේ කෑම්ප් වල හිටිය නිලධාරීන් දන්නේ අහවලා අහවලා තමයි එක යාළුවෝ සෙට් එක කියල...අනිකමේ වැඩසටහනේ ගොඩක් තිබුණේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්නේ..
ඉතින් ඒවයේදි ඔය කියන යාළුවෝ එකට එකතු වෙනවනේ...
මේ කථාවත් ඔය ලිපියේ තියන පට්ට පල් බොරුවක්....


මන් හිටිය බිලට් එකේ 47ක් හිටියා...
ඒකෙන් ගොඩක් අය මගෙත් එක්ක එකට හිටපු යලුවෝ..
එහෙම නොවෙන අයත් දවස් 3ක් විතරයනකොට හොද යාළුවෝ උණා...!!!!!


ඉතින් එතකොට ඔය කියන විදියේ පීඩනයක් අපිට තිබුණ නම් අපිට කට්ටිය හොද යාළුවෝ උණාට පස්සේ තිබුණනේ ඕකට විරෝධය දක්වන්න..
ඒත් කවුරුවත්ම එහෙම කළේ නෑ..
මොකද අපි හිටියේ එහෙම මානසික පීඩනයක නෙවේ...!!!


අපි හවස 4  පහු උණ වෙලේ ඉදන් කළේ ක්‍රිකට් ගැහුවා,වොලිබෝල් ගහුවා...ඔන්න  වගේ ඒවා..!!!තවත් සිද්ධියක් මං කියන්නම්...අපිට තිබුණේ ඉරිදා උදේ 10.30 වෙනකොට කදවුරට වාර්තා කරන්න කියල..
ඒත් අපේ බුවෙක් එදා රෑ 10.30 කදවුරට ආවා..ඒත් ඔයකියන විදියේ කිසිම දඩුවමක් මෑන්ට දුන්නේ නම් නෑ...!!!!


රෑ 10 ලයිට් නිමන්න ඕනා තමා..ඒත් 10න් පස්සේ උණත් තමන්ගේ ඕනා වැඩක් කර ගන්න සම්පූර්ණ නිදහස තිබුණා..!!!!!!මොකද අපිත් එක්ක හිටපු සෙට් එක මල් කඩන්න පටන් ගන්නේ රෑ 10න් පස්සේ..හික්

ඔය කියන වතුර ප්‍රස්නෙ නම් පෙළක් කෑම්ප් වල තිබුණා ..ඒත් ඔය කියන විදියට නෙවේ..!!!!


ගැහැණු ළමයින්ට සාරි ගේන්න කියල තිබුණට එයාලට හැම වෙලාවෙම සාරි අදින්න ඕන කියල කවුරුවත්ම නීති දැම්මේ නෑ...
දියතලාවකෑම්ප් එකේ නම් ගෑනු ළමයි සාරි ඇන්දේ දවස් 2ක් විතරයි..


රෙදි හෝද ගන්න ඕන තරම් පහසුකම් තිබුණා..!!!!!


මේ කියන ජාතියේ කිසිම දරුණු අපහසුතාවයක් කාටවත්ම ඇති උණේ නෑ...


අන්තිමට අපි සති තුනක් ඉදලා ගෙදර එනකොට අඩල තමා ගෙදර ආවේ.. තරම්  කට්ටිය දාල යන්න දුකයි..!!!!!!ඒක හින්දා බොරු ලියනවා කියල මෙහෙමත් බොරු ලියන්න එපා කියල තමා  පෝස්ට් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ...!!!!

22 comments:

  1. ඔව් බං පිස්සු හැත්ත..ඊ ලගට කියයිද දන්නෙ නෑ අපේ මොල හෝදලා අපි ආන්ඩුවට කඩේ යනවා කියලා!!

    ReplyDelete
  2. ඔන්න බලහන්කෝ මචා..උන් අනිවා ඔහොම කියනව..ඒක සුවර්..

