Tuesday, May 3, 2011

පාටියක් ! පාටියක් !! පාටියක් !!!

පාටියක් කියන්නේ මේක අවුරුදු පාටියක්.....!!!!
හික්....මේක තිබුණේ අපේ චාමර අයියලගේ(නික් නේම් එක කිබුලා හොදේ) ගෙදරනේ....ඔය ඉන්නේ බුවා තමා.... (ඔය  පඩ ඇක්ෂන් එකක් දාගෙන ඉන්නේ....)
ෆොටෝශොප් වැඩ කිවුවොත් චාමර තමා ඉතින්...!!!


ඔය බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ ගයාන් අයියනේ.....මෑන් නේවි එකේ තමා ඉන්නේ....එදා වෙලාවට නිවාඩු...!!!! 
ඔය ඉන්නේ බුවා...!!!






ඔය ඉන්නේ චමිල අයියා....පේන්නේ නැත්ද කන කෑම....(නික් නේම් ඒක තඩියා)කම්පියුටර් & ඉලෙක්ට්‍රොනික් වල කෙළ පැමිණියෙක්නේ...!!!!!! (බලා ඉන්දැද්දි කෙළ විසිවෙනවනේ...) 






ඔය ඉන්නේ රුමේෂ්....කෑමට කියාපු ශූරයා......(නික් නේම් එක කට්ටඩියනේ
ඔන්න බලන්නකො මෑන්ගේ කෑම.....




මේ නළුවා වගේ ඉන්නේ ඉතින් මම බුවා තමා..(මගේ නික් නේම් එක බමුණනේ...ඒක ඉතින් මට උපතින්ම ලැබුණු නමනේ.....) 
දැන් හැබැයි ඔය කොණ්ඩේ නම් කපල දැම්ම....කොණ්ඩේ හින්දා මාර ප්‍රශ්න ගොඩක්නේ අවේ...!!!


/ළි
අද හවස ආරන්චි උණ හැටියට නම් චාමර අයියගෙන් තවත් පාටියක් ලැබෙයි වගේ....!!!!!ඒක දෙන්නේ නම් මේ දවස් වල මොකක්ද මන්දා සතු‍ටු වෙන්න පුළුවන් කාරණාවක් වෙලාය කියනවනේ.....

මේ කාවද මන්ද හම්බවෙලාලුනේ.....!!!!!!අපේ සුබ පැතුම්................ !!!!!

Monday, May 2, 2011

බාන්බඩියේ ක්‍රෙඩිට් සෙල්ලම්....!!!!

හෆ්ෆා....වහිනව වහිනව ඉවරයක් නෑ......එපා වෙනව....!!!!

වෙන කරන්න වැඩකුත් නැති හින්දා ගෑනු ලමයෙක් එක්ක වත් චැට් එකක් දාන්න කියල හිතාගෙන මූනුපොත පැත්තේ ආව...!!!

අපරාදෙ කියන්න බෑ..චැට් නම් බර ගානක් සෙට් උනා....!!
වැඩේ කියන්නේ චැට් එකට ආපු අයගෙන් වැඩි දෙනෙක් ඇහුවේ බාර්න්බඩියේ  ක්‍රෙඩිට් හොයන්න කොහොමද කියලනේ....!!!!!

අම්ම ගහයි බැට් එකන්,හිතා ගන්නකෝ සෙට් එකකට එකම දේ එක එක සැරේකට චැට් එකෙන් කියන්න ගියහම කියන මනුස්සයට දැනෙන සනීපේ.....!!!!! මටත් ආන්න එහේම සනීපයක් දැනුනා මදි නොකියන්නම.....!!!
ඒක හින්ද මන් තීරනය කලා මගේ සිහින විජිතයේ බාර්න්බඩි  ක්‍රෙඩිට් හොයන හැටි කියල පෝස්ට් එකක් දාන්න ඕන කියල.....

