Sunday, May 8, 2011

මෙන්න වැඩක් ..හික්..ගයාන් ඩොගෙක් ගෙනත්....!!!

මුලින්ම කියන්නම්කෝ,  ගයාන්  (නික් නේම් නම් වැහි වැහැල.....එකක් දෙකක් කියන්නම්කෝ..හීන් වැල්ල...රේඩාර්...හික්)   කියන්නේ වැලි කෙලියේ පටන් මගේ බොක්කක් ... (ඒ කියන්නේ එල ‍ෆිට් එකක් කියල ....හික්)

මුලින්ම මෑන් ගැන අදුන්නල දුන්නේ ,මෑන් ගැන කියන්න කතා ගොඩාක් තියන බුවෙක් හින්ද...

අපි දෙන්න OL (කිරිඇල්ල සෙන්ට්‍රල් ) කලෙත් AL (සීවල් සෙන්ට්‍රල්)කලෙත් එකම ඉස්කෝලෙ ....
ඒක හින්ද ෆ්‍රෙන්ඩ්ශිප් එක හිතා ගන්න පුලුවන්නේ....
මෑන්  මේ ලගදි ඩොන්ගල් එකක් එහෙම අරගෙන නෙට් එකට සෙට් උනා..(

Gayan Rukman Bandara කියල තමා මූනු පොතේ ඉන්නේ)


අයියෝ මෑන් ගෙන් බේරෙන්න බෑ මිනිහ ගැන පෝස්ට් එකක් දාන්න කියල...හික්

මෑන් ගැන පෝස්ට් එකක් නෙවේ දහයක් දාන්න උනත් දේවල් තියනව.......
ඒක හින්දා මාත් හිතුවා මෑන් ගැන තියන රස වෑහෙන කතන්දර ටික කියන්න ආරම්භයක් ගන්නත් එක්ක මේ පෝස්ට් එක දාන්න....
මෑනුත් කලේ මැත....
දැන් කැම්පස් එන්කම් කිරිකට් ගහනවනේ...ලේසි නෑ..මෑන් සීවලි ටීම් එකේ ඕපනින් බෝල්ර්.....
(මන් හිතන්නේ ඔය කිරිකට් උන මන් දන්න කාලෙක ඉදන් තියනව මෑන්ට...)

ඔය තියෙන්නේ ඩොගා ගන්න ගිය දවසේ මන් ගත්ත් පෝටෝ එකක්....අම්මා ...කොහොමද මෑන්ගේ සතුට...මූනෙන් බේරෙනවා !!!!



එදා තමා මෑන්ගේ දවස ...අම්මා...හා හාපුරා කියල දෙවනි සැරේටත් කෙල්ලෙක්ව හිතට වැදිලා....හික්.....

පලවෙනි එක හිතට වැදුනට හරියට කියාගන්න බැරි උනානේ....(මේ සැරේ එසේ නොවේවා....)

මෑන්ට OL කරන දවස් වල වැදුනා පොඩි මඩ පෝස්ටරයක් එහෙම...මන් කතා හෙමින් සැරේ කියන්නම්කෝ.....

Friday, May 6, 2011

දානයක්..! දානයක්..!! ශ්‍රම දානයක්..!!!!

ම්හ්...ගෙදර ඉන්න හිතෙන්නෙම නෑ.........!!!!!
මං එක්කෙනෙක් ගැන හිතාගෙන ඉන්නවනේ........
මොන...ඒත් එයා මට එච්චර කැමති නෑ වගේ.....


මොනව කරන්න ගියත් එයා ගැන මතක් වෙනවනේ..!!!
(මන් දන්නව එයා මේක දකින්නෙ නෑ කියලා....!!! ඒත් එයාගේ හොදමයාළුවන්ගෙන් කෙනෙක් මේක දකිනව කියල මට ෂුවර්....හික්)ඒක හින්දා උදේම ගෙදරින් එළියට බැස්සා .....