    ReplyDelete
  3. ඇත්තටම අර වගේ පච කියන එවුන්ට හෙන හතම ගහන්න ඕනි...අපිත් ඔය කදවුරු වලමනෙ හිටියේ,තෑන්ක්z චතුවෝ කරපු සද්ක්‍රියාවට..nice work

    ReplyDelete
  4. මචන් තනියෙන් වැඩිය දුරගමන් යන්න එපා එහෙම උනොත් උබවත් අතුරුදහන්ලිස්ට් එකට එකතුවෙයි Tc machan

    ReplyDelete
  5. ඔය පෝස්ට් එකේ සත්‍ය තාව කෙසේ වෙතත් . උඹල මේ කරන්නේ අවුරුදූ ගානක සැලැමක පලවෙනි පියවරේදී ඒ අය බලාපොරොත්තු වෙන දේ , ඒ විදිහටම ඉටු කීරීමය කියල මම සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ නැවත වතාවක් කියනව . මොල හේදුවත් නැතත් උඹල කරන්නෙ කඩේ යන එක තමයි . මෙතන තියන සැබැ අරමුන තේරුම් ගන්නෙ නැතුව , තමන්ට ලැබුණු ආතල් එකෙන් විතරක් සතුටු වෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් දැනටත් ඉන්නේ . එක අතකින් ඔච්චර ලොකු ප්ලැන් ගහන්නෙත් නැතුවම එස් . බී ලගෙ අරමුණු ගොඩ දාගන්න පුලුවන්

    ReplyDelete
  6. මෙහෙමයි..මේකේ ආතල් එකක් තිබුන බව හැබෑව..ඒත් ආතල් එකම විතරක් නෙවේ තිබුනේ...අපි අපේ ජීවිතේට ගොඩක් දේවල් ලබා ගත්තා මේ වැඩසටහනෙන්...
    මගේ අරමුන උනේ අපි අත් විදපු දේවල් ඒ විදියටම ඒක අහන අයටත් කියන එක මිසක් කඩේ යන එක නෙවේ..හරිද..!!
    මේ වැඩසටහන ගැන ,ඒකට සහභාගී නොවී කියන බොරු බේගල් එලි කරන එක තමා මගේ මේ පෝස්ට් එකේ අරමුන උනේ...කොහොමත් එක එක දේශපාලන මතවාද දරන අය ඉන්නවනේ..ඒ අයට මේක පේන්නේ තමන් දාගෙන ඉන්න ඒ දේශපාලන කන්නාඩිය හරහනේ...ඒකට ඉතින් කරන්න දෙයක් නෑ...!!!!
    මට පොඩ්ඩක් පෙන්නන්න පුලුවන්ද මන් මේ පෝස්ට් එකේ මොන කරුනු හරහාද කඩේ ගියයි කියල ඔයා කියන්නේ කියලා?????

