හිතට එන හැම දෙයක්ම කුරුටු ගාපු තැනක් තමා මගේ සිහින විජිතය කියන්නේ... බොරු කතන්දර නෑ.. ගොඩක් තැන් වල තියෙන්නේ මගේ ජීවිතේදි මට අත්විදින්න සිද්ද උන දේවල්..
Saturday, September 3, 2011
චතූට 20 යි...!!!
අද (ඒ කියන්නේ සැප්තැම්බර් 3 වෙනිදා) කියන්නේ මගේ ජීවිතේ වැදගත්ම ලස්සනම දවසක්...
මොකද මීට හරියටම අවුරුදු 20 කට කලින් තමා මගේ ආදර අම්ම මාව මේ ලෝකෙට බිහි කරල තියෙන්නේ...(ඉතින් ඒක වැදගත් නොවී තියේදද....)
ඊයේ රෑ ෆෝන් එක ඕෆ් කරල තමා නිදා ගත්තේ (නැත්තම් ඉතින් නිදා ගන්න වෙන්නේ නෑනේ..)
උදේ ෆෝන් එක ඔන් කරද්දි මැසේජ් කෝටියයි(කෝටියක් කිව්වට කෝටියට වඩා දෙකක් විතර අඩුයි..හී)
දවල් වෙලා බුකිය පැත්තටත් ගොඩ වැදුනා..හ්ම්...ඒකෙත් ඉතින් එහෙමම තමා...
අද නැගිටලා ටික වෙලාවක් කල්පනා කලා පහුගිය අවුරුදු 20 ක කාල සීමාවෙදි මං ලබාගෙන තියෙන්නේ මොනාද,මගෙන් සිද්ද වෙලා තියෙන්නේ මොනාද කියල..
බලාගෙන යනකොට මගෙන් සිද්ද වෙලා තියන දෙයක් නෑනේ..(හී..නිකන් කකා බිබී හිටිය විතරයිනේ...)
හැබැයි මට ගොඩාක් දේවල් ලැබිල තියනව...
ඒත් කල්පනා කරනකොට තමා තේරුනේ එක දෙයක් හරියට ලැබිල නෑ කියල..
(As a rule man is a fool
always ask what is not කියල කියල තියනවලුනේ...
මමත් ඉතින් ඒ වගේ තමා..හී)
ඒ තමා ආදරේ..ආදරේ කිව්ව්ට දෙමාපියන්ගේ වත් යාලුවන්ගේවත් ආදරේ නෙවේ
(අපෝ ඒව නම් තියෙන උපරිමයෙන්ම හම්බු වෙනව මදි නොකියන්න..හී)
කෙල්ලෙක්ගෙන් කොල්ලෙකුට ලැබෙන ආදරේ ...(පොඩ්ඩක් පොඩ්ඩක් නම් ලැබිල තියේ..ඒත් හරියටම නෙවේ..හී)
මේ තියෙන්නේ අම්මයි තාත්තයි මගේ උපන්දිනේට දුන්න තෑග්ග...හී
ඔය ඉන්නේ කොල්ලා ඒකත් ඇදගෙන..හී
මගේ උපන්දිනේට සුබ පතපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියන්න තමා මං මේ පෝස්ට් එක දාන්නයි කියල හිතුවෙ...
වෙන වෙන විකාර කියෙව්වනම් සමා වෙන්න ඕන...හී
Wednesday, August 31, 2011
ඩූ.....
අද සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් ලිවිල්ල පටන් ගන්න ඕන කියල හිතුව ..
සින්දුවකුත් දාගෙනම වැඩේ පටන් ගත්තා..
මොන ලියන්න මෙලෝ දෙයක් කල්පනා වෙන්නේ නෑනේ...!!
අහ්...ඔන්න කල්පනා උනා පොඩි සිද්දියක්.
මං සෑහෙන කාලයක් තිස්සෙ පාවිච්චි කරපු ෆෝන් එක විකුනලා දාල මේ ලගදි අර ඩූ කියල කියන ෆෝන් එකක් ගත්තනේ(මොනාට ගත්තද මන්ද)
ඔන්න ඉතින් මේ ලගදි දවසක හදිස්සියෙම ඒකේ හෑන්ඩ් ෆ්‍රී එක වැඩ කරන්නේ නැතුව ගියා කියමුකෝ...
ෆෝන් එක කනේ තියාගෙන කතා කරන එක එච්චරම හොද නැති හින්දා මේක ඉක්මනට මාරු කර ගන්න කියල හිතාගෙන වගකීමේ කාර්ඩ් එකත් අරගෙන ගියා ගත්තු තැනට..
