Saturday, September 3, 2011

චතූට 20 යි...!!!


අද (ඒ කියන්නේ සැප්තැම්බර් 3 වෙනිදා) කියන්නේ මගේ ජීවිතේ වැදගත්ම ලස්සනම දවසක්...

මොකද මීට හරියටම අවුරුදු 20 කට කලින් තමා මගේ ආදර අම්ම මාව මේ ලෝකෙට බිහි කරල තියෙන්නේ...(ඉතින් ඒක වැදගත් නොවී තියේදද....)

ඊයේ රෑ ෆෝන් එක ඕෆ් කරල තමා නිදා ගත්තේ (නැත්තම් ඉතින් නිදා ගන්න වෙන්නේ නෑනේ..)

උදේ ෆෝන් එක ඔන් කරද්දි මැසේජ් කෝටියයි(කෝටියක් කිව්වට කෝටියට වඩා දෙකක් විතර අඩුයි..හී)
දවල් වෙලා බුකිය පැත්තටත් ගොඩ වැදුනා..හ්ම්...ඒකෙත් ඉතින් එහෙමම තමා...

අද නැගිටලා ටික වෙලාවක් කල්පනා කලා පහුගිය අවුරුදු 20 ක කාල සීමාවෙදි මං ලබාගෙන තියෙන්නේ මොනාද,මගෙන් සිද්ද වෙලා තියෙන්නේ මොනාද කියල..
බලාගෙන යනකොට මගෙන් සිද්ද වෙලා තියන දෙයක් නෑනේ..(හී..නිකන් කකා බිබී හිටිය විතරයිනේ...)

හැබැයි මට ගොඩාක් දේවල් ලැබිල තියනව...

ඒත් කල්පනා කරනකොට තමා තේරුනේ එක දෙයක් හරියට ලැබිල නෑ කියල..
(As a rule man is  a fool
always ask what is not කියල කියල තියනවලුනේ...
මමත් ඉතින් ඒ වගේ තමා..හී)

ඒ තමා ආදරේ..ආදරේ කිව්ව්ට දෙමාපියන්ගේ වත් යාලුවන්ගේවත් ආදරේ නෙවේ
(අපෝ ඒව නම් තියෙන උපරිමයෙන්ම හම්බු වෙනව මදි නොකියන්න..හී)
කෙල්ලෙක්ගෙන් කොල්ලෙකුට ලැබෙන ආදරේ ...(පොඩ්ඩක් පොඩ්ඩක් නම් ලැබිල තියේ..ඒත් හරියටම නෙවේ..හී)

මේ තියෙන්නේ අම්මයි තාත්තයි මගේ උපන්දිනේට දුන්න තෑග්ග...හී

ඔය ඉන්නේ කොල්ලා ඒකත් ඇදගෙන..හී




මගේ උපන්දිනේට සුබ පතපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියන්න තමා මං මේ පෝස්ට් එක දාන්නයි කියල හිතුවෙ...
වෙන වෙන විකාර කියෙව්වනම් සමා වෙන්න ඕන...හී

13 comments:

  1. අඩෝ පාටිය දෙන්නෙ නැතුව මග ඇරීයා නේද?..ලබන සතියෙ අල්ල ගන්නම්..මුඹට හම්බ වෙච්චි නැති එක මටවත් 20 වෙනකොට හම්බවෙයිද බලමු 20 ට තව හුඟක් කල්නෙ :D

    ReplyDelete
  2. සුභ පතන්නෙක්...September 3, 2011 at 7:36 PM

    ඔන්න සුභම සුභ උපන් දිනයක් වේවා කියලා මමත් සුභ පතනවා. තාම අවුරෑදු 20 නොවෑ ගෙවිලා තියෙන්නේ. ඔයාට හිමි ආදරේ ළඟදිම ලැබේවි. ඉදිරි අනාගතය දීප්තිමත් වෙන්න කියලා පතන්නම්.
    ජය වේවා!!

    ReplyDelete
  3. @මදුශාන්-- දෙන්නම් දෙන්නම් ඉතින්...හී

    @සුභ පතන්නෙක්... --ගොඩාක් ස්තූතී...හ්ම් ....!!!!

    ReplyDelete
  4. ටිකක් පරක්කුයි නේද මල්ලියෝ මම ඒත් ඔන්න ඉතින් සුභම සුභ උපන් දිනයකට මමත් සුභ පතන්වා

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් මල්ලියෝ ,උඹට බය වෙන්න කාරී නෑ හොඳට ඉගෙන ගනින්,එතකොට කවදාවත් නොලැබිච්ච ආදරයක් එකපාර ලැබේවි...එව්වා එහෙම ලේසියෙන් එන්නේ නැහැ හරිද ...හෙහ්..

    ReplyDelete
  6. @දේවා ගේ අඩවිය-- පරක්කු උනාට මොකෝ... හී..තැන්කූ ..!!!
    @Tharinduhw122-- තැන්කූ තැන්කූ....හරි හරී... :DDD

    ReplyDelete
  7. අඩේ...එහෙනම් මාත් මේ පැත්තේ ආව ඔන්න.
    මරු දවසෙ නෙ ඇවිල්ල තියෙන්නේ...
    පහු වුණත් සුභ උපන්දිනයක් කියල පතනව් කොල්ල.පේරෙදි සෙට් වෙමු එහෙනම්.
    (මම බයො සයන්ස්...)

    ReplyDelete
  8. @පිසාචයා-- එල එල....
    අනිව සෙට් වෙමූ...

    ReplyDelete
  9. Better Late than Not කියනවනේ.

    ඔන්න මගෙනුත් උපන්දින සුභ පැතුම්.
    චතූ මල්ලියට අසිරිමත් අනාගතයකට ආසිරි!

    ReplyDelete
  10. ගොඩක් ස්තූතී ගුල්ලා අයියා !!!...

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ම්ම්ම්..එහෙමද?? දුක් වෙන්නෙපා අනේ මේ අවුරුද්දේ එක birthday එක එහෙම හිතට හරියන..බලාපොරොත්තුවෙන ආදරයක් එක්ක සමරන්න ලබේවි.. :)හැබැයි එදාටනම් අපිට party ekak ඔනෙමයි.. :) :)

    ReplyDelete
    Replies
    1. හී...ආ පාර්ටිත් ඕනද..!!!!

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....