    ReplyDelete
  7. ඔයා මේ ලිපියෙ කොතනද කඩේ ගිහින් නැත්තේ මල්ලියො.... , කඩේ යනවාය කියන එකේ සරලම තේරුම ඒක පාර්ශවීයව කරුණු දැක්වීම කියන එකනේ . ඒක තමයි ඔයා දිගින් දිගටම මෙතන කරල තියෙන්නෙ . එතකොට ඔයා අහයි හොඳයි නම් හොඳ මිසක් නරකක් කියන්න තිය්නවායැ කියල . අන්න එතන තමයි විචාර බුද්ධිය කියන එක වැදගත් වෙන්නේ . රජය මේ තරම් වියදමක් දරල , විවේචන ගණනාවක් මැද . අත්‍යාවශ්‍ය නොවන කරුණක් ගැන මේ තරම් දඟලන්නෙ මොකද කියල දැනෙන්නේ විචාර බුද්ධිය ට . සැබැ නායකයෙක් කියන්නේ එක සිදූවීමක වෙන්න පුලුවන් අංශ ගානක් ගැන කල් ඇතුව දකින්න පුලුවන් කෙනෙක් . ඔයා එහෙම දැකපු බවක් මෙ තන නම් පේන්න නැ . ඔයා මේ ලියවිල්ල තුල සම්පූර්ණයෙන්ම කරල තියෙන්නෙ සුදු හුණු ගාන එක විතරයි . ඉතින් මේකට කඩේ යාමක් කියන්නෙ නැතුව වෙන මොකක් කියන්නද ? අනික් අතට ඔය කියන විදිහේ නායකත්ව ගුණයක් පුහුණුවෙන් වත් එකතු උනා නම් ඔය විදිහේ ඒක පාර්ශවීය ලියවිල්ලක් ලියවෙන්නෙ නැ . ඒක පාර්ශවිය වෙන එක ඔයාගේ අයිතිය . විවේචනය කරන එක අපේ අයිතිය . විවේචකයින්ට පාට කණ්නාඩි කාරයො කියන එකත් , මම කඩේ ගියේ නැ කියන එකත් තමයි අවුල . ඔයා මේ ලිපියට පදනම් කරගන්න ලිපියේ සත්‍ය තාව නම් මටත් සැකයි . මොක්ද ඔහොම ගොන් පාට් දාන එක නෙවෙයි මේ වැඩෙ අරමුණ . ඒ වගේම දියතලාව කැම්ප් එකේ වගේම අනික් හැම තැනමත් සිදුවුනාය කියල ඔයාය උපකල්පනය කරන්න හැකියාවකුත් නැ ,ඒ නිසා " බොරු ලියනවා කියල මෙහෙමත් බොරු ලියන්න එපා " කියන සෘජු ප්‍රකාශය කරන්න උනත් එක කඳවුරක අත්දැකීම් වලින් විතරක් බැ (ඔයාගේ වෙන කඳවුරු වලට ගියා යාලුවන්ගෙ අත්දැකීම් ඔයා දන්නව වෙන්න පුලුවන් ) එහෙම නම් ඔයා අඩුම තරමේ කඳවුරු 5ක 6ක වත් තොරතුරු ලිපියට ඇතුලත් කරල ඉන්න ඕනි . අන්න එහෙම උනා නම් තර්කානු කූලව මේ වගේ ප්‍රකාශයක් කරන්න පුලුවන් . ඔයා මේ පුහුණුවට 100%ක් පක්ෂ නම් ඒක පිලිගන්න , ඒ වෙනුවෙන් පෙනී හිටිනවාය කියන එකත් පිලිගන්න . එහෙම නැතුව ඔයාගේ අත්දැකීම් වලින් විතරක් ලියන මේ ලිපි මධ්‍යස්තයි හෝ සම්පූර්ණයෙන්ම නිවරදියි කියල නම් කියන්න යන එක සාර්ථක නැ . ඔයාගේ යාලුවා මදුශාන්(මුල්ම කමෙන්ට් කරු ) එක්ක නම් මම මේ ගැන දීර්ඝ සංවාදයක හිටිය මුල ඉඳලම . පුලුවන් නම් එතනටත් හොස්ස දාල බලන්න මම මුල ඉඳලම කිව්වෙ මොකක්ද කියල තේරෙයි

    ReplyDelete
  8. Some one got pissed because their hypothetical Internment Camp theory being exposed.

    Chatu; this your blog and you can publish whatever your opinion. You are write to defend your view from Your opinion.

    I pity the person who thinks that he has the best understanding of the situation. I urge them to first develop an unbiased view first before pointing fingers to others.

    ReplyDelete
  9. @ano -ලේඛකයට කැමති අදහසක් දරන්න පුලුවන් අයිතිය මම ප්‍රශ්න කරල නැහැ . කොතනදි වත් . ඒක ආරක්ෂා කරන්න පෙනී හිටින්නත් ඔහුට පුලුවන් . ඒ අදහස ඒක පාර්ශවීයව ලියල කියල මට පේනව නම් මම කියන්නෙ කඩේ යනව කියල . ඒ කඩේ යාම කියන වචනය අපහාසයක් කියල ඉවත් කරගත්තොත් . මෙතන තියෙන්නෙ මේ සහෝදරය කියනව මේ කඳවුරු වල කිසිම කරදරයක් ලමයින්ට උනේ නැ
    "මේ කියන ජාතියේ කිසිම දරුණු අපහසුතාවයක් කාටවත්ම ඇති උණේ නෑ.. "

    මම කියනව එක කඳවුරක තොරතුරු පමණක් ලිපියට අන්තර්ගත කරල එහෙම කියන එක අසාධාරණයි කියල .