ඊට කලින් කියන්න ඕනනේ වැඩ්ඩ වගේ  ක්‍රෙඩිට් හොයන හැටි කියන්න ගියාට මාත් මුලින්ම මේක ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ...මටත් ඕක කියා දුන්නෙ මූනු පොතේ යාලුවෙක්....යාලුවෙක් කිවුවට අයිය කෙනක්....මෑන්ගේ නමත් චතුරන්ග....මෑන් මූනු පොතේ ඉන්නේ චතූ රොක්ස් කියන නමෙන්නේ....!!!

ඉතින් එයා කියල දුන්නෙ නැත්නම් මාත් දන්නෙ නෑ....මොනව උනත් මුල මතක තියෙන්න එපැයි....!!!! එයාට ගොඩක් ස්තූතියි !!!!!!!!

හරි....ක්රෙඩිට් ගන්න නම් අපි මුලින්ම අපේ අනන්යතාවය හන්ගන්න ඕනා...මොකද අපි  ශ්‍රි ලන්කාවෙ ඉදල ජාලගත වෙනව කියල අදුන ගත්තොත් අය අපිට දෙන වැඩ කරල ක්‍රෙඩිට් හොයන එක කලු නික හොයනව වගේ තමා...(මේ හැන්ගිල්ලට කියන්නේ IP හයිඩ් කරනව කියලනේ)

ඒකට ඉතින් පොඩි පහේ සොෆ්ට්වෙයාර් එකක් ඕනා...මන් එකක් නෙවේ 2ක්ම දෙන්නම්කෝ...!!!!

ඔය මුලින්ම තියෙන්නේ මන් පාවිච්චි කරන එක...

Hotspot Shield 


හරිම ලේසියි..හැබැයි මේක හරහා ලොග් උනහම අපි ඇමරිකාවේ ඉන්නව කියල තමා පෙන්නන්නේ...

වෙන රටවල් වල වගේ ලොග් වෙන්න ඕනා නම් මෙන්න මේක ගන්න ඕන....
මේකෙන් රටවල් ගොඩක් දෙනවා අපිට ඕනා රටක් තොරා ගන්න පුලුවන්....

මන් කියල දෙන්නම් ඔය මුලින්ම කියපු හයිඩරේ බාවිතා කරල කොහොමද වැඩේ කර ගන්නේ කියලා....

මුලින්ම ඔය දීල තියන ලින්ක් එක හරහා ගිහිල්ල ඒක ජාලයෙන් බා ගන්න...ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න....දැන් ටාස්ක් බාර් ඒකේ මෙන්න මේ වගේ  එකක් පෙන්නනවා...

දැන් ඒක උඩ රයිට් ක්ලික් කොරලා connect /ON කියලා දෙන්න...
connect උනහම ඔන්න ඔය icon එක කොල පාට වෙනවා..!!!!


දැන් බාර්න්බඩියට ගිහින් ඒකේ තියන Earn credits වලට යන්න...

ඒකෙත් Surveys කියන එකට යන්න....

ඔය තියෙන්නේ කරන්න ඔෆර්ස් සෑහෙන්න....
දැන් ඉතින් කරන එකයි තියෙන්නේ....!!!!
මන් අද කරපු ඒවයේ ෆොටොස් ටිකකුත් දාන්නම්කෝ.....!!!!




මෙන්න මේ ලින්ක් එකටත් ගිහින් බලන්න...මේ බ්ලොග් ඒකේ BB කොයින් & ක්‍රෙඩිට් හොයන එක ගැන හොද විස්තරයක් තියනව....

Thursday, April 28, 2011

මගේ ආත්මය.....!!!

ඔබ ගැන දැනෙන සිතුවිලි වල නිමාවක් නොමැත.
එම සිතුවිලි අමතක කරන්න හදන හැම මොහොතකම
එම මතකයන් වැඩි වැඩියෙන් ගලා
මම නොදනිමි එක මොහොතක්වත්
නුබ මගේ හද තුල මා දැනුවත්ව  නොසිටියත්.....

නමුත්,
මගෙ හද තුල
සිටින එකම පුද්ගලයා නුබයි
මට දැනගන්න පුලුවන්නම් ඔයාගෙ සිතුවිලි
මා ගැන

එවා මොනවා උනත් කමක් නෑ!!!!

මම නුබට ආදරෙයි"

එය කිසි දිනක වෙනස් නොකරමි.......!!


"