හෆ්ෆා..මෙන්න අපේ ගෙවල් ළග සෙට් එකක් අපේ ගෙවල් වලට එන පාර එළි කරනවා ....මටත් ඉතින් වැඩක් නැති හින්දා හිතුණා ෆුල් බකප් එකක් දෙන්න ඕන කියල කෂ්ටියට...මොනා කිව්වත් පොදු වැඩක්නේ..... 
(මීට කලින් කිසිම පොදු වැඩක් කරල නැති එක වෙනම කතාවක්....හික්)


කොහොම කොහොම හරි මාත් කැමැත්තෙන්ම වැඩේට සෙට් උණා......වැඩේ කරල ඉවර වෙලා බලනකොට අතේ කරගැට තුනක්....හික්....හුග කාලෙකින්නේ වැඩක් කළේ..........

ඔය තියෙන්නේ මගේ ෆෝන් එකෙන් ගහපු ෆොටෝස් වගයක් (එච්චර පැහැදිලි නම් නෑ.....චයිනීස් ෆෝන් වලින් ෆොටෝස් ගත්තහමඑහෙම තමා ඉතින්....!!!!!)










 ඔය ඉන්නේ ඉතින් මං බුවා තමා....හික්














ම්හ්.....ඔයිට වඩා මේ පෝස්ට් එක ලියන්න හිතෙන්නේ නෑ.....මට ආයෙත් අරයව මතක් වෙනවා.....

මොකද මන්දා සිරාවටම ආදරේ කලහම මෙච්චර දුක .....................

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත.....
ඔබෙ සෙවන පමනි මිහිපිට ඇති එකම සම්පත.......


කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ.....
කල්පනා කල පමන මට කල්පනාවක් නැතේ.......

ම්හ්...............................................

Tuesday, May 3, 2011

පාටියක් ! පාටියක් !! පාටියක් !!!

පාටියක් කියන්නේ මේක අවුරුදු පාටියක්.....!!!!
හික්....මේක තිබුණේ අපේ චාමර අයියලගේ(නික් නේම් එක කිබුලා හොදේ) ගෙදරනේ....ඔය ඉන්නේ බුවා තමා.... (ඔය  පඩ ඇක්ෂන් එකක් දාගෙන ඉන්නේ....)
ෆොටෝශොප් වැඩ කිවුවොත් චාමර තමා ඉතින්...!!!


ඔය බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ ගයාන් අයියනේ.....මෑන් නේවි එකේ තමා ඉන්නේ....එදා වෙලාවට නිවාඩු...!!!! 
ඔය ඉන්නේ බුවා...!!!






ඔය ඉන්නේ චමිල අයියා....පේන්නේ නැත්ද කන කෑම....(නික් නේම් ඒක තඩියා)කම්පියුටර් & ඉලෙක්ට්‍රොනික් වල කෙළ පැමිණියෙක්නේ...!!!!!! (බලා ඉන්දැද්දි කෙළ විසිවෙනවනේ...) 






ඔය ඉන්නේ රුමේෂ්....කෑමට කියාපු ශූරයා......(නික් නේම් එක කට්ටඩියනේ
ඔන්න බලන්නකො මෑන්ගේ කෑම.....




මේ නළුවා වගේ ඉන්නේ ඉතින් මම බුවා තමා..(මගේ නික් නේම් එක බමුණනේ...ඒක ඉතින් මට උපතින්ම ලැබුණු නමනේ.....) 
දැන් හැබැයි ඔය කොණ්ඩේ නම් කපල දැම්ම....කොණ්ඩේ හින්දා මාර ප්‍රශ්න ගොඩක්නේ අවේ...!!!


/ළි
අද හවස ආරන්චි උණ හැටියට නම් චාමර අයියගෙන් තවත් පාටියක් ලැබෙයි වගේ....!!!!!ඒක දෙන්නේ නම් මේ දවස් වල මොකක්ද මන්දා සතු‍ටු වෙන්න පුළුවන් කාරණාවක් වෙලාය කියනවනේ.....

මේ කාවද මන්ද හම්බවෙලාලුනේ.....!!!!!!අපේ සුබ පැතුම්................ !!!!!