    ඊලඟට එන්නෙ . ඔය මුදල් වියදම් කරල . විරෝධතා මැද පටන් ගත්ත පුහුණුව ගැන දකින විදිහ පිලිබඳ ප්‍රශ්නයක් . මේ ලිපිය අනුව මේ සහෝදරය මේ පුහුණුව ඉතාම හොඳ දෙයක් විදිහට තමයි විග්‍රහ කරල තියෙන්නෙ . නමුත් මෙහෙම පුහුණුවක් දීම ගැන රටේ සධාරණ තර්ක ගනනාවක් මතුවෙලා තියනව . ඒ ගැන විමසීමක් නැතුව ගුණ වර්ණනාවක් කිරීම විතරක් කිරීම අවස්ථානූ කූලව් කඩේ යාමක් ය කියල මම චෝදනා කරනව (මම හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් ) . ඒ චෝදනාවට එයා උත්තර දෙයි . කථාව එච්චරයි

    ඒ ඇරෙන්න මම විතරක් හරි තෝ වැරදියි කියන මානසිකත්වයක ඉඳන් නෙවෙයි මේ ලියල තියෙන්නෙ

    "I urge them to first develop an unbiased view first before pointing fingers to others"

    ඉතාම පැහැදිලිව මට ඔය එස් බී හෝ සන්ධාන ආණ්ඩුව සම්බන්ඳව තියන ගැටලුවක් නිසා නෙවෙයි මම ඔය කාරනේට විරුද්ධ . ඔය මුලුමනින්ම ඔය කාරණය සම්බන්ධව තමයි විරෝධතාව ගොනුවෙලා තියෙන්නෙ .

    ReplyDelete
  10. @buwa-මෙහෙමයි බුවා අයියේ..මං මේ පෝස්ට් එක දැම්මේ අර මං ලින්ක් එකක් දාල තියන පෝස්ට් එකේ තියන්නේ බොරුයි කියල පෙන්නන්නයි..ඒක හින්දා මං ඒකේ තියන කරුනු බොරුයි කියල පෙන්නන්න තමා මගේ කරුනු ගොනු කලේ..ඒක හින්දා තමා මේක ඒක පාර්ශවික ලිපියක් විදියට පේනවා ඇත්තේ..ඒකයි ඔය සුදු හුනු ගානව කියල කියනව ඇත්තෙත්...!!
    ඒ මොනව උනත් මං මෙතෙන්දි උපයෝගී කර ගත්තේ අපිට ඇත්තටම අත් විදින්න උන සිදුවීම් ...!!!!
    මං මේ ලිපියට ගොඩක්ම පාදක කර ගත්තේ බොරලන්ද,දියතලාව සහ මින්නේරිය කියන පුහුනු කදවුරු ගැන..මොකද ඒ කදවුරු ඇතුලේ සිද්ද උන දේවල් සියල්ලම දන්න නිසා..
    ඒක නිසා තවත් කදවුරු ගැන උදාහරන දෙන්න පුලුවන් උනත් වඩාත් හොදින්ම දන්න කදවුරු ගැන විතරයි කතා කලේ...
    මං මේ පුහුනුවට 100 %ක් පක්ශයි කියල නම් කොතනවත්ම කියල නෑ...
    මමත් මගේ යාලුවෝ ගොඩක් දෙනෙකුත් පිලිගන්න කාරනාවක් තමා මේ පුහුනුව මීට වඩා සංවිධානාත්මක උනා නම් ගොඩක් හොදයි කියන එක.තව එක එක කදවුරු වල තියන පහසුකම් වෙනස් නිසා ඒවට ගැලපෙන විදියට පුහුනුවත් වෙනස් උනා නම් හොදයි කියන මතයෙත් මං ඉන්නවා...
    මං මුලිනුත් කිව්වා වගේ මේ කාරනා මේකට නොදැම්මේ මේ පෝස්ට් එකේදි මගේ අරමුන උනේ අර කියපු බොරු පෙන්නල දීම විතරයි..එහෙම නැතුව මේ පුහුනුව ගැන රටේ ගොඩනැගිල තියෙන්නේ මොන වගේ තර්කද,ඒවා සාධාරනද නැද්ද ...වගේ දේවල් ගැන කතා කරන එක නෙවේ මගේ අරමුන උනේ...
    ඒත් ඔයා කියනවා වගේ මං මේ අවස්ථාවෙදී මේ වැඩසටහන වෙනුවෙන් පෙනී සිටිනව කියල නම් මං පිලි ගන්නවා...
    හැබැයි මං එහෙම පෙනී සිටින්නේ මේ අවස්ථාවට සාපේක්ශව...!!!!