වැඩේ කිව්ව විතරයි එතන හිටපු බුවා කියපි
"මල්ලි කරන්න දෙයක් නෑ,ෆෝන් එක සති 2කට දෙන්න පුලුවන් නම් යවල හදල දෙන්නම්" කියල..
කාල වරෙන්කෝ...සති 2ක් ෆෝන් එක නැතුව ඉන්න..!!!
පිස්සු හැදෙයි..
"ඕන නෑ අයිය්යේ" කියල මං නිකමට වගේ අහල බැලුව මේකට හරියන හෑන්ඩ් ෆ්‍රී එකක් වෙනම ගන්න තියේද කියල...
එතකොට ඒකා කියපි "වැඩේ කියන්නේ මල්ලී ,මේ මොඩල් එකට හරියන හෑන්ඩ් ෆ්‍රී එන්නේ නෑනේ"කියපි...
ටවුන් එකේ එක කඩේද තියෙන්නෙ කියල හිතාගෙන කඩෙන් එලියට බැහැලා මුලු ටවුන් එකේම ඇවිද්දා හරියන හෑන්ඩ් ෆ්‍රී එකක් හොයන්න..මොන හරියන එකක් හොයා ගන්න බැරි උනා..!!!
ගෙදර ආවහම හිතුන ඔන්න ඔහේ හෑන්ඩ් ෆ්‍රී එක පොඩ්ඩක් ගලෝලා බලන්න ඕන කියල..
සමහර විට හදන්නත් බැරි වෙන එකක් නෑනේ..!!!
ඔය තියෙන්නේ ලෙඩේ...
වහාම ගත්තා බවුත් එක ..පෑස්සුව..
ෆෝන් එකට හයි කරල බැලුව ...
හික්..ඔය වැඩ කරන්නේ බබා වගේ...
වෙලාවට මට ටවුන් එකෙන් හෑන්ඩ් ෆ්‍රී එකක් හොයා ගන්න බැරි උනේ...
නැත්තම් අපරාදේ මෙ දුප්පතාගෙ පොකට් එකට තවත් කෙල වෙනව..!!!
(පෙරලිච්ච පිට හොදයි අප්පා..)
Monday, July 18, 2011
මගේ ජීවිතේ අලුත් ඇරබුමක්.... !
අද දවස මගේ ජීවිතේ වටිනාම දවස කිව්වොත් ඒක වැරදි නෑ....
මොකද අද තමයි මං මගේ අනාගතය කියන අඩිතාලම උඩ ගේ හදන්න පටන් ගත්තු දවස....
ඔය වල් පල් ඕන නෑ...
කොටින්ම කිව්වොත්අද මං පේරාදෙණිය කැම්පස් එකේ ලියාපදින්චි උණා (ඉන්ජිනේරු පීටෙනේ)
හෆ්ෆා...අපේ සීනියර් අයියල අක්කල ටික මදි නොකියන්න හෙල්ප් කළා රෙජිස්ටර් වෙන වැඩේදි....
(එයාල නැත්තම් අපි පුරවයි අරෆෝම් සෙට් එක.හෆෝ..)
ඒ වගේම තමයි ඉන්ජිනියර් ෆැකල්ටි එකේ හිටපු සේරම කට්ටිය අපි එතනට ගිය වෙලාවේ ඉදන් ආපහු එනකන්ම අපිට මාර විදිහට උදව්කළා...
ඒ සේරෝටම බොහොම ස්තූතියි....
මගේ ජීවිතේ සිද්ධ උණ (විශේෂයෙන් මේ පහුගිය මාස දෙක තුනේදී) සිද්ධි හින්දා කිසිම අරමුණක් නැතුව හිටපු මට දැන් අලුත්අරමුණක් ලැබුණා...
මං ඒ අරමුණ ලගා කර ගන්න මගේ උපරිම උත්සාහය යොදනව...!!
ඒ වගේම මගේ ජීවිතේ හැමදාමත් මගේ ලගින් ඉන්න,මට හොද නරක කියල දෙන මගේ ආදරණීය අම්මටයි තාත්තටයි ගොඩාක් පින්.....ඒ දෙන්න හින්ද තමයි මං අද මේ තත්වේ ඉන්නේ...
මගේ මේ ගමනට හුගාක් යාළුවෝ බොක්කෙන්ම හෙල්ප් කළා...
ඒ අයටත් ගොඩාක් ස්තූතියි......!!!!!
ප/ළි
කකා පහල කොමෙන්‍ටුවකින් පවසා ඇති පරිදි,මෙන්න මං තුමා ජෙට් එන්ජිම අසල සිට ෆොටෝ කෑල්ලක් ගන්නා ලදී...!!!!!!
Subscribe to:
Posts (Atom)






