Tuesday, March 27, 2012

හොදම කාලේ ,කොයි කාලෙද..?





කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් මොකක්ද ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ කියල,
මොකක්ද දෙන උත්තරේ..??
ම්ම්ම්ම්...
ගොඩක් කට්ටිය කියන්නේ "ඉස්කෝලෙ යන කාලේ තමා මගේ ජීවිතේ හොදමම
 ,පට්ටම කාලේ" කියල නේහ්...

අනෙ මන්ද..චතූට නං එහෙම කියන්න හිතෙන්නෙම නෑනේ දැන්..

මෙහෙමයි...
ඉස්කෝලෙන් අවුට් වෙලා ගෙදරට වාත වෙවී හිටිය කාලේ නං එහෙම නොහිතුනේ නැත්තෙත් නෑ..
ඒත් දැන් නම් එහෙම හිතෙන්නේ නෑ..:O

ඒත් මට නං හිතෙන්නේ ජීවිතේ හොදම ,ලස්සනම කාලේ තමා මේ ඔයා ජීවත්වෙන මේ මොහොත කියල..

බලන්නකෝ මේ මේ ගෙවෙන මොහොත කොච්චර නම් සුන්දරද කියල..!!!

අනික අපි පහුගිය කාලයක් ගැන හිත හිතා ලතවෙන්නේ,ඒ කාලේ මෙච්චර සුන්දරයි ,ඒ කාලේ මෙහෙමයි අරෙහෙමයි කිය කියා වර්තමානෙට සාපේක්ශව කතා කරන්නේ මේ මොහොතේ තමන් ගෙවන ජීවිතේ ගැන තමන්ට තියන නොසතුට නිසා නෙවේද ????

පොඩ්ඩක් හිතල බලන්නකෝ අපි කීයෙන් කී දෙනාද වර්තමානේ ජීවත් වෙන්නේ කියල..

බලන් යනකොට අපි ගොඩාක් දෙනෙක් එක්කෝ අතීතෙ ගැන හිතහිතා දුක් වෙනව..
එක්කෝ අනාගතේ ගැන හිතල දුක් වෙනව..

ඔය කාරනා දෙකට මං දන්න හොදම උදාහරනේ තමා මගේ අම්මයි ,තාත්තයි..




මගේ තාත්ත අතීතේ ගැන වත් අනාගතේ ගැන වත් හිතල කවමදාවත් තැවෙන්නේ නැති චරිතයක්..
ඒත් අපේ අම්ම ඒකේ අනික් පැත්ත..!!!





ම්ම්ම්..මොකද මංද මට මේ ගැන මේ වෙලාවෙ මතක් උනේ..
හ්ම්...මොක උනාම මොකෝ..
ඔන්න ලියල දැම්ම...!!!!

26 comments:

  1. mm...oya hari..eth me mohotha lassana nowunanam kohomada ape jeewithe sundarama mohotha meka wenne...ithin apima thamai warthamana lassana karaganna onee...ethakota me warthamanaya atheethaya wena dawasaka ape atheethayath lassana wenawa nikanma...ethakota mulu jeewithema lassanai... mm.. thaaththa hariyata hari...eth ehema hithanna lesiyen knkta be...hw ever perfect idea... :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ඔව්..අපේ තාත්තා ජීවිතේ ගොඩාක් අමාරු දේවල් වලට බොහොම හොදින් මුහුන දීපු කෙනෙක්..ඒ ගැන ඊලග පෝස්ට් එකෙන් දාන්නම්කෝ..
      ස්තූතීයී..:)))))

      Delete
  2. ඇත්තම කතාවක්. අපේ අප්පච්චිත් ඔය විදිහම තමයි. මමත් ඔය විදිහට ඉන්න පුරුදු වෙනවා. හැබැයි බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ ඔය විදිහම තමයි. නියම POST එක මචං.

    ReplyDelete
    Replies
    1. හ්ම්..මේ විදියට ඉන්න එක හිතට ,ඇගට ,කෝකටත් හොදයි..
      තැන්කූ කිව්ව එහෙනං..!!!

      Delete
  3. mage thaththath oya widiyamaii.. mama jeevithe dinapatha deyak purudu karanwa nam.. e oya widiyata inna ekaii..
    mona de unath thaththi " siyalla wanne hondataya" kiyala.. wade goda da gannawa...
    ithin aniwaryenma.. ape ammath oke anith paththa.

    ReplyDelete
    Replies
    1. හැමතැනම එකම රටාවද මංද..!!! :D

      Delete
  4. මරු... අපේ අප්පච්චිත් ප්‍රස්න වලට මූන දෙන්නෙ හිනා වෙලා. මාත් උත්සහ කරනව එහෙම කෙනෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මමත් තාම එහෙම කරන්න උත්සාහ කරනව..!!!

      Delete
  5. ඇත්තම කිව්වොත් මමත් ඔහොම තමා ! මේ මොහොතේ ජීවත් වෙන එක තමා හොඳම දේ. වර්තමානය සාර්ථක වුනොත් අනාගතය අනිවා සාර්ථක වෙයි. පරාජිත අතීතයක ජීවත් වුනොත් වර්තමානය අපරාදේ, අනාගතය අනතුරේ !!!

    ReplyDelete
  6. .....ජෛවීය විවිධත්වය.....

    ReplyDelete
    Replies
    1. හී..එහෙව් එකකුත් තියේ නෙහ්..!!!

      Delete
  7. මල්ලි හරි මල්ලි....හොඳම දේ තමා මේ මොහොතේ ජීවත් වෙන එක...

    ReplyDelete
  8. "hondama kaale dan inna velaavata vada poddak kalin gevila ivara vunaa " dan thiyenne eke fun eka ganna...

    ReplyDelete
    Replies
    1. හී..ෆන් තමා නේහ්..!!!!

      Delete
  9. ජීවිතේ ලස්සනම කාලේ ගැන හිතන්න ඔයා තාම ලාබාල වැඩියි.. ඔන්න අපිට නම් කියන්න පුළුවන් ඇද කුද නැතුව.. කැම්පස් හිටි කාලේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..වෙන්ඩ පුලුවන්,වෙන්ඩ පුලුවන්..
      ඒත් එහෙම නොවෙන්නත් පුලුවන්..!!!

      Delete
  10. Great post Chathu :)

    Rushika....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා..!!!!

      Delete
  11. ඇත්තම ඇත්ත අයියෝ.......

    ඔන්න අදයි මං මේපැත්තට ආවෙ.....අද ඉඳන් දිගටම එන්නම්....ජය වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතීයී..දිගටම එන්න..!!!

      Delete
  12. මේ මොහොත ගෙවුණාට පස්සේ ගෙවුණු මොහොත ගැන හිතද්දී තමා හිතෙන්නේ ඒ හොඳම මොහොතක් කියලා

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන්නේ අපි අතීතෙ ජීවත් වෙන්න චුට්ටක් විතර ආස නිසා නෙහ්..
      දැන් බලන්නකෝ අපි ඉස්සර රජවරු ගැන මහ ලොකුවට කතා කරනව.ඒත් අපි කරන ඉටිගෙඩියක් නෑ..අන්න ඒ වගේ..

      Delete

හිතෙන දෙයක් ලියලම යන්න....