    මං නැවත්ත කියන්නේ රටේ මේ වැඩසටහන ගැන මතුවෙලා තියන තර්ක වලට පිලිතුරු දීම හෝ ඒවා ගැන කතා කිරීම නෙව් මගේ මේ ලිපියේ අරමුන වෙලා තිබුනේ කියලා..

    ReplyDelete
  11. එහෙම නම් ඔයාගේ අරමුණ මම නොදැකපු එකෙයි ගැටලුව , ඔයා පිලිතුරු දෙන ලිපිය වෙනමම කඳවුරක්ද දන්නෙ නැ නෙ ඔයා විස්තර නොදන්න . ඒ නිසා මෙන්න මේ කඳවුරු වල විස්තර අනුව ඔය ලිපිය බොරු . පුලුවන් නම් ඔය මොන කඳවුරේද කියල කියන්න වගේ දෙයක් ඔයාගේ ලිපියට එකතු වුනා නම් වඩාත් සම්පූර්ණ වෙයි . විවාදාත්ම දේකදි එක පැත්තක් ගැන විතරක් ලියවුණාම බලන අය වැරදි වැටහීමකට එන එක සාමන්‍යයි . එනිසා ලිපියේම ඒ ගැන සඳහනක් කෙරුණා නම් හොඳයි කියල මට හිතෙන්නේ . කොහොම උනත් මේ මගේ යෝජනා විතරයි . ඔයාගෙ කැමැත්තක්

    ReplyDelete
  12. @buwa-ඔව්..ඒ යෝජනා මාත් පිලිගන්නවා..
    ඔහොම පෝස්ට් එකක් දාපු පලවෙනි වතාවනේ...
    කොහොම උනත් අදහස් වලට ස්තූතියි ගොඩාක්..!!!!

    ReplyDelete
  13. නායකත්ව පුහුණුව මොන පරමාර්ථෙන් කලා වුණත් චතු කියන කතාව මමත් පිලිගන්නව. මං විතරක් නෙමෙයි බූස්ස trinco ඇඹිලිපිටිය හොරණ ඇල්පිටිය වගේ කෑමිප්වල හිටිය කවුරුත් පිලිගන්නවා. කොටින් ම අපිට කතාකලේ මිස්ටර් මිස් කියලා. ආණ්ඩුවෙ ප්ලෑන අපි හිතන් ගියාට වඩා මොලෙන් ගහපු දීර්ඝකාලීන එකක් බව අපිටත් තේරුණා. දේශනයක වූණත් වචනයක් පාසා අපි කියන දේ ගැන සැලකිලිමත් වුණා. තව දෙයක්. ආමි එකේ PTIල ඇරුණම අනෙක් අපිට යොදවල තිබුණ හැමෝම officersල. උගත් මිනිස්සු. උඩ link කරල තියෙන තව බොරුවක් ඒක.

    ReplyDelete
  14. @සකුස්--ඔව්..මට ඒ කාරනේ කියන්න අමතක උනානේ...!!!

    ReplyDelete
  15. Nice post. We all know jeppos are pissed over this. It's a shame that the amount of politics involved in SL universities.

    It's just SL and petty minded jvpers are screwing things up, making university students to waste their precious youth to achieve bankrupt jeppas political agenda.

    The university students over here (Aus) have loads of fun stuff to do and time to improve their skills... than holding billboards over insignificant issues.

    Good post!

    ReplyDelete
  16. machan api 1st batch batch eke aya ea nisa apita hodata selakuwa facilities dunna..eath facilities camp eken camp eakata wenas samahara campwala echchara facilities nehe... kohomath api 1st batch eke aya nisai apita hodata selakuwe..mage GF wa set une 2nd batch eketa.. eyalata traning eka tikak though.. eath oya kiyana taram wada deela nam nehe..eath traning eka apita wada serai lu...

    ReplyDelete
  17. Meka oya samaharu kiyanawa wage darunu wadak nam nemei
    man godak ayagen ahala baluwa. Boruwata atha paya ridenawa kiyala PT nogihin hitapu ayath innawa.

    godak ayata penne nati karunak tamayi me wage progrms private cmpny walin tamange employees lata karawanawa laksha ganan wiyadam karala.

    ReplyDelete
  18. thank you very much brother. Wish you all the best for your further education.

    ReplyDelete
  19. අමුලික බොරුවක්,අනාගතේ නායකයෝ වශයෙන් හදිසි අවශ්යතාවයන් වලදී තමා ක්ෂේත්‍රයේ ඉහල මට්ටමේ නායකත්වයක් දීමට (අද ඉන්න රජයේ පාලක මට්ටම් වල කොඳු කඩා ඇත-මේ නවක ඉංජිනේරුවන්,වෛද්‍ය වරුන් ගේත් කොඳු කැඩීමට නොදී ඕනෑම තැනක නොබියව වරදට පෙනීහිටීමට )ලබාදෙන මෙම පුහුණුව පිලිබඳ ඉරිසියාකාර ලොකුපුටුවල සිටින කාලකන්නියන් විසින් කරන මඩ ව්‍යාපාරයක්.
    අනික අවරුදු 16 ක ළමුන් ශිෂ්‍යභට බලකායෙන් පුහුණුව ලබද්දී (මෙය ඔය ඉහත දක්වන සියුමැලි පුහුණුවක් නොවේ -හමුදාමය පුහුණුවකි) ඔය කියන කතුවරයා කොහෙද හිටියේ.
    අද අපි පිට රටවලත් හොඳින් රැකියා කරන්නේ ඒ ලැබුණු පුහුණුව නිසා (මම දැකල තියෙනවා උපාධිදාරී ඉංජිනේරුවෝ අව්වේ විනාඩි 2 ක් ඉන්න බැරුව රස්සාවල් දාල ගියපු හැටි,-මෙකය් ලංකාවේ විශ්වවිධ්‍යලවල දියුණුවෙන්න ඕන පැත්ත).
    මේ වැඩේ දිගටම යන්න ඕන,අපේ මල්ලිලා නංගිලා ශාරීරිකවත්,මානසිකවත්,සමාජීය ලෙසත් ඕනෑම ජීවන මට්ටමකට මුහුණදෙන්න පුළුවන් ශක්තිමත් පරපුරක් වෙන්න ඕන-අපි යනකොට ඒ රස්සාවල් වලට අපේම අය එන්න ඕන/අපේම අය ඉන්න ඕන....

    ReplyDelete
  20. @Tharinduhw122-ඒක නම් ඇත්ත අයියේ...

    ReplyDelete
  21. හොඳ ලිපියක් යාළු.. තනිකර ඇත්ත කතාව!

    ReplyDelete
    Replies
    1. ස්තූතී යාලූ..
      නායකත්ව පුහුනුවට ගියපු මිනිස්සු තමා දන්නේ ඒකෙ ඇත්තටම මොනාද උනේ කියල..
      මේ ගමන එහෙම එකක් නැති එහ හරි අපරාදයක්..ඒ අත්දැකීම වෙන කොහෙන්වත් ගන්න බෑ..!!!

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....